BREAKING
Top Ad
පුවත්

ජනපති යා යුතුයි ! - ඩලස් ඇතුළු මන්ත්‍රීවරු 47ක් තීන්දු කරති

T

The Leader

July 9, 2022 • 2:34 AM

 ජනපති යා යුතුයි ! - ඩලස් ඇතුළු මන්ත්‍රීවරු 47ක් තීන්දු කරති

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය ධුරයෙන් ඉවත් විය යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම ඇතුළු මන්ත්‍රීවරුන් හතළිස් හත් දෙනකු තීරණය කර තිබේ.
  • කොතරම් බලා සිටි ද ජනාධිපතිවරයා ගේ නායකත්වය යටතේ රට යථා තත්ත්වයට පත්වන බවත් නොපෙනෙන නිසා රට ලේ ගංගාවක් බවට පත්ව දේපල ජීවිත හානි සිදුවීමට ඇති බවද ඔවුන්ගේ අදහස වී ඇත.
  • එනිසා ගෝටාභය රාජපක්ෂ දිගින් දිගටම ධුරයේ සිටිය හොත් අවසානයේ බෙදුම්වාදී බලවේග ශක්තිමත් වනු ඇතැයි ද රටේ ස්වෛරීභාවයට තර්ජනයක් වනු ඇති බවද ඔවුන් සාකච්ඡා කර තිබේ.
  • ජනාධිපතිවරයා ඉවත්වීමෙන් පසු පාර්ලිමේන්තුවේ සියලු දෙනාගේ එකඟතාවයෙන් ජේෂ්ඨ දේශපාලන නායකයෙක් ජනාධිපතිවරයා ධුරයට පත් කළ යුතු බව ද ඔවුන් සාකච්ඡා කර ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

ඊයේ පස්වරුවේ පැවති රැස්වීමකදී මෙම පිරිස සාකච්ඡා කර ඇත්තේ රට තුළ ඇතිවෙමින් පවතින තත්වය සැලකිල්ලට ගනිමින් ජනාධිපතිවරයා ගෞරවනීය ලෙස ධුරයෙන් සමු ගෙන නව ජනාධිපතිවරයකු පත් කිරීමට අවස්ථාව උදාකර දිය යුතු බවයි.

කොතරම් බලා සිටි ද ජනාධිපතිවරයා ගේ නායකත්වය යටතේ රට යථා තත්ත්වයට පත්වන බවත් නොපෙනෙන නිසා රට ලේ ගංගාවක් බවට පත්ව දේපල ජීවිත හානි සිදුවීමට ඇති බවද ඔවුන්ගේ අදහස වී ඇත.

එනිසා ගෝටාභය රාජපක්ෂ දිගින් දිගටම ධුරයේ සිටිය හොත් අවසානයේ බෙදුම්වාදී බලවේග ශක්තිමත් වනු ඇතැයි ද රටේ ස්වෛරීභාවයට තර්ජනයක් වනු ඇති බවද ඔවුන් සාකච්ඡා කර තිබේ.

ජනාධිපතිවරයා ඉවත්වීමෙන් පසු පාර්ලිමේන්තුවේ සියලු දෙනාගේ එකඟතාවයෙන් ජේෂ්ඨ දේශපාලන නායකයෙක් ජනාධිපතිවරයා ධුරයට පත් කළ යුතු බව ද ඔවුන් සාකච්ඡා කර ඇත.

මෙම සාකච්ඡාව සඳහා වත්මන් ඇමතිවරුන් තිදෙනෙකුද, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන චරිත හේරත්, නාලක ගොඩහේවා, චන්න ජයසුමන, උපුල් ගලප්පත්ති, උදේන කිරිදිගොඩ, අකිල එල්ලාවල ඇතුළු පිරිසක් එක්ව සිට ඇත.


ගෝඨා යා යුතුමයි - නාලක අවධාරණය කරයි



ජනාධිපති ගෝටාභය රාජපක්ෂ තවදුරටත් ධුරයේ රැඳී නොසිටිය යුතු බව ඊයේ ජූලි 8 දා පුද්ගලික රූපවාහිනී නාලිකාවක වැඩසටහනකට සහභාගී වෙමින්සිටි ආචාර්ය නාලක ගොඩහේවා ඍජුවම ප්‍රකාශ කළේය.

 

ප්‍රශ්නය:
ඔබ හිතන්නෙ ජනාධිවරයා යන්න ඕනෙද ඉන්න ඕනෙද


නාලක :
ඍජුවම ඇහුවොත් මේ වෙලාවේ මේ තියෙන අර්බූධය ජනාධිපතිවරයා දිගටම ඉඳලා විසඳන්න පුළුවන් දෙයක් නෙවෙයි මොකද මේ වෙලාවේ ජනාධිපතිතුමාට ජනතාවගෙන් පිලිගැනීමක් නෑ. පාර්ලිමේන්තුව තුලත් කොපමන බහුතරයක් ඉන්නවාද කියන කාරනය අපට තවම අධ්‍යයනය කරල කියන්න බෑ. නමුත් මේ වගේ විශාල අර්බූදයක් ඇතිවෙච්ච වෙලාවක අපි අළුත් බලාපොරොත්තුවක් දෙන්න ඕනේ ජනතාවට. මේ සියල්ලටම විශ්වාසය කියන එක වැදගත් වෙනවා .

විශ්වාසය නැතුව කිසිම දෙයක් කරන්න බෑ. ජනතාව ආන්ඩුව කරන දේ විශ්වාස නොකරන තුරු ජනතාවගේ සහායක් ලබෙන්නේ නෑ ආන්ඩුවට දුවන්න. ඒ නිසා මේ අපි කතා කරන සියලුම විසඳුම් ක්‍රියාත්මක කිරීම සඳහා ජනතාවගේ විශ්වාසය දිනාගැනීමට නම් විශාල වෙනසක් සිද්ධ වෙන්නට ඕනේ. ඉතින් ඒ විශාල වෙනසේදී වත්මන් ජනාධිපතිවරයා වැදගත් සාධකයක්. ඉතින් ඒ සාධකය එතන තියෙන තුරු ඒ විශ්වාසය ගොඩ නගන්න බෑ කියන මතයේ මමත් ඉන්නවා.


ප්‍රශ්ණය :
ඒ අනුව සෞභාග්‍යයේ දැක්ම ලියපු නාලක ගොඩහේවා වසර දෙකහමාරකට පස්සෙ කියනවා වර්ථ්මාන ජනාධිපතිවරයා තව දුරටත් දූරයේ රැදී සිටිය යුතු නෑ කියලා.

නාලක  :
ජනධිපතිවරයා තවදුරටත් දූරයේ රැදී සිටීමෙන් අර කියන ජනතා විශ්වාසය ගොඩ නගන්න බෑ කියන එක මම විශ්වාස කරනවා.

කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 
 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...