BREAKING
Top Ad
මහජන ව්‍යවස්ථාව

ඒකාධිපති ලියවිල්ලක්ද? ජනතා සහභාගිත්ව ව්‍යවස්ථාවක් ද? -(විරාජ් කාලිංග)

T

The Leader

November 29, 2021 • 2:25 AM

ඒකාධිපති ලියවිල්ලක්ද? ජනතා සහභාගිත්ව ව්‍යවස්ථාවක් ද? -(විරාජ් කාලිංග)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙතරම් අශිලාචාර, නීතියකින් තොර කාල වකවානුවක් මින් පෙර කිසිදු පාලක පක්ෂයක් යටතේ නොවු බව විශ්වාසයි.
  • එසේ රැඳී සිටීමට අවශ්‍ය නීති අණපනත් වෙනස් කිරීම සඳහා රටේ ව්‍යවස්ථාව හිතුවක්කාර ලෙස වෙනස් කිරීම දැන් දියත් කෙරෙමින් තිබෙන ප්‍රධාන මෙහෙයුමයි.
  • තුනෙන් දෙකක බලයක් දී නිර්මාණය කර ඇති මේ බුල්ඩෝසරය නැවැත්වීමට, වලව් පාලකයින්ට ඡන්දය දුන් නොදුන් සියලු දෙනා එක්ව කටයුතු කළ යුතුයි.
  •  වර්තමාන ලෝකය හඳුනා ගන්නා සියලුම මූලික මිනිස් අයිතිවාසිකම් ජනතා සහභාගිත්වයෙන් හැදෙන නව ව්‍යවස්ථාවේ ඇතුළත් විය යුතුය.
අකුරු ප්‍රමාණය (Font Size):



දූෂිත ගනුදෙනු වෙනුවෙන් ජනතාවගේ පරමාධිපත්‍ය බලය මහ දවල් අමු අමුවේ සමූහ දූෂණයකට ලක් කරමින් අත්තනෝමතික ලෙස ඒ දේශපලන බලය උපරිම ලෙස යොදවන මැති ඇමතීන් ඇතුළු ඔවුන්ගේ ඔඩොක්කු කුක්කන් මෙන්ම, ඒ හොර නඩයට නායකකම සපයන හැට නම ලක්ෂයක් ජනතාව රැවටූ දුර්වල වංචනික සහ අකාර්යක්ෂම ජනාධිපතිවරයා පලවා හැරීමට ජනතාව වැඩි වැඩියෙන් සක්‍රියව දායක වීමට කාලයයි.

 

පාලනයකින් තොරව සිදුවන වංචා හා දූෂණ පක්ෂය තුළම ඇති අසමඟිකම් වලින් පෙන්නුම් කරන්නේ මේ පාලනයේ අවසාන කාලයට එළැඹ ඇති බවයි. මහා පරිමාණයෙන් සිදුවන අතයට ගනුදෙනු වලින් කෙරෙන්නේ ඒ පලා යාමට අවශ්‍ය මිල මුදල් ධනය වස්තුව රැස්කර ගැනීමයි.

 

ජනතාව විසින් මහින්ද රාජපක්ෂව ජනේලයේ එල්ලූ දා සිට මොවුන් සහ මොවුන්ගේ අනුගාමිකයින් පසුවන්නේ බද්ධ වෛරයකින්. මොවුන් නැවත බලයට එන්නේ පෙර අවස්ථාවේ සිදුකරගැනීමට කල් මදි වූ චෝදනා නඩු විභාග කිහිපයක් ආපසු හැරවීමට හෝ රටේ නීතිය වෙනස් කර ඔවුන් සදාකල් පාලක පුටුවල රැඳී සිටීමටයි.

එසේ රැඳී සිටීමට අවශ්‍ය නීති අණපනත් වෙනස් කිරීම සඳහා රටේ ව්‍යවස්ථාව හිතුවක්කාර ලෙස වෙනස් කිරීම දැන් දියත් කෙරෙමින් තිබෙන ප්‍රධාන මෙහෙයුමයි.

 

නැවත වරක් "සිංහල බෞද්ධ" නාමයෙන් මුළු රටම දරුණු අගාධයකට තල්ලු කර දමමින්, ජනශිපති ගෝඨාභය විසින් ගෙන ඒමට අරඅඳින ව්‍යවස්ථාව කරලියට ගෙන ඒම හරහා ඉතාමත් දරුණු මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමකදී වුව රටේ ජනතාවට හඬක් නො නැගිය හැකි පරිදි වෙනස් වීමට නියමිත මේ ව්‍යවස්ථාව, මේ දැන් සිදුවී තිබෙන ආර්ථික පරිහානියට වඩා සියදහස් ගුණයක පීඩාවක් සහ පීඩනයක් මුළු රටේම ජනතාව මත එල්ල කරනු ඇත.

 

නඩු නැති  මිනීමැරුම් සහ ස්ත්‍රී දූෂන, අධික දරිද්‍රතාව, මහා දවල් සිදුවන දේපල කොල්ල කෑම්, දුර්වල මානවහිමිකම් ඉතිහාසයකන් සහිත රටවල් සමඟ සිදුවන දුෂිත ගනුදෙනු වලින් පිරුණු අඳුරු අනාගතයක් නිර්මාණය වීම ගෝඨාභයගේ ව්‍යවස්ථාව පසුපස ජනතාවට ඇති අභියෝගයයි.

රටක ජනතාවගේ ඉරණම තීන්දු කරන ඉතාමත් ගෞරවාන්විත ලියවිල්ලක් වන ව්‍යවස්ථාව සකස් කිරීම කියන්නේ මුළු මහත් ජනතාවගේ කැමැත්ත අභිමතය සහ අදහස් එකතු කර දැනුවත් කරමින් සිදුවිය යුතු ජාතික කටයුත්තක්. එවැනි භාරදූර කටයුත්තක් ගෝඨාභය වැනි දුර්වල, එදිනෙදා රාජ්‍ය පාලන කටයුතු හෝ කරගැනීමට පිරිස් බලයක් හෝ  බුද්ධි බලයක් නොමැති පටු පුද්ගලයෙකුට පවරා ගැනීමට ඉඩ හැරීම කබලෙන් ලිපට වැටී සිටින ශ්‍රී ලාංකික ඔබට මේ අවස්ථාවේ කල හැකි අන්ත මරි මෝඩම ක්‍රියාවයි.

රට බේරා ගැනීම සඳහා හැට නම ලක්ෂයක් "හිස්"ගෙඩි ගත් කොහෙත්ම දුරදක්නා නොවන තීන්දුව රිවස් කිරීම වහ වහාම ක්‍රියාත්මක කළ යුතුයි. තුනෙන් දෙකක බලයක් දී නිර්මාණය කර ඇති මේ බුල්ඩෝසරය නැවැත්වීමට, වලව් පාලකයින්ට ඡන්දය දුන් නොදුන් සියලු දෙනා එක්ව කටයුතු කළ යුතුයි.


අපේ රටේ ව්‍යවස්ථාව අප සහභාගිවී අප විසින් ලියා අපව පාලනය කිරීමට අප විසින්ම ස්ථාපනය කළ යුතු පරම ශුද්ධවූ ලියවිල්ලයි.  වර්තමාන ලෝකය හඳුනා ගන්නා සියලුම මූලික මිනිස් අයිතිවාසිකම් ජනතා සහභාගිත්වයෙන් හැදෙන නව ව්‍යවස්ථාවේ ඇතුළත් විය යුතුය. යෝජිත ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවට සෘජු ප්‍රජාතන්ත්‍රවාදය හැකි උපරිමයෙන් මේ ව්‍යවස්ථාව තුළ අඩංගු විය යුතුය. ජනතාව පත්කර යවන පාලකයන් යම් අවස්ථාවක දී ජනතාවගේ කැමැත්තෙන් ආපසු කැඳවීමට අවශ්‍ය ප්‍රතිපාදන මේ ව්‍යවස්ථාව තුළ තිබිය යුතුය.


ජනතා සහභාගීත්වයෙන් එවැනි ව්‍යවස්ථාවක්  සම්පාදනය කිරීමේ වැඩසටහන් කිහිපයක්ම කලින් කළ පසුගිය කාලයේ අපිට දකින්න ලැබුණා. ඒ සියලු වැඩසටහන් එක් අරමුණක් වෙනුවෙන් යොමු වීමට සුදුසුම කාලය දැන් එළැඹ තිබෙනවා. නව මාධ්‍ය භාවිතා කරමින් අති විශාල ජනතා සහභාගීත්වයකින් ක්‍රියාකාරීව සිදුවිය යුතු එක් ව්‍යවස්ථා සම්පාදන වැඩසටහනක් ලෙස ඉදිරියට ගැනීම සඳහා සියලුම සංවිධාන ගම් මට්ටමේ සිට ජාතික තලය දක්වා එක්ව අත්වැල් බැඳගත යුතුයි.

ඉහත ජන සහභාගිත්වයෙන් සකස් වෙන ව්‍යවස්ථාව අප රටේ ව්‍යවස්ථාව ලෙස පිළිගැනීම සඳහා අවශ්‍ය බලය එම ව්‍යවස්ථා සම්පාදන කර්තව්‍ය තුළ ගොඩ නැඟිය යුතුයි. මෙය ලෝකයේ සාමකාමී සහ ගෞරවාන්විතව ජීවත් වීමට සුදුසු පරිසරයන් සහිත රටවල දැන් පිළිගන්නා ක්‍රමයයි.

පුරවැසියෙක් ලෙස මේ ව්‍යවස්ථා සම්පාදන වැඩසටහන් වලට සහභාගී වීම ඒ ගැන දැනුවත් වීම සහ එම වැඩසටහන තුළදී සක්‍රීයව ඔබගේ අදහස් දැක්වීම් හරහා මහා ඓතිහාසික කාර්යභාරයක කොටස් කරුවකු වීමට ඔබටත් හැකියි!



IMG 20211129 WA0053(විරාජ් කාලිංග)
සමාජ ක්‍රියාකාරී
අගෝස්තු 29, 2021





 
 

THE  LEADER  TV



අපමණ ගලියක් ගොඩ අදී ! | මොණරවිලගේ ලියමන

 

 

සෑර් ගිනස් පොතට ! | මොණරවිලගේ ලියමන

 



සර් ප්‍රජා අයිතිය අහෝසි කරන ගේම මෙහෙමෙ ගහන්න !


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...