BREAKING
Top Ad
පුවත්

ඩොලර් 48කට රටටම කැළලක් කල ගුවන් තොටුපලේ බලධාරියෝ

T

The Leader

October 13, 2021 • 12:50 AM

ඩොලර් 48කට රටටම කැළලක් කල ගුවන් තොටුපලේ බලධාරියෝ 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ගුවන් යානා වෙත සේවා සැපයීමේදී ශ්‍රී ලංකා ගුවන්තොටුපල හා ගුවන් සේවා සමාගමේ අකාර්යක්ෂම භාවය ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයට දැඩි
  • එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකාවක් ලෙස ඩී .ඩී .
  •   ඒ අනුව ශ්‍රී ලංකාවේ ගුවන් පාලක මැදිරිය හා සම්බන්ධ වූ යානය දහවල් 11.25ට කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපළ වෙත හදිසි ගොඩබෑමක් (Emergency loading) සිදු කරන ලදී.
  •   නැවත මීටර් 500කට ආසන්න දුරක් ගෙවා Silk Route වෙත පැමිණ එම ගෙවීම සිදුකරන විට ප.ව 2.
අකුරු ප්‍රමාණය (Font Size):
බලපෑමක් එල්ල කරමින් ඇතැයි කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ ආරංචිමාර්ග උපුටා දක්වමින් channelnewslanka.com වාර්තා කර තිබේ.
 
විශ්‍රාමික මේජර් ජනරාල් ජී. ඒ. චන්ද්‍රසිරි සී/ස ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමේ සභාපතිවරයා වන අතර උප සභාපති වන්නේ රජිවසිරි සුරියආරච්චි ය. එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකාවක් ලෙස ඩී .ඩී . ලිවේරා (Deirdre De Livera) සේවය කරයි. ඇය අගමැතිවරයාගේ බාල පුත් රෝහිත රාජපක්ෂගේ නැන්දනිය යි.
 
 
Drector board
 
(උපුටා ගැනීම - airport.lk/aasl/company)
 
 
 
පුවත් වාර්තාවට අනුව සිද්ධිය සැකැවින් මෙසේය.
 
 
2021 සැප්තැම්බර් 26 දින පැවති දැඩි අයහපත් කාලගුණික තත්වය මත කලාපයේ ගුවන් ගමන් මෙහෙයුම් සඳහා විටින් විට බාධා ඇතිවිය. 
 
ඒ වන විට ජර්මනියේ ෆ්‍රැන්ෆට් නගරයේ සිට මාලදිවයින දක්වා ගුවන් මගීන් 226 දෙනෙකු රැගෙන ගමන් ගනිමින් තිබූ ජර්මනියේ Condor Air ගුවන් සමාගමට අයත් බෝයිං 767 වර්ගයේ DE2320/26SEP දරණ ගුවන් යානය ශ්‍රී ලංකාවේ ගුවන් කලාපයට ආසන්නව ගමන් ගනිමින් සිටියදී එහි කපිතාන්වරයාට අණ ලැබුණේ මාලදිවයින අවට ගුවන් කලාපයේ ඒ වන විට දැඩි සුළඟ හා කුණාටු තත්වයක් වර්ධනය වී ඇති බැවින් එහි ගමන් නොකර වහාම ළඟම පිහිටි ගුවන් තොටුපලක් වෙත හදිසි ගොඩබෑමක් සිදු කරන ලෙසය.
 
ඒ අනුව ශ්‍රී ලංකාවේ ගුවන් පාලක මැදිරිය හා සම්බන්ධ වූ යානය දහවල් 11.25ට කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපළ වෙත හදිසි ගොඩබෑමක් (Emergency loading) සිදු කරන ලදී.
 
 
සිදුවීම ආරම්භ වන්නේ ඉන්පසුවය:
 
 
මෙවැනි ගොඩබෑමකදී එම අදාල ගුවන් සමාගම වෙත නිශ්චිත කාලයක් ගුවන් තොටුපල තුල යානය නවතා තැබීමට අවසර ලැබෙන අතර ඒ සඳහා නිශ්චිත ගාස්තුවක් හා එම නිශ්චිත කාලය අභිබවා රැඳී සිටින්නේ නම් අමතර කාලයට අදාළව අමතර ගාස්තු ගෙවිය යුතුය. 
 
ඒ අනුව මෙම ගුවන් යානය සඳහා පස්වරු 2.00දක්වා රැඳී සිටීමට අවසර ලැබුණු අතර ප.ව 1.00ට පමණ මාලදිවයින අවට ගුවන් කලාපය යහපත් වූයෙන් DE2320/26SEP දරණ Condor Air ගුවන් යානය ශ්‍රී ලංකාවේ සිට මාලදිවයින දක්වා ගමන් ආරම්භ කිරීමට සූදානම් විය.
 
ඒ අනුව මෙම හදිසි ගොඩ බෑම සඳහා එම ගුවන් සමාගම විසින් ශ්‍රී ලංකාවේ රජයට ගෙවිය යුතු වූ භූමි ගාස්තු හා නවතා තැබීමේ ගාස්තු (Loading & parking charges) සී/ස ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමට(AASL) ගෙවිය යුතු විය.
 
  
සාමාන්‍යයෙන් මෙවැනි අවස්ථාවකදී එම අදාළ ගුවන් සමාගමේ දේශීය නියෝජිත සමාගම මේ සඳහා ඉදිරිපත් වී අවශ්‍ය ගෙවීම් හා සම්බන්ධීකරණ කටයුතු සිදු කළ ද දැනට වසර 20කට ආසන්න කාලයක් තුළ Condor Air ගුවන් සමාගම ශ්‍රී ලංකාවට ගුවන් මෙහෙයුම් සිදු කර නොතිබූ බැවින් ඔවුන්ගේ දේශීය නියෝජිතයකු නොවී ය.
 
 
එහෙත් මෙම හදිසි අවස්ථාවේ යුරෝපීය ජාතික සංචාරකයින් 226 දෙනෙකු හා ළදරුවන් දෙදෙනකු ද සහිත ව අසරණ ව සිටි විදේශීය ගුවන් සමාගම වෙනුවෙන් ආගන්තුක සත්කාර හා ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය රැක ගැනීම වෙනුවෙන් ජාතික ගුවන් සේවය ලෙස ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ කාර්ය මණ්ඩලයන් ස්වෙච්ඡාවෙන්ම ඉදිරිපත් වූ අතර Condor Air ගුවන් සමාගම විසින් ශ්‍රී ලංකා රජයට ගෙවිය යුතු අදාළ ගාස්තු ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගම වෙත (AASL) ගෙවීම සඳහා අවශ්‍ය සම්බන්ධීකරණ කටයුතු වෙනුවෙන් ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ කාර්ය මණ්ඩල සාමාජිකයෙකු යෙදවීම ඔවුන්ට මහත් සහනයක් විය.
 
ඒ අනුව එම ගුවන් යානයේ ප්‍රධාන කාන්තා ගුවන් නියමුවරිය හා පළමු නිලධාරීවරයා අදාල ගාස්තු ගෙවීම සදහා ගුවන් තොටුපල වැඩබලන කළමනාකාරවරයාගේ (Duty Manager) කාර්‍යාලයට රැගෙන ආවද එම අවස්ථාවේ එහි සේවයේ යෙදී සිටි AASL නිලධාරිවරයා විසින් පවසා සිටියේ ඔවුන්ගේ ක්‍රෙඩිට් කාඩ් යන්ත්‍රයේ යම් ගැටලුවක් ඇති බැවින් සෘජු මුදල් ගෙවීමක් සිදු කරන ලෙසය.
 
 එහෙත් ඇ.ඩො 740ක එම මුදල ගෙවීමට නෝට්ටු ඔවුන් සතුව නොතිබූ බැවින් ණය කාඩ්පත හරහා ගෙවීම හැර වෙනත් විකල්පයක් ඔවුන් වෙත නොවීය. 
 
එවිට එම නිළධාරිවරයා ගුවන් නියමුවරිය ගෙන් එම ණය කාඩ්පත ලබාගෙන කිහිප වරක් යන්ත්‍රය ක්‍රියාත්මක කළද පලක් නොවීය. 
 
ඔහු නැවත නැවත එම උත්සාහ කිරීම තුළ සැලකිය යුතු කාලයක් වැය වූ අතර එම ප්‍රමාදය විදේශීය ගුවන් නිලධාරීන්ට දැඩි අපහසුවක් වූයේ නියමිත කාලයට පෙර එනම් පස්වරු 2.00 ට පෙර ගුවන් යානය කටුනායක ගුවන් තොටුපලින් පිටත් වීමට නොහැකි වුවහොත් අමතර ගාස්තු ගෙවීමක්ද සමග ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා රෙගුලාසීන්ට අනුව ගුවන් කාර්ය මණ්ඩල සේවා සීමාවන් (Crew time limitation) ඉක්මවීමෙන් සේවයේ නියුතු කාර්ය මණ්ඩලයන්ට පැය 12ක විවේකයක් ලබාදිය යුතු වන බැවිනි. 
 
  
කොළඹ සිට පැයක ගුවන් ගමනකින් මාලදිවයින වෙත යාමට යහපත් කාලගුණ තත්වයක් උදා වී තිබුණ ද ශ්‍රී ලංකාවේ ගාස්තු ගෙවීමේ ප්‍රමාදය ඔවුන්ට විශාල ගැටලුවක් විය.
 
 
මේ සම්බන්ධයන් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ කාර්ය මණ්ඩලයන් විසින් ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගමේ අදාළ ප්‍රධානීන් දැනුවත් කළ ද ක්ෂණික විසඳුමක් නොලැබුණු අතර ඔවුන් ප්‍රකාශ කරනු ලැබුවේ ගුවන් තොටුපළ Araliya lounge හි ඇති ණය කාඩ්පත් යන්ත්‍රය හරහා ගෙවන ලෙසය.
 
ඒ අනුව එම විදේශීය ගුවන් කාර්‍ය මණ්ඩලය රැගෙන ශ්‍රී ලන්කන් කාර්ය මණ්ඩල සමාජිකයා විසින් ඊට මදක් දුරින් පැවැති Araliya lounge වෙත පැමිණි අතර කණගාටුවට කරුණ වූයේ එහි ණය කාඩ්පත් යන්ත්‍රයද ක්‍රියා විරහිත බව එම කාර්යය නිලධාරී ප්‍රකාශ කිරීමයි. 
 
එහි දී මහත් අසරණ වූ විදේශීය ගුවන් කාර්ය මණ්ඩලය තම පෞද්ගලික ණය කාඩ් පත ඉදිරිපත් කර හැකි නම් ඉන් මුදල් අඩුකර ගන්නා ලෙස දැන්වීය. 
 
එයද අසාර්ථක වූයෙන් ඔවුන් ප්‍රකාශ කරනු ලැබුවේ ගුවන් තොටුපළ මගී පර්යන්ත ඉදිරිපිට පිහිටි “Silk Route” කාර්යාලයේ ණය කාඩ්පත් යන්ත්‍රයක් ඇති බැවින් එහි ගොස් ගෙවීම් කරන ලෙසය.
 
නැවත මීටර් 500කට ආසන්න දුරක් ගෙවා Silk Route වෙත පැමිණ එම ගෙවීම සිදුකරන විට ප.ව 2. 15 පමණ විය. 
 
  
මෙම සරල කාර්යය සඳහා පස්වරු 12:30 සිට 02:15 දක්වා පැයකුත් විනාඩි 45ක කාලයක් වැය කිරීමට විදේශීය ගුවන් කාර්ය මණ්ඩලයන්ට සිදුවිය.
 
 
එහෙත් විශේෂිතම හා කනගාටුදායක කාරණාව වන්නේ මෙම අදාළ සියලු ගෙවීම් සිදුකර ගුවන් කාර්ය මණ්ඩලයන් ගුවන් යානයට පිවිස පිටත් වීමට සූදානම් වන විට අවසන් මොහොතේ සිදුවූ ප්‍රමාදයට අදාළව තවත් ඇ.ඩො 48 ක මුදලක් ගෙවිය යුතු බව ගුවන්තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ බලධාරීන් විසින් Condor Air ගුවන් සමාගමට දැනුම් දීමයි. 
 
එම අය කිරීම ඉතාමත් අසාධාරණ වන්නේ, එම අවසන් ප්‍රමාදයට හේතු වූයේ ඔවුන්ගේම (AASL) අකාර්යක්ෂමභාවය හා අක්‍රමවත්භාවය හේතුවෙන් වීමයි.
 
ඒ වන විටත් ශ්‍රී ලංකාවේ ගුවන් තොටුපොළ සේවාව සම්බන්ධයෙන් දැඩි කළකිරීමකින් පසු වූ විදේශීය ගුවන් කාර්ය මණ්ඩලය මෙම දැනුම් දීමෙන් පසු දැඩි ලෙස කලකිරීමෙන් හා කෝපයට පත් වෙමින් 228ක් වූ තම ගුවන් මගීන් වෙත නිවේදනයක් (Onboard Announcement) මගින් දැනුම් දෙනු ලැබුවේ ශ්‍රී ලංකා රජය මගින් ඇමරිකානු ඩොලර් 48 ක මුදලකට අපට රඳවා ගෙන ඇති බවයි.
 
”The Government of Sri Lanka grounded our Aircraft for 48 US dollars.”
 
මෙම සිදුවීමෙන් පසු එම ගුවන් කාර්ය මණ්ඩලයේ සේවා සීමාවන්ද (Crew time limitation) ඉක්ම වූ බැවින් සියලු ගුවන් මගින් ගුවන් යානයෙන් බස්සවා මගී පර්යන්තය වෙත යැව්වද ඔවුන් වෙත ශ්‍රී ලංකාවේ හොටෙල් පහසුකම් සැපයීම වෙනුවට හැකි ඉක්මනින් ශ්‍රී ලංකාවෙන් පිටත් වීමට ඔවුන්ට අවශ්‍ය විය. 
 
ඒ අනුව ඒ වන විට මාලදිවයිනේ විවේක ගනිමින් සිටි Condor Air කාර්ය මණ්ඩලය මාලදිවයිනේ සිට හැකි ඉක්මනින් එමිරේට්ස් ගුවන් යානයකින් කොළඹට ගෙන්වා ගෙන එදිනම සවස 8.15ට මාලදිවයින බලා පිටත් වූයේ ශ්‍රී ලංකාවේ ගුවන් තොටුපොළ සේවාව පිළිබඳ දැඩි කලකිරීමකිනි. 
 
 
මෙම සිදුවීම ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තරව දැඩි අප්‍රසාදයට පත්වීමක් මෙන්ම ඉදිරියේදී එය සංචාරක ව්‍යාපාරයට දැඩි බලපෑමක් එල්ල කරනු ඇත්තේ ජර්මනිය යනු ශ්‍රී ලංකාවට වඩාත් ආකර්ෂණීය වූ සංචාරක වෙළෙඳපලක් බැවිනි. එහෙයින් මෙම සිදුවීම සම්බන්ධයෙන් සියලු බලධාරීන්ගේ අවධානය යොමු යුතුමය.
 
 
 
 
පිළිතුරුදීමේ අයිතිය :
 
theleader.lkහි පලවී ඇති වාර්තාවකින් යම් පාර්ශවකයට අගතියක් සිදුව ඇත්නම්, ඒ ඕනෑම පාර්ශවයකට පිළිතුරු දීමට ඇති අයිතිය අප පිළිගනිමු. - සංස්කාරක
විද්‍යුත් ලිපිනය leadernews.lk@gmail.com
 
 
 
 
THE LEADER TV 
 
අඩු අත්දැකීම් වලට ඥාණාගේ නුවන ? 
 
 
ජනපති - ශවේන්ද්‍ර කොටවන මෙහෙයුමක් ! 
 
 
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...