BREAKING
Top Ad
පුවත්

මෙහෙකාර සිසුවිය අපයෝජනය කළාට වසර 45 ක් හිරේ

T

The Leader

November 21, 2023 • 10:56 PM

 මෙහෙකාර සිසුවිය අපයෝජනය කළාට වසර 45 ක් හිරේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රෝගීව එක්තැන්ව සිටින සිය පියා රැකගැනීම සහ පවුල නඩත්තු කිරීමේ වගකීම මව මිය යෑමෙන් අනතුරුව කරට ගෙන නිවසක මෙහෙකාරකමට ගිය
  • මේ වන විටත් විත්තිකරු පදිංචිව සිටි රාජගිරිය ප්‍රදේශයෙන් පළාගොස් සැඟවී සිටින විත්තිකරු දුටු තැන අත්අඩංගුවට ගන්නා ලෙස නියම කරමින් විවෘත වරෙන්තු නිකුත් කළ විනිසුරුවරයා විත්තිකරුට රකින් පිටව යෑම තහනම් කරමින් විදේශ ගමන් තහනමක් ද පැනවීය.
  •   විත්තිකරුට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇතැයි තීරණය කරමින් මෙලෙස දඬුවම් නියම කරන ලද්දේ රාජගිරිය ප්‍රදේශයේ පදිංචි හිමාශ ප්‍රමින්ඩ ගනේගොඩ නමැත්තාට ය.
  • 2003 අප්‍රේල් මස 15 වැනිදා හෝ ඊට ආසන්න දිනයක රාජගිරිය ප්‍රදේශයේදී තරුණියක් අපයෝජනය කළ බවට විත්තිකරුට එරෙහිව චෝදනා තුනක් යටතේ නීතිපතිවරයා නඩු පවරා තිබිණි.
අකුරු ප්‍රමාණය (Font Size):

17 හැවිරිදි පාසල් සිසුවියක අපයෝජනය කිරීමේ චෝදනාවට වරදකරු වූ පුද්ගලයෙකුට වසර 45 ක බරපතල වැඩ ඇතිව සිර දඬුවම් නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැදිගේ, අපයෝජනයට ලක්වූ  දැරිය ට රුපියල් ලක්ෂ 5 ක වන්දියක් ගෙවීමට ද ඊයේ (21) නියම කළේය.

මේ වන විටත් විත්තිකරු පදිංචිව සිටි රාජගිරිය ප්‍රදේශයෙන් පළාගොස් සැඟවී සිටින විත්තිකරු දුටු තැන අත්අඩංගුවට ගන්නා ලෙස නියම කරමින් විවෘත වරෙන්තු නිකුත් කළ විනිසුරුවරයා විත්තිකරුට රකින් පිටව යෑම තහනම් කරමින් විදේශ ගමන් තහනමක් ද පැනවීය.

 විත්තිකරුට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇතැයි තීරණය කරමින් මෙලෙස දඬුවම් නියම කරන ලද්දේ රාජගිරිය ප්‍රදේශයේ පදිංචි හිමාශ ප්‍රමින්ඩ ගනේගොඩ නමැත්තාට ය.


2003 අප්‍රේල් මස 15 වැනිදා හෝ ඊට ආසන්න දිනයක රාජගිරිය ප්‍රදේශයේදී තරුණියක් අපයෝජනය කළ බවට විත්තිකරුට එරෙහිව චෝදනා තුනක් යටතේ නීතිපතිවරයා නඩු පවරා තිබිණි.

මේ සම්බන්ධයෙන් පැවති දීර්ඝ නඩු විභාගයේ දී අපයෝජනයට ලක් වූ තරුණිය අධිකරණයේ සාක්ෂි දෙමින් තමාගේ පියා ඔත්පළව නිවෙසේ එක්තැන්ව සිටින බවත් පවුල නඩත්තු කරමින් සිටි මව හිටිහැටියේ මිය මියයෑමෙන් තමන් අන්ත අසරණ තත්ත්වයකට පත්වූ බවත් පැවසුවාය.

ඔත්පළ ව සිටින පියා නඩත්තු කිරීම සඳහා විශාල මුදලක් අවශ්‍ය වූ හෙයින් පාසල් යන අතරතුර දී ම තමා රාජගිරිය ප්‍රදේශයේ නිවසක මෙහෙකාර කමට ගිය බවත්  ඒ අවස්ථාවේදී නිවසේ හිමිකරු තමා අවස්ථා කීපයකදීම අපයෝජනය කළ බවත් කී අපයෝජනයට ලක් වූ තරුණිය මේ පිළිබඳව කිසිවකුට හෝ කිව්වොත් හමුදාවය යහළුවන් ලවා තමා පැහැරගෙන යන බවට විත්තිකරු තමාට තර්ජනය කළ බව ද කීවාය.

තමා අපයෝජනයට ලක්කිරීමෙන් අනතුරුව ගැබ් ගැනීමෙන් වැළකීම සඳහා ඔහු තමාට උපත් පාලන ක්‍රම සිදුකළ බවද තරුණිය අධිකරණය හමුවේ හෙළි කළාය.

5b256c74fbe5df73f679b5046c062ae5 XL

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...