BREAKING
Top Ad
මහජන ව්‍යවස්ථාව

මහජන ව්‍යවස්ථාවක් සඳහා ජනමත විචාරණයක් ඉල්ලති

T

The Leader

December 12, 2021 • 11:06 AM

මහජන ව්‍යවස්ථාවක් සඳහා ජනමත විචාරණයක් ඉල්ලති

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකාව සඳහා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කරන බව පවසමින් ආණ්ඩුව ගෙන ඒමට සැලසුම් කරමින් තිබෙන
  • බ්‍රිටෝ ප්‍රනාන්දු, හර්මන් කුමාර, ජයනි අබේසේකර, තමාරා දයානි, පද්මා පුෂ්පකාන්ති, වෛද්‍ය හසන් ජුනයිඞ්, සම්පත් පුෂ්පකුමාර, නිහාල් අහමඞ්, පී.
  • මුත්තුලිංගම්, සමන් හමන්ගොඩ, උදේනි දිසානායක, තිලක් කාරියවසම් සහ සමන් සෙනෙවිරත්න තාවකාලික සංවිධායක කමිටුවට ඇතුළත් වන අතර, මෙය පුළුල් බහුජන ව්‍යාපාරයක් බවට පත්කිරීම සිය අභිලාශය බව ඔවුහු අවධාරණය කරති.
අකුරු ප්‍රමාණය (Font Size):

නව ව්‍යස්ථාව, සැබෑ මහජන සහභාගිත්ව ව්‍යවස්ථාවක් බවට පත්කර ගැනීමේ අරමුණින් ගොඩනැගෙමින් පවතින පුළුල් මහජන ව්‍යාපාරය විසින් දියත්කරනු ලබන වැඩසටහන් මාලාවක් හෙට, දෙසැම්බර් 13 සඳුදා, කොළඹ දී ආරම්භවීමට නියමිතය.

මෙම ව්‍යාපාරය සඳහා මේ වනවිටත් සියයකට අධික බහුජන සංවිධාන සහ පුද්ගලයින් වශයෙන් පන්සියයකට අධික පිරිසක් සිය සහයෝගය පළකොට තිබේ.



ආණ්ඩුව තනි මතයට ව්‍යවස්ථාවක් ගෙනාවොත් අධිකරණය හමුවට!

ආණ්ඩුවේ ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය පුරවැසි අදහස් නොතකා, මහජන සහභාගිත්වයෙන් තොරව සිදුවන්නක් බවට පත්වුවහොත් එම තත්ත්වය වැළැක්වීම සඳහා සාමූහික නඩුකරයක පාර්ශ්වකරුවෙකු බවට පත්වීමට ද දැනටමත් බොහෝමයක් සිවිල් සංවිධාන, විද්වතුන්, වෘත්තීය සමිති සහ පුද්ගලයන් සිය එකඟත්වය පළ කර ඇත.

හෙට, දෙසැම්බර් 13, උදෑසන 10.00 සිට දවල් 1.00 දක්වා කොළඹ 03, බාලා තම්පෝ මාවතේ පිහිටි CMU ශාලාවේ පැවැත්වීමට යෝජිත “මහජන ව්‍යවස්ථාවක් සඳහා කතිකාව” වැඩසටහනේ දී මෙම වැඩපිළිවෙලට එකඟතාවය පළකළ සංවිධාන සහ පුද්ගලයන් ඒකරාශී වී ඒ සම්බන්ධ ඉදිරි ක්‍රියාමාර්ග සාකච්ඡා කොට, මහජන සහභාගිත්ව ව්‍යවස්ථාවක් සඳහා වන අභිලාෂය සහ පුරවැසි ශක්තිය සංකේතාත්මකව රටට ප්‍රදර්ශනය කිරීමට අපේක්ෂා කෙරේ.


එදින සන්ධ්‍යාවේ, ආණ්ඩුව ව්‍යවස්ථා සම්පාදනය සඳහා අනුගමනය කරන ක්‍රියාවලිය වෙනස් කරවමින් එය මහජන ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියක් බවට පත්කරවීම සහ මහජන ව්‍යවස්ථාවක් සඳහා ජනමත විචාරණයක් ඉල්ලා සිටිමින් ඔවුන් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට නිහඬ උද්ඝෝෂණයක නිරත වීමට නියමිතය.

බ්‍රිටෝ ප්‍රනාන්දු, හර්මන් කුමාර, ජයනි අබේසේකර, තමාරා දයානි, පද්මා පුෂ්පකාන්ති, වෛද්‍ය හසන් ජුනයිඞ්, සම්පත් පුෂ්පකුමාර, නිහාල් අහමඞ්, පී. මුත්තුලිංගම්, සමන් හමන්ගොඩ, උදේනි දිසානායක, තිලක් කාරියවසම් සහ සමන් සෙනෙවිරත්න තාවකාලික සංවිධායක කමිටුවට ඇතුළත් වන අතර, මෙය පුළුල් බහුජන ව්‍යාපාරයක් බවට පත්කිරීම සිය අභිලාශය බව ඔවුහු අවධාරණය කරති.

 
 
ශ්‍රී ලංකා වෙලාවෙන් හෙට උදෑසන 09:30 සිට විදේශයන්හි සිට ද සූම් තාක්ෂණය ඔස්සේ මෙම අවස්ථාවට සහභාගි විය හැකිය. 

Zoom හමුවේ අංකය - 82618777047

 

 

Leader Whats app

 

 

 
 
 
 

 
 
 
 
බැසිල්ට වඩා රනිල් හොඳයි හෙනහුරා නාමල් ?| "ස" ගේ දැනගැනීම පිණිසයි | 
  
 

 

පුපුරුවාගෙන ආ එවුන් පුපුරුවාගෙන වැනසෙයි ! | මොණරවිලගේ ලියමන


 

පවුලේ අවුලක්! | Gossip

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...