BREAKING
Top Ad
මහජන ව්‍යවස්ථාව

මෙක්සිකෝ නගරය ඓතිහාසික මහජන ව්‍යවස්ථාවක් හදපු හැටි

T

The Leader

December 4, 2021 • 11:09 AM

මෙක්සිකෝ නගරය ඓතිහාසික මහජන ව්‍යවස්ථාවක් හදපු හැටි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලංකාවට අලුත් ව්‍යවස්ථාවක් ගැන සංවාදයක් රටේ විවිධ පැති වලින් විවිධ කණ්ඩායම් අතරින් මතු වෙමින් තියෙනව.
  • දැනට සූම් ඔස්සේ වගේම උතුරු, නැගෙනහිර පළාත්වල මහ පාරෙත් කෙරෙමින් තියන මේ සංවාදය ලබන 13 වෙනිදා මහපාරට ගෙනියන්නත් මේ පිරිස සූදානම්.
  • 2017 පෙබරවාරි 05 වෙනිදා මෙක්සිකෝ නගරය ඒ ඓතිහාසික ව්‍යවස්ථාව ක්‍රියාවට නැගුවා.
  • මෙක්සිකෝ එක්සත් ජනපදයේ දේශපාලන ව්‍යවස්ථාවේ 100 වෙනි සංවත්සරය යෙදිලා තිබුණෙත් එදාට.
අකුරු ප්‍රමාණය (Font Size):



මානව හිමිකම් ක්‍රියාධරයින්, මාධ්‍යවේදීන්, සිවිල් ක්‍රියාධරයින්, සරසවි ඇදුරන්, නීතිවේදීන්, කලාකරුවන් වගේ විශාල පිරිසක් දැන් මේ සංවාදයට සම්බන්ධ වෙමින් ඉන්නවා.

ආණ්ඩුව ජනාධිපති නීතිඥ රොමේෂ් සිල්වාගේ ප්‍රධානත්වයෙන් පත්කරපු කමිටුව ප්‍රමාණවත් මහජන අදහස් විමසීමකින් තොරව, ප්‍රමාණවත් මහජන සහභාගිත්වයකින් තොරව හදල තියනවයි කියන යෝජනා වෙනුවට මහජනතාව විසින් මහජනතාව වෙනුවෙන් හදන අලුත් ව්‍යවස්ථාවක් ලංකාවට අවශ්‍යයි කියන එක තමයි ඒ බොහෝ දෙනෙකුගේ අදහස.

නමුත් ඒ විදියට ලංකාවේ ව්‍යවස්ථාවක් හදන්න බෑ, ව්‍යවස්ථාවක් හදන්න පුළුවන් ක්‍රමය ව්‍යවස්ථාවෙම තියනවා කියල තවත් පිරිසක් කියනවා.  

කොහොම වුණත් මතුවෙමින් තියන මේ සංවාදය ඉතාමත්ම වැදගත්.

දැනට සූම් ඔස්සේ වගේම උතුරු, නැගෙනහිර පළාත්වල මහ පාරෙත් කෙරෙමින් තියන මේ සංවාදය ලබන 13 වෙනිදා මහපාරට ගෙනියන්නත් මේ පිරිස සූදානම්.


මෙක්සිකෝ නගරය අලුත් ව්‍යවස්ථාවක් හදපු විදිය:

මට හිතුන මෙක්සිකෝ නගරය අලුත් ව්‍යවස්ථාවක් හදපු විදිය අපිට මෙතනදී හොඳ උදාහරණයක් වේවි කියල. ඒක මට මතක් කරලා දුන්නේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී කුසල් පෙරේරා.

මෙක්සිකෝ නගර බලධාරීන් කියන විදියට ඒක ඓතිහාසික ව්‍යවස්ථාවක්.


retrtrtමෙක්සිකෝ නගරයේ නව ව්‍යවස්ථාව සහ මහජන ව්‍යවස්ථාවක් සඳහා උතුරු, නැගෙනහිර පළාත්වල ජනතා අත්සන් ලබාගත් අවස්ථා.

2017 පෙබරවාරි 05 වෙනිදා මෙක්සිකෝ නගරය ඒ ඓතිහාසික ව්‍යවස්ථාව ක්‍රියාවට නැගුවා. මෙක්සිකෝ එක්සත් ජනපදයේ දේශපාලන ව්‍යවස්ථාවේ 100 වෙනි සංවත්සරය යෙදිලා තිබුණෙත් එදාට.

මෙක්සිකෝ අග නගරය “අන්තර් සංස්කෘතික” වන අතර එහි වැසියන්ගේ “බහු වාර්ගික, බහු සංස්කෘතික සහ බහු භාෂා සංයුතිය” පිළිගනිමින් ඒ ව්‍යවස්ථාව නගර වැසියන්ගේ ස්වාධීනත්වය නීත්‍යානුකූලව තහවුරු කළා.

මෙක්සිකෝ නගරය ඒ ව්‍යවස්ථාව හැදුවේ කොහොමද?

ව්‍යවස්ථා සම්පාදකයින් ඒ ක්‍රියාදාමයේ මුල ඉඳල අග දක්වා හැම අදියරකදීම ඒ ක්‍රියාවලියට උපරිම ලෙසින්  නගර වැසියන් සහභාගි කරගත්ත.

මුලින්ම ආණ්ඩුවේ නායකයා නගර වැසියන් 28 දෙනෙක් තෝරාගෙන ඔවුන් සංස්කාරක මණ්ඩලයක් විදියට පත්කළා. ඒ සඳහා තෝරාගත්තේ නගරයේ දේශපාලන, සංස්කෘතික, අධ්‍යාපන සහ සමාජ සංවර්ධන වගේ අංශවල සේවයේ නිරතවෙලා හිටපු සමාජයේ පිළිගැනීමට ලක්වුන පිරිසක්.

ඊට පස්සේ සමස්ත ක්‍රියාදාමය පුරාවටම ඒ සංස්කාරක මණ්ඩලය විවිධ ආකාරවලට නගර වැසියන්ගේ අදහස් විමසුවා; සංවාද මණ්ඩප, සම්මන්ත්‍රණ, ප්‍රසිද්ධ විවාද, විද්වත් දේශන සහ ඩිජිටල් මාධ්‍ය ඔස්සේ අදහස් විමසීම් පමණක් නෙවෙයි ජංගම කඩ සාප්පු පවා ඔවුන් ඒකට යොදාගත්තා. මේ හැම විදියටම උපරිම ආකාරයෙන් මහජන අදහස් විමසුවා.

ලෝකේ පුරාම ප්‍රසිද්ධ පෙත්සම් සඳහා යොදාගන්න Change.org වෙබ් අඩවිය ඔබ අහල ඇති. ඒ වෙබ් අඩවියත් මේ සංවාදයට එකතු වුණා.

තමන්ගේ යෝජනා ඉදිරිපත් කරන්න කියල ඒ වෙබ් අඩවියත් මෙක්සිකෝ නගර වැසියන්ට යෝජනා කළා. කෙනෙකුගේ යෝජනාවකට අත්සන් 50,000 කට වැඩිය එකතුවුණා නම් ඒ යෝජනාව ආණ්ඩුවේ ප්‍රධානියාට යොමු කරන්න අදාළ පුද්ගලයාට අවස්තාව ලැබුණා.



fgdtgrtමෙක්සිකෝ නගරයේ නව ව්‍යවස්ථාව සහ මහජන ව්‍යවස්ථාවක් සඳහා උතුරු, නැගෙනහිර පළාත්වල ජනතා අත්සන් ලබාගත් අවස්ථා ඡායාරූපවල.

මේ විදියට අදහස් විමසලා සකස් කළ ව්‍යවස්ථා කෙටුම්පත ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයට ඉදිරිපත් කළාට පස්සෙත් පුරවැසියන්ට තවදුරටත් ව්‍යවස්ථා සම්පාදක ක්‍රියාදාමයට සම්බන්ධ වෙන්න දොරටු විවෘත කරලා තිබුණ.

ඊට පස්සේ ‘අපි තමයි හොඳටම කළේ’ කියල මෙක්සිකෝ නගර බලධාරීන් එතනින් නැවතුනේ නැහැ.

අවසාන දියරේදී මේ ක්‍රියාදාමයට සම්බන්ධ වෙලා වඩාත් යහපත් ව්‍යවස්ථාවක් නිර්මාණය කරන්න උපදෙස් දෙන්න කියල එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධ ආයතන වගේම ජාත්‍යන්තර ප්‍රජාවටත් ආරාධනා කෙරුණා.

අද මෙක්සිකෝ නගරයේ තියෙන්නේ ඒ ව්‍යවස්ථාව. මේ තමයි ලෝකේ අලුතෙන්ම සම්පාදනය කළ මහජන ව්‍යවස්ථාව.

ඉතින් ලංකාවට මෙහෙම ක්‍රමයක් නොගැලපෙන්නේ ඇයි?


සංවාදයට විවෘතයි.

Saroj Pathirana(සරෝජ් පතිරණ)
BBC මාධ්‍යවේදී

(සරෝජ් පතිරණ ගේ ෆේස්බුක් පිටුවෙන්...දෙසැම්බර් 03, 2021 )

 

 


 

THE  LEADER  TV
 
 

 

Mangalogy - මංගල යෝජනා කළ ජීවිතය 

 

පිස්සුකුට්ටයා පිටුපස ඉන්න පිස්සා මැදමුලනේ !| මොණරවිලගේ ලියමන  

 

 
ස' Tool මාරු කරයි! ගොඩයයිද?
 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...