BREAKING
Top Ad
පුවත්

ලාංකිකයන් 46 ක් ප්‍රංශයේ දී අත්අඩංගුවට - ප්‍රංශ තානාපති, ටිරාන්ට දැනුම්දේ

T

The Leader

September 29, 2022 • 9:42 AM

ලාංකිකයන් 46 ක් ප්‍රංශයේ දී අත්අඩංගුවට - ප්‍රංශ තානාපති, ටිරාන්ට දැනුම්දේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලාංකිකයන් 46 දෙනෙක් නීති විරෝධී සංක්‍රමණිකයන් ලෙස ප්‍රංශයේ දූපත් වලට ඇතුලුවීමට
  • තානාපති එරික් ලැවටු එබව පවසා ඇත්තේ, සුහද හමුවක් සඳහා මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් හමුවීමට අද(26 ) දින මහජන ආරක්ෂක අමාත්‍යාංශයට පැමිණි අවස්ථාවේදීය.
  • ටිරාන් අලස් අමාත්‍යවරයා කළ ඉල්ලීමකට අනුව,  ශ්‍රී ලංකා පොලිසියේ සංචාරක පොලිස් කොට්ඨාශය දියුණු කිරීමට අවශ්‍ය සහයෝගය දක්වන බවට ද ප්‍රංශ තානාපති එරික් ලැවටු සහතික වී ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

උත්සහ කරන අවස්ථාවේදී අත්අඩංගුවට පත්ව සිටින බවත් ඔවුන් හැකි ඉක්මනින් නැවත ශ්‍රී ලංකාවට එවීමට කටයුතු කරමින් සිටින බවත් ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති එරික් ලැවටු පවසයි.

තානාපති එරික් ලැවටු එබව පවසා ඇත්තේ, සුහද හමුවක් සඳහා මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් හමුවීමට අද(26 ) දින මහජන ආරක්ෂක අමාත්‍යාංශයට පැමිණි අවස්ථාවේදීය.

තවදුරටත් ශ්‍රී ලාංකිකයන් නීති විරෝධී සංක්‍රමණිකයන් ලෙස ප්‍රංශයට පැමිණීම වැලැක්වීම සඳහා පොලිසියත්, ආගමන විගමන දෙපාර්තුමේන්තුවත් ප්‍රංශ තානාපති කාර්යාලයත් එක්ව දැනුවත් කිරීමේ වැඩමුළුවක් ප්‍රංශයට අයත් දූපත්වල පැවැත්වීමට සංවිධානය කරමින් පවතින බවද තානාපතිවරයා මෙහිදී අමාත්‍යවරයාට පවසා ඇත.



ශ්‍රී ලංකාවේ ළමා හා කාන්තාවන් වෙනුවෙන් සිදුවන ආසාධාරනයන් වැලැක්වීමෙ අරමුණින් ශ්‍රී ලංකා පොලිසියත් ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති කාර්යාලයත් එක්ව වැඩමුළුවක් සංවිධානය කිරීමට මෙහිදී මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් හා තානාපති එරික් ලැවටූ එකඟතාව ප්‍රකාශ කර තිබේ.



ටිරාන් අලස් අමාත්‍යවරයා කළ ඉල්ලීමකට අනුව,  ශ්‍රී ලංකා පොලිසියේ සංචාරක පොලිස් කොට්ඨාශය දියුණු කිරීමට අවශ්‍ය සහයෝගය දක්වන බවට ද ප්‍රංශ තානාපති එරික් ලැවටු සහතික වී ඇත.

 එසේම, තවදුරටත් ශ්‍රී ලංකාව හා ප්‍රංශය අතර රාජතාන්ත්‍රික සම්බන්ධතා ශක්තිමත් කිරීම ගැනද එහිදී සාකච්ඡා වී තිබේ.

 

 

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

Theleaderx2022

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...