BREAKING
Top Ad
මහජන ව්‍යවස්ථාව

ලංකාව 'චිලියක්' කරමු! - වික්ටර් අයිවන්

T

The Leader

November 30, 2021 • 11:29 PM

ලංකාව 'චිලියක්' කරමු! - වික්ටර් අයිවන්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ආණ්ඩුව ඔවුන්ගේ කූට ව්‍යවස්ථා සම්පාදන වැඩසටහන හකුළා ගත්තත් ‘මහජන ව්‍යවස්ථා සම්පාදනයක්’ දිනා ගැනීම සඳහා අප නගන හඬ අප අත නෑරිය
  • එහි ඇත්තේ ද අපේ වැනි ම වූ 1980 ඒකාධිපති ෆිනොචෙගේ පාලන කාලයේ හදාගත්, 15 වතාවක් සංශෝධනය කරන ලද අවලස්සන ව්‍යවස්ථාවකි.
  • 2019 ඔක්තෝබර් 25 වනදාවක චිලියේ නව මහජන ව්‍යවස්ථාවක් වෙනුවෙන් පෙනී සිටින සංවිධානවල, සන්ධානයක කැඳවීමක් අනුව මිනිස්සු මහජන ව්‍යවස්ථාවක් වෙනුවෙන් පාරට බැහැලා උද්ඝෝෂණය කළා.
  • එදින සන්තියාගෝ නගරයට එකතු වුන මහජනයාගේ සංඛ්‍යාව ලක්ෂ 12 ක් ලෙස වාර්තා වුනා.
අකුරු ප්‍රමාණය (Font Size):

යුතුයි.

චිලී රටෙන් ලංකාවේ අපට උගත හැකි හා අපේ ආස්වාදයට හේතුවන දෙයක් දැන් සිදුවෙමින් ඇත. එහි ඇත්තේ ද අපේ වැනි ම වූ 1980 ඒකාධිපති ෆිනොචෙගේ පාලන කාලයේ හදාගත්, 15 වතාවක් සංශෝධනය කරන ලද අවලස්සන ව්‍යවස්ථාවකි.

2019 ඔක්තෝබර් 25 වනදාවක චිලියේ නව මහජන ව්‍යවස්ථාවක් වෙනුවෙන් පෙනී සිටින සංවිධානවල, සන්ධානයක කැඳවීමක් අනුව මිනිස්සු මහජන ව්‍යවස්ථාවක් වෙනුවෙන් පාරට බැහැලා උද්ඝෝෂණය කළා. එදින සන්තියාගෝ නගරයට එකතු වුන මහජනයාගේ සංඛ්‍යාව ලක්ෂ 12 ක් ලෙස වාර්තා වුනා.

එතැන් සිට එය මහ පාරේ දිග හැරුණු සුවිසල් උද්ඝෝෂණ වැඩ සටහනක් බවට පත්වුනා.

 ප්‍රශ්නෙ දුර දිග යාම වළකා ගැනීම සඳහා ආණ්ඩුව ව්‍යවස්ථා සම්පාදනයකට අවසානයේ එකඟ වුනා. ව්‍යවස්ථා සම්පාදනයට අදාළ මූලික ප්‍රශ්න දෙක විසඳා ගැනීම සඳහා ජනමත විචාරණයක් පවත්වන ලෙස එවිට මහජනයා ඉල්ලා සිටියා.

ආණ්ඩුවේ කැමැත්ත වුනේ ව්‍යවස්ථා සංශෝධනයකට හා එම කාරණය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ප්‍රධාන කොටගෙන කැඳවන ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් මගින් ව්‍යවස්ථාව සම්පාදනය කිරීමයි.

එහෙත් 2020 ඔක්තෝබර් වලදී ඒ සඳහා පැවති ජනමත විචාරණයෙන් සීයයට 78 (78%) ක් අලුත් ව්‍යවස්ථාවක් වෙනුවෙන් අනුමැතිය දුන්නා. තවත් සීයයට 79 (79%) ක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නැති මහජන නියෝජිතයින්ගෙන් පමණක් සමන්විය යුතු ව්‍යවස්ථා සභාවකින් එය සිදුවිය යුතු බවට ඡන්දය දී තිබුණා.

ඒ නිසා ව්‍යවස්ථා සභාවට මහජන නියෝජිතයන් තෝරන ජන්දයක් 2021 මැයි 15 - 16 දින දෙකේ පැවැත්වුනා. තේරී පත්වු නියෝජිතයන්ගෙන් සීයට 62ක් (62%) ස්වාධීන පුද්ගලයින්. තේරී පත්වූ නියෝජිතයින්ගෙන් සීයට 49.50 (49.50%) ක් කාන්තාවන්. ව්‍යවස්ථා සම්පාදනයකට සියයට 50 (50%) ක් කාන්තාවන් සහභාගී වන ලොව පළමු ව්‍යවස්ථා සම්පාදනය ලෙස සැලකිය හැක්කේ එයයි.


ලංකාව ද තෝරා ගත යුත්තේ එම මාර්ගය නොවේද?

 

image 1

සන්තියාගෝ හි කොමියුනිස්ට් පක්ෂ සාමාජිකයින් ව්‍යවස්ථාදායක සභා මැතිවරණයේ ජයග්‍රහණ සමරයි. Photograph: Felipe Figueroa/SOPA Images/REX/Shutterstock

 

image 2

චිලියේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කෙටුම්පත් කිරීමේ ප්‍රධානියා ලෙස කාන්තාවක්

 

image 3 1

photo Sandra Cuffe/Al Jazeera

 

 

 
4830332(වික්ටර් අයිවන් )
ප්‍රවීන දේශපාලන විශ්ලේෂක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී 


සබැඳි වෙනත් ලිපි :

ලංකාවේ ව්‍යවස්ථා නීතිය මුතුරාජවෙල මෙන් වගුරු බිමකි - නීතිඥ බැසිල් ප්‍රනාන්දු


 
 

THE  LEADER  TV
 


අවි ගත්තෝ අවියෙන්ම නසින ලකුණු ! | මොණරවිලගේ ලියමන
 
 

 
 
ජනාධිපති නියෝග පයිසෙට වැටෙයි! | The Leader TV
 
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...