BREAKING
Top Ad
ක්‍රීඩා

‘කවදාවත් වියපත් නොවන ආශ්චර්යය’: 48 හැවිරිදි කෙන්යානුවා පිට පිට තෙවැනි වරටත් සූරිච් මැරතන් දිනයි

T

The Leader

April 23, 2025 • 6:19 AM

‘කවදාවත් වියපත් නොවන ආශ්චර්යය’: 48 හැවිරිදි කෙන්යානුවා පිට පිට තෙවැනි වරටත් සූරිච් මැරතන් දිනයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • 48 හැවිරිදිව සිටියදීත් තවමත් මැරතන් තරග ජයග්‍රහණය කරමින් සිටින කෙන්යාවේ මාක් කිප්ටූ (Mark Kiptoo) හඳුන්වනු ලබන ‘සදාතන අරුමය’ නමැති අන්වර්ත නාමය ඔහුට හොඳින් ගැළපෙනවා.
  • තමාගේ උපරිම දක්ෂතා යුගය පසුකර ඇතැයි නිතර සලකා බැලෙන ධාවකයෙකුට මේ කාලය විස්මයජනක හපන්කමක්.
  •   කිප්ටූ මීට පෙර 2023 හා 2024 වසරවලදී ද සූරිච් මැරතන් තරගය ජය ගත්තා.
  • මෙය දෙවැනි වන්නේ ඔහුගේ M45+ මාස්ටර්ස් මැරතන් ලෝක වාර්තාව වන 2:09:12 ට පමණයි.
අකුරු ප්‍රමාණය (Font Size):

 

සිය ක්‍රීඩා දිවියේ හොඳම කාලයන් තවමත් වාර්තා කරමින් සිටින මේ මැරතන් ධාවකයා අප්‍රේල් 13 වැනි ඉරිදා ස්විට්සලන්තයේ පැවති සූරිච් මැරතන් තරගය පිට පිට තෙවැනි වතාවටත් ජයග්‍රහණය කළේ පැය 2යි: මිනිත්තු 09යි: තත්පර 16ක් සටහන් කරමින්. තමාගේ උපරිම දක්ෂතා යුගය පසුකර ඇතැයි නිතර සලකා බැලෙන ධාවකයෙකුට මේ කාලය විස්මයජනක හපන්කමක්.

 

කිප්ටූ මීට පෙර 2023 හා 2024 වසරවලදී ද සූරිච් මැරතන් තරගය ජය ගත්තා. මේ වසරේදී ඔහු සටහන් කළේ මේ තරග මාර්ගයේ ඔහුගේ දෙවැනියට වේගවත්ම කාලය. මෙය දෙවැනි වන්නේ ඔහුගේ M45+ මාස්ටර්ස් මැරතන් ලෝක වාර්තාව වන 2:09:12 ට පමණයි. මේ අනුව සිය 45-49 වයස් කාණ්ඩයේ කිප්ටූගේ ම ලෝක වාර්තාවට වඩා මෙවර ඔහුගේ සූරිච් කාලයේ වෙනස වී තිබුනේ තත්පර හතරක් පමණයි. මෙය වයස් කාණ්ඩ වාර්තාවක් නොවූව ද, එය 48 හැවිරිදි වියේ පසුවන පුද්ගලයෙකුගෙන් ප්‍රදර්ශනය වූ එදා මෙදා තුර වේගවත්ම මැරතන් ධාවනය යි.

අමෙරිකා/කෙන්යා ජාතික Bernard Lagat විසින් M45+ වයස් කාණ්ඩයේ කළින් පිහිටුවා තිබූ 2:14:23 වාර්තාව මිනිත්තු පහකින් මකා දමන විට කිප්ටූගේ වයස වී තිබුනේ අවුරුදු 46ක්.

bh68787889053575676867
තමන්ගේ තරුණ වියේදී හෝ තරුණ වැඩිහිටියෙකුව සිටියදී හෝ මැරතන් ධාවනයට පිවිසෙන අනෙකුත් බොහෝ කෙන්යානුවන් මෙන් නොව කිප්ටූ ඔහුට වයස විසි ගණන්වල මැද වනතුරු ම දිවීම ආරම්භ කළේ නැහැ. ඔහු මැරතන් ධාවනය ආරම්භ කළේ කෙන්යානු හමුදාවන්ට සේවය කරමින් සිටියදී. කිප්ටූ ප්‍රථම වතාවට 2007 වසරේදී කෙන්යාව වෙනුවෙන් ජාත්‍යන්තර මට්ටමෙන් තරග කළේ ඔහුට වයස 31ක්ව තිබියදී.

 

‘කවදාවත් වියපත් නොවන විස්මය’ යන නම පටබැඳුනු කිප්ටූගේ හොඳම දක්ෂතාව වන්නේ 2015 වසරේ Eindhoven මැරතන් තරගයේ සටහන් කළ 2:06:00 කාලය.

එහෙත් ඔහු පසුගිය වසර හතරෙන් තුනකදී ම පැය 2යි මිනිත්තු 10 ට අඩු කාලයන් වාර්තා කර තිබෙනවා. කිප්ටූ අප්‍රේල් 13 වැනිදා සූරිච් මැරතන් තරගය ජයග්‍රහණය කළේ ඔහුගේ කෙන්යානු ස්වදේශික තරගකරු Joel Kipsang Kositany (2:11:25) සටහන් කළ දෙවැනි ස්ථාන කාලය අතර මිනිත්තු දෙකක සැලකිය යුතු පරතරයකින්.

Zurich52844929068 e5b09b4d81 o 1200x675

 

මාක් කිප්ටූ 2026 වසරේ ජූනි මස 21 වැනිදා 50 වැනි වියට පා තබනවා. ඔහුට ඒ වනතුරු ඔහුගේ සූරිච් ජයග්‍රාහී දක්ෂතාව දීර්ඝ කිරීමට හැකිවුවහොත් 2:10 මැරතන් ධාවනයක යෙදුනු පළමු 50 හැවිරිදි පුද්ගලයා ලෙස ඉතිහාසගත වීමේ අවස්ථාවක් මේ දුර දිවීමේ දිරිය ක්‍රීඩකයා ඉදිරියේ තිබෙනවා.

warnan Gunasekara(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...