BREAKING
Top Ad
පුවත්

පුහුණුව ලැබ ඇති පොළිස් නිල සුනඛයන් 42ක් වෙන්දේසියට

T

The Leader

April 1, 2025 • 11:42 PM

පුහුණුව ලැබ ඇති පොළිස් නිල සුනඛයන් 42ක් වෙන්දේසියට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පොලිස් නිල සුනඛ කොට්ඨාසයේ පුහුණුව ලැබ ඇති නිල සුනඛයන් 42 දෙදෙනකු වෙන්දේසි කිරීමට එම කොට්ඨාසය පියවරගෙන තිබේ.
  • වෙන්දේසි කරනු ලබන සුනඛයන් 42 දෙනාම නිල සුනඛ පුහුණුව ලැබ පොලිසියට සේවා සපයා සේවයෙන් ඉවත්කර ඇති සුනඛයන් බව පොලිස් නිල සුනඛ කොට්ඨාසය කියා සිටියි.
  • මින් නිල සුනඛයන් 26 දෙනකු පිරිමි සතුන් වන අතර 16 ක්ම ගැහැනු සතුන් වේ.
අකුරු ප්‍රමාණය (Font Size):


මීට අදාළ ගැසට් නිවේදනය පසුගිය 28 වැනිදා නිකුත්කර ඇති අතර වෙන්දේසිය ලබන 05 වැනිදා මහනුවර අස්ගිරියේ පිහිටි පොලිස් නිල සුනඛ කොට්ඨාසයේදී සිදුකිරීමට සැලසුම් කර තිබේ.

වෙන්දේසි කරනු ලබන සුනඛයන් 42 දෙනාම නිල සුනඛ පුහුණුව ලැබ පොලිසියට සේවා සපයා සේවයෙන් ඉවත්කර ඇති සුනඛයන් බව පොලිස් නිල සුනඛ කොට්ඨාසය කියා සිටියි.

මේ අනුව බේල්ජියන් මැලිනොයිස් වර්ගයේ නිල සුනඛයන් 13 ක්ද, ජර්මන් ෂෙපර්ඩ් වර්ගයේ නිල සුනඛයන් 10 දෙනකුද, ඉංග්ලිෂ් ස්පැනියල් වර්ගයේ නිල සුනඛයන් 02 දෙනකුද, රොට්වයලර් වර්ගයේ නිල සුනඛයන් 1ක්ද, ලැබ්රඩෝර් රිට්රීවර් වර්ගයේ නිල සුනඛයන් 06 ක්ද, ඩොබර්මන් පින්ස්වර් වර්ගයේ නිල සුනඛයන් 2ක්ද, කොකර් ස්පැනියල් වර්ගයේ නිල සුනඛයන් 03ක්ද, ගෝල්ඩන් රිට්රීවර් වර්ගයේ නිල සුනඛයෙක්ද, ඇලස්කන් මැලමුට් වර්ගයේ නිල සුනඛයෙක්ද, බුල්මස්ටිෆ් වර්ගයේ නිල සුනඛයෙක්ද, ඩැල්මේෂන් වර්ගයේ නිල සුනඛයෙක්ද, ටෝයි පූඩ්ල් වර්ගයේ නිල සුනඛයෙක්ද වෙන්දේසි කිරීමට නියමිතය.

මින් නිල සුනඛයන් 26 දෙනකු පිරිමි සතුන් වන අතර 16 ක්ම ගැහැනු සතුන් වේ.

( aruna | එෆ්. අස්ලම්)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...