The Leader News
BREAKING
Top Ad
පුවත්

බොදුබල සේනා හිටපු CEO අලුත් 'ගේමකට' අතගසයි !

T

The Leader Desk

November 19, 2021 • 7:36 AM

බොදුබල සේනා හිටපු CEO අලුත් 'ගේමකට' අතගසයි !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • බොදුබල සේනා සංවිධානයේ ආරම්භකයකු මෙන්ම එහි ප්‍රධන විධායක නිලධාරියා ලෙස කටයුතු කල කථිකාචාර්ය දිලන්ත විතානගේ අලුත් දේශපාලන
  • වසර කිහිපයක සිට මෙම අරමුණු වෙනුවෙන් ක්‍රියාත්මකවන බහුජන සංවිධාන හා බුද්ධි මණ්ඩල කිහිපයක යෝජනාවක් අනුව මෙම මහජන කොමිසම දියත් කොට සමාජ ගත කිරීම පහසුකම් සපයන කණ්ඩායමේ අරමුණ බව ඔවුන් මාධ්‍ය හමුවේදී සඳහන් කළේය.
  • සියලු ජනවර්ග, ආගමික නියෝජනයන් මෙන්ම කාන්තා හා පුරුෂ නියෝජනය, තරුණ , ආබාධිත ආදී වූ විවිධ නියෝජනයන් මෙම පහසුකම් සපයන කණ්ඩායමේ සංයුතිය බවත්, එමෙන්ම විදේශගත ශ්‍රී ලාංකික නියෝජනයක් ද සහිත බවත් එම මාධ්‍ය හමුවේ අනාවරණය කෙරින.
  • මෙම කොමිසම සියලු ජනවාර්ගික හෝ ආගමික හෝ දේශපාලනික හෝ අනෙකුත් බේදවලින් තොරව සියලු දෙනාම සමාන ලෙස සලකා කටයුතු කරනු ඇති බව දිලන්ත විතානගේ මෙම මාධ්‍ය හමුවේදී සඳහන් කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):

ව්‍යාපෘතියකට අතගසා තිබේ.

 බොදුබල සේනා සංවිධානයේ ආරම්භක සාමාජිකයින් පිරිසකගේ හා එම සංවිධානයේ හිටපු ක්‍රියාකාරීන් පිරිසකගේ මුලිකත්වයෙන් යුතුව ආරම්භකර ඇති එම ව්‍යාපෘතිය නම් කර ඇත්තේ, ''එක් රටක්- එක් ජාතියක් - එක් නීතියක් සඳහා වූ මහජන කොමිසම''  (One Country- One Nation-One Law Public Commission ) ලෙසිනි.

"සැමට සතුටින් ඉන්න පුළුවන් ‍රටක්  හදන සමාජ කතිකාවතක්" නිර්මාණය කොට ක්‍රියාත්මක කිරීම සඳහා වූ එක් රටක් - එක් ජාතියක් - එක් නීතියක් සදහා වූ මහජන කොමිසම  (Public Commission for  One Country - One Nation - One Law) ස්ථාපිත කිරීම මෙම මෙහෙයුමේ අරමුණ බව දිලන්ත විතානගේ පවසයි.

 

ජනාධිපතිවරයා විසින් බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලබොඩඅත්තේ ඥාණසාර හිමියන්ගේ නායකත්වයෙන් යුතුව “එක රටක්-එක නීතියක්” නාමයෙන් ජනාධිපති කාර්ය සාධක බලකායක් පත්කොට, ඊට බොදුබල සේනා සංවිධානයේ නියෝජිතයින් පිරිසක් ද නම්කර ඇති මොහොතක එම සංවිධානයේ සිටි ක්‍රියාකාරීන් පිරිසක් විසින් ඊට සමාන අරමුණකින් යුතුව නව සංවිධාන ජාලයක් ගොඩනැගීමට කටයුතු කිරීම, දේශපාලන ක්ෂේත්‍රයේ දැඩි කතාබහකට ලක්වෙමින් තිබේ.  

 

මෙම ව්‍යාපෘතියේ ආරම්භක මාධ්‍ය සාකච්ඡාව පෙරේදා (නොවැම්බර් 17 බදාදා)  මරදාන, සාමයික කේන්ද්‍රයේ (CSR) හිදී පැවති අතර ප්‍රකට සිවිල් ක්‍රියාකාරිකයකු වන රන්ජිත් විතානගේ, සිවිල් ක්‍රියාකාරිකයකු මෙන්ම රාජ්‍ය අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂගේ ජ්‍යෙෂ්ඨ උපදේසක සම්පත් ගජධීර හා දිලන්ත විතානගේ මෙම කොමිසමේ පහසුකම් සපයන්නන් වශයෙන් මෙම මාධ්‍ය හමුවට සහභාගී විය.

"සැමට සතුටින් ඉන්න පුළුවන් රටක් හැදීම" යන දැක්ම යටතේ  ජනතාවගේ ගැටළු හඳුනාගනිමින් ඔවුන්ගේම වූ විසැදුම් ලබා ගෙන බුද්ධිමතුන්ගේ උපදේශකත්වයෙන් හා මහජනතාවගේ සහභාගිත්වයෙන් එක් රටක් - එක් ජාතියක්- එක් නීතියක් යන පදනම මත ප්‍රතිපත්ති  රාමුවක්  හා සංවර්ධන සැලැස්මක්  සකසා ක්‍රියාත්මක කරවීම යන මෙහෙවර යටතේ මෙම කොමිසම ක්‍රියාත්මක කිරීමට යෝජිත බව ඔවුන් එම මාධ්‍ය හමුවේදී පැවසිය.

මෙම සංවර්ධන රාමුව ශ්‍රී ලංකාව රජයක් ලෙස නිල වශයෙන් එකඟ වී ඇති එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහශ්‍ර සංවර්ධන අභිමතාර්ථ (UNSDG) පදනම කරගෙන සමාජ කතිකාවතක් බිහි කොට ක්‍රියාත්මක කිරීමට බලපෑම් කිරීමට අපේක්ෂිතය.

වසර කිහිපයක සිට මෙම අරමුණු වෙනුවෙන් ක්‍රියාත්මකවන බහුජන සංවිධාන හා බුද්ධි මණ්ඩල කිහිපයක යෝජනාවක් අනුව මෙම මහජන කොමිසම දියත් කොට සමාජ ගත කිරීම පහසුකම් සපයන කණ්ඩායමේ අරමුණ බව ඔවුන් මාධ්‍ය හමුවේදී සඳහන් කළේය.

සියලු ජනවර්ග, ආගමික නියෝජනයන් මෙන්ම කාන්තා හා පුරුෂ නියෝජනය, තරුණ , ආබාධිත ආදී වූ විවිධ නියෝජනයන් මෙම පහසුකම් සපයන කණ්ඩායමේ සංයුතිය බවත්, එමෙන්ම විදේශගත ශ්‍රී ලාංකික නියෝජනයක් ද සහිත බවත් එම මාධ්‍ය හමුවේ අනාවරණය කෙරින.

මෙම කොමිසම සියලු ජනවාර්ගික හෝ ආගමික හෝ දේශපාලනික හෝ අනෙකුත් බේදවලින් තොරව සියලු දෙනාම සමාන ලෙස සලකා කටයුතු කරනු ඇති බව දිලන්ත විතානගේ මෙම මාධ්‍ය හමුවේදී සඳහන් කළේය.

 

සැමට සමාන අවස්ථා ලබා දීම හා ඒ සඳහා ආර්ථිකය දියුණු කිරීමටත්, ඒ වෙනුවෙන් විවිධත්වය තුළ ඇති අලංකාරත්වය ශක්තියක් ලෙස යොදා ගැනීමටත් තම කණ්ඩායමේ අපේක්ෂාව බවත්, මෙම කොමිසම මහජනතාවට සමාන ලෙස සැලකීම හා සාධාරණත්වය ඉටු කිරීම වෙනුවෙන් පෙනී සිටින අතර මහජන දුක්ගන්නාරාළ ගේ භූමිකාව ඉටු කරනු ඇති බවත් දිලන්ත විතානගේ කියා සිටියේය.

 

ඕනෑම ශ්‍රී ලාංකික පුරවැසියකුට මෙම කොමිසම වෙත් සිය අදහස්, යෝජනා හා පැමිණිලි  ලිඛිතව හෝ ඩිජිටල් ආකාරයට  ඉදිරිපත් කළ හැකි බවත්,  ඒ අනුව මෙම කොමිසම පැය 24 පුරා මහජනතාවට විවෘත වන ඩිජිටල් හා මිනිස් යන දෙයාකාර වූ ප්‍රවේශයෙන් සම්බන්ධ විය හැකි යාන්ත්‍රණයක් බවත් රන්ජිත් විතානගේ මෙහිදී සඳහන් කළේය.

රන්ජිත් විතානගේ සඳහන් කල පරිදි, මෙම කොමිසම සඳහා 20 දෙනෙකුගෙන් යුත් සාමාජිකයින් ප්‍රමාණයක් මාස තුනක් ඇතුලත පත් කිරීමට අපේක්ෂා කෙරේ. ඒ සඳහා සිය අයැදුම්පත් තමා විසින්ම හෝ වෙනත් අයකුගේ යෝජනා අනුව මාසයක් ඇතුලත ඉදිරිපත්කල හැකි බවත්, එම අයැදුම්පත් අතරින් සුදුසු 20 දෙනෙකු ඒ අනුව කොමිසමේ සාමාජිකයින් ලෙස පත් කරනු ලබන බවත් ඔහු කියා සිටියේය.

මෙම කොමිසමේ සම්බන්ධිකරණ කමිටු සැම ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයකම ස්ථාපිත කරනු ලබන බවත්, සැම ග්‍රාමසේවා කොට්ඨාශයකටම නියෝජිත කමිටුවක් පත් කර එම කමිටු වලට අවශ්‍ය සියලු පුහුණුවීම් ලබා දීමට කටයුතු කරන බවත් සම්පත් ගජධීර මෙහිදී සඳහන් කළේය.

මෙම කොමිසමේ සියලු නියෝජිතයින් සිය කාලය ස්වෙජ්ජා මට්ටමින් ලබා දීම අපේක්ෂා කෙරේ.



ලිපිනය

191, කටුවාවල, බොරලැස්ගමුව

ඉලෙක්ටොනික තැපෑල - publiccommissionsrilanka@gmail.com

දුරකථන අංක(WhatsApp and SMS) - 0719005137, 0773218677

Facebook Page - https://www.facebook.com/Public-Commission-105074192002710


 

 


 
 
LEADER TV

 

රාජපක්ෂලාගේ දෙකඩ පාලනයේ අලුත්ම ඉත්තා!
 


මරාගේ මරාල ! | මොණරවිලගේ ලියමන

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...