BREAKING
Top Ad
පුවත්

මෙරට ජනගහණයෙන් 40%ක් අන්ත දුප්පත්කමේ!

T

The Leader

June 15, 2022 • 12:53 PM

මෙරට ජනගහණයෙන් 40%ක් අන්ත දුප්පත්කමේ!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත වලට අනුව මෙරට ජනගහණයෙන්
  • මෙම සංඛ්‍යා ලේඛන ආදාල වන්නේ 2019 වර්ශයටය.
  • වර්තමාන තත්වය යටතේ මෙවැනි ආදයමක් මගින් නිවෙසෙක ආහාර වේල් තුනක් සදහා පවා ප්‍රමාණවත් නොවන බව පැහැදිලිය.
  • එම වර්ශයෙහි පවුලක සාමන්‍ය මාසික රුපියල් 76,414 ක් විය.
අකුරු ප්‍රමාණය (Font Size):

දුප්පත්ම 40% යෙහි මාසික ආදායම රුපියල් 26,931ක් පමණකි.

මෙම සංඛ්‍යා ලේඛන ආදාල වන්නේ 2019 වර්ශයටය. වර්තමාන තත්වය යටතේ මෙවැනි ආදයමක් මගින් නිවෙසෙක ආහාර වේල් තුනක් සදහා පවා ප්‍රමාණවත් නොවන බව පැහැදිලිය.

එම වර්ශයෙහි පවුලක සාමන්‍ය මාසික රුපියල් 76,414 ක් විය.

සාමාන්‍ය කුටුම්භ ආදායම 2019 වසරෙහි දී එළෙස පුද්ගලයන් 3.7 කින් සමන්විත සාමාන්‍ය පවුලක සාමාන්‍ය මාසික ආදායම රුපියල් 75,000 ඉක්ම වූ අතර එය තරමක ආකර්ශනීය එකක් විය. ඒ රාජපක්ෂවරුන් යළි ශ්‍රී ලංකාව විනාශ මුඛයට ඇද ගෙන යාමට පෙරය.

2019 සංඛ්‍යා ලේඛන අනුව වුවද නාගරික, ග්‍රාමීය සහ වතු යන අංශ තුන අතර විශාල විෂමතා ද පැවතුණි.



යහපාලන ආණ්ඩු සමයෙහි මධ්‍යම තලයේ ජන කොටස් ද්‍රරිද්‍රතාවයකට පත්ව නොසිටි බව එම සංඛ්‍යා ලේඛන පෙන්වයි.



මේ රට වසංගතයට රටට කඩා වදුණු අවස්ථාවෙහි සාමාන්‍ය ආදායම් මට්ටමය. කොවිඩ් වසංගතයේ 2020 සහ 2021 වසර දෙක තුළ ආදායම තව දුරතේ පිරිහී ගොස් තිබේ.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කරන ලද නවතම ගෘහස්ථ ආදායම් සහ වියදම් සමීක්ෂණයේ 2019 ප්‍රතිඵල පෙන්නුම් කරන්නේ එවකට නාගරික පවුලක සාමාන්‍ය මාසික ආදායම රුපියල් 116,670ක් වූ බවත් ග්‍රාමීය පවුලක සාමාන්‍ය ආදායම රුපියල් 69,517ක් වූ බවත් සහ වතු අංශයේ පවුලක් මාසිකව ඉපයූයේ රු. 46,865 ක් පමණක් බවයි. 

 
එනම් වතු අංශයේ පවුලක සාමන්‍ය මාසික ආදායම නාගරික අංශයේ පවුල්ක ආදායමෙන් තුනෙන් එකක් තරම් පහළ තිබූ බවයි.


ශ්‍රී ලංකාවේ ආදායම බෙදී යාම හුදෙක් ධනවත් සහ දුගී ජන කණ්ඩායම් වශයෙන් පමණක් නොව වාර්ගික වශයෙන්ද බරපතල වෙනස්කම් පෙන්වයි. වතු අංශය යනු කඳුරට දෙමළ ජනයා ජීවිකාව කරගෙන යන ක්ෂෙත්‍රයයි.


වසංගතයේ වසර දෙක තුළ රටේ ආදායම අධි උද්ධමනය මධ්‍යයේ පහත වැටුණි. 2022 මායි මාසයේ ප්‍රකාශිත නිල පාරිභෝගික මිල දර්ශක පෙන්වන්නේ එහි ප්‍රතිඵලයක් ලෙස වසරක් ඇතුළත මෙරට පවුල්වල‍ට ඔවුන්ගේ නාමික ආදායමේ වටිනාකමෙන් සියයට 40 ක් අහිමි වූ බවයි.


සියයට 80ක්ම ආර්ථික ප්‍රපාතයට!
 
ශ්‍රී ලංකාවේ දුප්පත්ම සියයට 20ක පවුලක් මාසිකව රුපියල් 17,572ක් පමණක් උපයන අතර දුප්පත්ම සියයට 40ක් වන කුටුම්භ රුපියල් 26,931ක් උපයන බව 2019 සමීක්ෂණයෙන් හෙළි වී තිබේ. 2022 මැයි මාසය වන එහි මිලදී ගැනීමේ හැකියාව අවම වශයෙන් සියයට 40කින් පහළ ගොස් තිබේ.

එය සිතා ගැනීමට බැරි තරම් දුගී බාවයකට ජනගහණයෙන් සියයට 50ක් තරම් ඇද දැමීමකි.

මධ්‍යම තලයේ සිටින සියයට 60හි පුද්ගලයන් 3.7 දෙනෙකුගෙන් යුත් පවුලක සාමාන්‍ය මාසික ආදායම රුපියල් 56,079 ක් විය. ඒ ඉහළම ආදායම ලබව සියයට විස්සද ඇතුලත්වය.

 
කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවේ ධනවත්ම සියයට 20ක මාසික සාමාන්‍ය රුපියල් 196,28ක් තරම්ය. එනම් දුගී සියයට 20 මෙන් දස ගණයකටත් වැඩි මුදලකි. එය පසුගිය වසර දෙක තුළ නාමික වශයෙන් වර්ධනය වී තිබිය යුතුය.


නමුත් උද්ධමනය ඉලක්කම් දෙකක් කරා ඉහළ යාමත් සමඟ සැම ජන කොටසකම ජනයාගේ මිලදී ගැනීමේ හැකියාව පසුගිය මාස හය තුළ තියුනු ලෙස පහත වැටුණි. මාර්තු මාසයේ සිටඋද්දමකය පිම්මේ ඉහළ යමින් තිබේ.

මිනිසුන්ගේ ආදායම මත දුෂ්ඨ බද්දක් බවට පත්වන උද්ධමනය හේතුවෙන් පහළම සියයට 40 ක පවුල් දරුණුතම දරිද්‍රතාවයට ඇද වැටෙද්දී ශ්‍රී ලංකාවේ සියයට 80ක කුටුම්භවල ජීවන තත්ත්වය කෙතරම් දරුණු ලෙස බලපා තිබේද යන්න මෙම සංඛයා ලේඛන පිළිබිඹු කරයි.

මේ වනාහී ශ්‍රී ලංකාවේ පාලන දේශපාලනඥයින් විසින් ඇති කරන ලද අර්බූදයක් බව පසුගියදා අන්තර් ජාතික මුල්‍ය අරමුදලේ සභාපතිනියද ද ප්‍රකාශ කළේය.

(සේ. පියවර්ධන විසිනි.)
srilankabrief.org

 


රට වෙනුවෙන් එකතුවන්න 

{gallery}radicalcenter2022531{/gallery}

 

Leader Whats app

 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...