BREAKING
Top Ad
පුවත්

කොරෝනා : 90%ක ආරක්ෂාව සලසන 'සන්ධිස්ථානයක්' වැනි එන්නතක්

T

The Leader

November 9, 2020 • 10:43 AM

කොරෝනා : 90%ක ආරක්ෂාව සලසන 'සන්ධිස්ථානයක්' වැනි එන්නතක්  

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • 90% ට වැඩි ප්‍රමාණයකින් පුද්ගලයින් කෝවිඩ්-19 වැළඳීමෙන් වැළැක්විය හැකි
  •   මෙය "විද්‍යාව හා මානව හිතවාදී බව සම්බන්ධයෙන් විශිෂ්ඨ දිනයක්" ලෙසට එන්නතේ නිපැයුම්කරුවන් වන Pfizer සහ BioNTech විසින් පෙන්වා දෙනු ලැබ ඇත.
  •   රටවල් හයක පුද්ගලයින් 43,500ක් මත එන්නත අත්හදා බලා ඇති අතර සුරක්ෂාව පිළිබඳ ගැටලුවක් පැන නැගී නැත.
  •   අප සියලු දෙනාගේ ජීවිත මත පැටවී ඇති බාධක ඉවත් කිරීමේ හොඳම මග - සාර්ථක ප්‍රතිකාර එක්ව යන - එන්නතක් බව හඳුනාගෙන තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):
පළමු කොරෝනාවෛරස එන්නත බිහිවී ඇති බව මූලික විශ්ලේෂණවලින් පෙන්වා දී තිබේ.
 
මෙය "විද්‍යාව හා මානව හිතවාදී බව සම්බන්ධයෙන් විශිෂ්ඨ දිනයක්" ලෙසට එන්නතේ නිපැයුම්කරුවන් වන Pfizer සහ BioNTech විසින් පෙන්වා දෙනු ලැබ ඇත.
 
රටවල් හයක පුද්ගලයින් 43,500ක් මත එන්නත අත්හදා බලා ඇති අතර සුරක්ෂාව පිළිබඳ ගැටලුවක් පැන නැගී නැත.
 
මෙම මාසය අවසානය වන විට, එන්නත භාවිතය සඳහා හදිසි අනුමැතියකට අයදුම් කිරීමට අදාළ සමාගම් සැලසුම් කරති.
 
මෙම මාසය අවසානය වන විට, එන්නත භාවිතය සඳහා හදිසි අනුමැතියකට අයදුම් කිරීමට අදාළ සමාගම් සැලසුම් කරති.
 
අප සියලු දෙනාගේ ජීවිත මත පැටවී ඇති බාධක ඉවත් කිරීමේ හොඳම මග - සාර්ථක ප්‍රතිකාර එක්ව යන - එන්නතක් බව හඳුනාගෙන තිබේ.
 
එන්නත් දුසිමක් පමණ ඒවායෙහි අවසන් අදියරවල අත්හදාබැලීමෙහි යොදවා ඇති අතර ඉන් පළමු වරට සාර්ථක ප්‍රතිඵලයක් අත්කර දී ඇත්තේ මෙම එන්නත ය.
 
Ingection.2
මෙය සම්පූර්ණයෙන් ම පර්යේෂණමය ප්‍රවේශයක් - වෛරසයේ ජානමය කේතයේ කොටසක් එන්නත් කිරීමද ඇතුළත් - වන අතර එයින් ප්‍රතිශක්තිකරණ පද්ධතිය පුහුණු කිරීම අපේක්ෂා කෙරේ.
 
අතරමැදි සති තුනක විරාමයක් අවශ්‍ය කෙරෙන මාත්‍රා දෙකක් මින් ලබා දේ. 
 
එන්නතේ දෙවෙනි මාත්‍රාව ලබාදී දින 7 ක් ගෙවී ගිය තැන 90% තරම් ආරක්ෂාවක් ළඟා කරගත හැකි වූ බව එක්සත් ජනපදය, ජර්මනිය, බ්‍රසීලය, ආර්ජන්ටිනා, දකුණු අප්‍රිකාව හා තුර්කිය යන රටවල කරන ලද පරීක්ෂණවලදී පෙන්වා ඇත.
 
මෙම වසර අවසානය වනවිට මාත්‍රා මිලියන 50ක් සැපයීමට හැකිවනු ඇති අතර වසර 2021 අවසානය වනවිට මාත්‍රා බිලියන 1.3ක් පමණ සැපයිය හැකි බවට විශ්වාසය Pfizer පළ කරයි.
 
කෙසේවෙතත්, සෙල්සියස් සෘණ 80 ට පහළින් වූ අධි ශීත තත්ත්වයක එන්නත රඳවා ගත යුතු බැවින්, එන්නත සැපයීමේ අභියෝග මතු කළ හැකිය.
 
''කෙසේවෙතත්, සෙල්සියස් සෘණ 80 ට පහළින් වූ අධි ශීත තත්ත්වයක එන්නත රඳවා ගත යුතු බැවින්, එන්නත සැපයීමේ අභියෝග මතු කළ හැකිය.''
 
ප්‍රතිශක්තිකරණය කොපමණ කලක් පවතීද යන්න සම්බන්ධයෙන් ද ගැටලු පවතී.
 
"මෙම ගෝලීය සෞඛ්‍ය අර්බුදය අවසානය කරා ගෙන ඒමට සහය විය හැකි, වඩා අවශ්‍යව තිබූ සොයා ගැනීම ලොව පුරා ජනතාව වෙත සම්පාදනය කිරීමේ ඉතා සුවිශේෂී ආසන්න පියවරට අප ළඟා වී සිටිනවා" යැයි Pfizer හි සභාපති ආචාර්ය ඇල්බර්ට් බොර්ලා පැවසීය.
 
BioNTech හි සමාරම්භකයෙකුවන මහාචාර්ය උගුර් සහීන් මෙම ප්‍රතිඵලය පෙන්වා දුන්නේ "සන්ධිස්ථානයක්" ලෙසිනි.
 
එක්සත් රාජධානිය මේවන විට මාත්‍රා මිලියන 30 ක් ඇණවුම් කර තිබේ.
 
(BBC සිංහල සේවය- බීබීසී සෞඛ්‍ය කටයුතු පිළිබඳ වාර්තාකරු ජේම්ස් ගැලගර් (James Gallagher) සකස් කළ වාර්තාවක් ඇසුරිණි)
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...