The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

මැතිව්ස් A කණ්ඩායමේ එක්දින සංචිතයට කැඳවයි

T

The Leader Desk

February 13, 2023 • 4:17 PM

මැතිව්ස් A කණ්ඩායමේ එක්දින සංචිතයට කැඳවයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ගලන්ත ලයන්ස් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන එක්දින තරගාවලිය සඳහා හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් කැඳවා තිබේ.
  • ශ්‍රී ලංකාවේ ජාතික කණ්ඩායම් තුනේම (ටෙස්ට්, එක්දින සහ විස්සයි-20) නායකත්වය දරා ඇති මැතිව්ස් 2015 ලෝක කුසලාන තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටය දක්වා පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ද වූයේය.
  • එක්දින අන්තර්ජාතික තරග 218 කට සහභාගි වී සිටින මැතිව්ස් එක්දින ලකුණු 5835 ක හිමිකරුවෙකි.
  • එක්දින අන්තර්ජාතික ශතක 3 ක් සහ අර්ධ ශතක 40 කට හිමිකම් කියන මැතිව්ස්ගේ එක්දින ලකුණු ලබාගැනීමේ සාමාන්‍යය 41.67 කි.
අකුරු ප්‍රමාණය (Font Size):



නවසීලන්ත සංචාරයේදී පැවැත්වෙන එක්දින තරගාවලියට පෙර වඩාත් හොඳ මට්ටමේ පන්දු යවන්නන් හමුවේ එක්දින තරග කිහිපයකට සහභාගි වීමේ අවස්ථාව ලබාදීම සඳහා ඇන්ජලෝ මැතිව්ස් මෙම සංචිතයට කැඳවා ඇත.

ශ්‍රී ලංකාවේ ජාතික කණ්ඩායම් තුනේම (ටෙස්ට්, එක්දින සහ විස්සයි-20) නායකත්වය දරා ඇති මැතිව්ස් 2015 ලෝක කුසලාන තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටය දක්වා පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ද වූයේය. එක්දින අන්තර්ජාතික තරග 218 කට සහභාගි වී සිටින මැතිව්ස් එක්දින ලකුණු 5835 ක හිමිකරුවෙකි. එක්දින අන්තර්ජාතික ශතක 3 ක් සහ අර්ධ ශතක 40 කට හිමිකම් කියන මැතිව්ස්ගේ එක්දින ලකුණු ලබාගැනීමේ සාමාන්‍යය 41.67 කි.

වසර දෙකකට ආසන්න කාලයක් එක්දින අන්තර්ජාතික තරගයට සහභාගි වී නැති මැතිව්ස්, නවසීලන්තයට එරෙහිව පැවැත්වෙන එක්දින තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමට එක්වීමට නියමිතය.

ශ්‍රී ලංකා ‘ඒ‘ එක්දින කණ්ඩායමේ නායකත්වය සධිර සමරවික්‍රමට හිමිවී තිබේ. ශ්‍රී ලංකා ‘ඒ එක්දින කණ්ඩායමේ නායකයා වශයෙන් සිටි කමිඳු මෙන්ඩිස් ටෙස්ට් සංචිතයට ඇතුළත්ව සිටින බැවින් ඔහු ටෙස්ට් සංචිතයේ ක්‍රීඩකයන් සමගින් පුහුණුවීම් කිරීම සඳහා ලබන බ්‍රහස්පතින්දා (16 වැනිදා) රදැල්ල බලා පිටත්ව යනු ඇත.

ටෙස්ට් සංචිතය මේ මස 16 වැනිදා සිට 22 වැනිදා දක්වා රදැල්ල ක්‍රීඩාංගණයේදී පුහුණුවීම් කරනු ඇත.

කෙසේ වෙතත් ටෙස්ට් සංචිතයේ සිටින චාමික කරුණාරත්න, ප්‍රවීන් ජයවික්‍රම සහ මිලාන් රත්නායක යන තිදෙනාම ලයන්ස් පිලට එරෙහිව තරග කිරීමට කැඳවා තිබෙන ශ්‍රී ලංකා ‘ඒ සංචිතයේ සිටිති.

ශ්‍රී ලංකා සීමිත ඕවර කණ්ඩායම් දෙකේම (එක්දින සහ වි-20) ආරම්භක පිතිකරුවා වන අවිශ්ක ප්‍රනන්දු සහ ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින හිස්වැස්ම පැළැඳි ප්‍රමෝද් මධුෂාන් ද ශ්‍රී ලංකා ‘ඒ’ එක්දින සංචිතයට කැඳවා තිබේ.

ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම සහ එංගලන්ත ‘ලයන්ස්’ කණ්ඩායම අතර පළමු එක්දින තරගය ලබන 15 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි. තරග 3 කින් සමන්විත තරගාවලියේ තරග තුනම දිවා තරග ලෙසින් පැවැත්වේ.


ශ්‍රී ලංකා ‘ඒ’ එක්දින සංචිතය:

සධීර සමරවික්‍රම (නායකා සහ කඩුලු රකින්නා), අවිශ්ක ප්‍රනාන්දු, ලසිත් කෲස්පුල්ලේ, නුවනිඳු ප්‍රනාන්දු, ඇන්ජලෝ මැතිව්ස්, නිපුන් ධනංජය, සහන් ආරච්චිගේ, චාමික කරුණාරත්න, ප්‍රවීන් ජයවික්‍රම, ළහිරු උදාර, ප්‍රමෝද් මධුෂාන්, දුෂාන් හේමන්ත, මිලාන් රත්නායක, කවිශ්ක අංජුල සහ සුමින්ද ලක්ෂාන්

(kelimandala.lk)
 

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...