BREAKING
Top Ad
පුවත්

වසංගතයෙන් මියගිය ගණන 41යි : අද මළ අයෙක් කවුද කියා දන්නේ නෑ

T

The Leader

November 10, 2020 • 9:12 AM

වසංගතයෙන් මියගිය ගණන 41යි : අද මළ අයෙක් කවුද කියා දන්නේ නෑ 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සමාජ ව්‍යාප්තියක් නොමැති බවට සෞඛ්‍ය බලධාරීන් සහතික වන කොරෝනා වසංගතය
  •  රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසන්නේ මිය ගිය පුද්ගලයා අවුරුදු 55- 60 ත්  අතර හඳුනා නොගත් පිරිමි පුද්ගලයෙක් බවයි.
  •   නොවැම්බර් 10 අඟහරුවාදා පස්වරු හතයි කාල (19.15)  වන විට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කර තිබෙන නිවේදනයේ දැක්වෙන පරිදි කොරෝනා වසගතය ආසාදනය වීමෙන් මෙරට තුලදී මිය  ගොස් ඇති ගණන 41කි.
  •  මේ අතර පසුගිය දින කිහිපයේ සිදුවූ කොවිඩ් 19 මරණ සම්බන්ධයෙන් සමාලෝචනය කිරීමට කමිටුවක් පත් කිරීමට රජය තීරණය කර තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):

ආසාදනය වීමෙන්  ශ්‍රී ලංකාවේ මෑතදී මියගිය පිරිමියකු හඳුනාගෙන නොමැත.

 රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසන්නේ මිය ගිය පුද්ගලයා අවුරුදු 55- 60 ත්  අතර හඳුනා නොගත් පිරිමි පුද්ගලයෙක් බවයි.

 පශ්චාත් මරණ පරීක්ෂණය සදහා ඔහුගේ දේහය නොවැම්බර් 8 දින ඉදිරිපත් කර ඇති බව පවසන රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ අධ්‍යක්ෂ ජනරාල් නාලක කලුවැව එම පුද්ගලයා හමුවු ප්‍රදේශය හෝ ඔහුගේ දේහය ඉදිරිපත් කර තිබෙන ස්ථානය අනාවරණය කර නොමැත. 

එමනිසාම මියගිය තැනැත්තාට රෝගය වැළඳුනු ආකාරය හෝ ඔහු ආශ්‍රය කළ පුද්ගලයන් හඳුනාගැනීම හෝ අසීරු කටයුත්තක් වී ඇත.  

නොවැම්බර් 10 අඟහරුවාදා පස්වරු හතයි කාල (19.15)  වන විට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කර තිබෙන නිවේදනයේ දැක්වෙන පරිදි කොරෝනා වසගතය ආසාදනය වීමෙන් මෙරට තුලදී මිය  ගොස් ඇති ගණන 41කි.

415

 මේ අතර පසුගිය දින කිහිපයේ සිදුවූ කොවිඩ් 19 මරණ සම්බන්ධයෙන් සමාලෝචනය කිරීමට කමිටුවක් පත් කිරීමට රජය තීරණය කර තිබේ.

 රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ, පසුගිය දින කිහිපයේ දිගින් දිගටම සෞඛ්‍ය අමාත්‍යංශයෙන් කළ ඉල්ලීම්වල ප්‍රතිඵලයක් ලෙස සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් නොවැම්බර් 9 සදුදා  මෙම සමාලෝචන කමිටුව පත් කර ඇති බවයි.

 කොරෝනා වසගත දෙවන රැල්ලත් සමග ඉතා කෙටි කාලයක් තුළ සිදු වූ මරණ 23න් අඩක් ම ගෙදර දී සිදුව ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් ෂෙනාල් ප්‍රනාන්දු අද උදැසන පවසා තිබිණ.

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...