BREAKING
Top Ad
පුවත්

ටින් මාළු තීරුබද්ද යළි රුපියල් 100 ට ඉහල දමයි !

T

The Leader

November 18, 2020 • 10:33 AM

ටින් මාළු තීරුබද්ද යළි රුපියල් 100 ට ඉහල දමයි !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ටින් මාළු ආනයනයට අදාළ විශේෂ තීරු බද්ද ඔක්තෝබර් 13 දින සිට කිලෝවක් සඳහා ශත 25 දක්වා අඩුකර
  •     සීනි සඳහා වූ බද්ද ඉවත් කිරීමට පසුගිය දින කිහිපය තුලදී සාකච්ඡා වට කිහිපයක් තිබුණ ද රජය සීනි සඳහා වූ අඩු කරන ලද බද්ද මේවනවිටත් ශත 25  මට්ටමේ පවතී.
  •   එහෙත්, ටින් මාළු සඳහා ඔක්තෝබර් 13 දින අංක 2176/18 දරණ ගැසට් පත්‍රයෙන් පනවන ලද විශේෂ භාණ්ඩ ආනයන බද්ද කිලෝවක් සඳහා රුපියල් 100 දක්වා වැඩි කර ඇත.
  • 2021 අයවැය ලේඛණය මඟින් වතුකරයේ ජනතාවගේ දෛනික වැටුප රුපියල් 1000/= දක්වා වැඩි කර ඇති අතර දල වශයෙන් වැටුප් වර්ධනය රුපියල් 250/= ක් පමණ වේ.
අකුරු ප්‍රමාණය (Font Size):
තිබූන අතර අද (18) දින රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි එය රුපියල් 100/= දක්වා වැඩිකර ඇත. 
 
එහෙත් මතභේදයට තුඩුදුන් සීනි, පරිප්පු සහ ලොකුලූනු බදු ඉවත් කර හෝ වැඩි කර නැති බව වෙළඳපල 
තොරතුරු වාර්තා කරයි.  
 
සීනි සඳහා වූ බද්ද ඉවත් කිරීමට පසුගිය දින කිහිපය තුලදී සාකච්ඡා වට කිහිපයක් තිබුණ ද රජය සීනි සඳහා වූ අඩු කරන ලද බද්ද මේවනවිටත් ශත 25  මට්ටමේ පවතී.
 
එහෙත්, ටින් මාළු සඳහා ඔක්තෝබර් 13 දින අංක 2176/18 දරණ ගැසට් පත්‍රයෙන් පනවන ලද විශේෂ භාණ්ඩ ආනයන බද්ද කිලෝවක් සඳහා රුපියල් 100 දක්වා වැඩි කර ඇත.
 

b0fb60a4 82bf 4d76 b571 2388054ba42c

කොවිඩ් පළමු රැල්ල ආරම්භයේදී රජය ටින් මාලු සහ පරිප්පු සඳහා තීරුබදු අඩුකළත්, එසේ අඩු කරන ලද මිළට ටින් මාළු සහ පරිප්පු වෙළෙඳපොළේ නොතිබුණි.

2021 අයවැය ලේඛණය මඟින් වතුකරයේ ජනතාවගේ දෛනික වැටුප රුපියල් 1000/= දක්වා වැඩි කර ඇති අතර දල වශයෙන් වැටුප් වර්ධනය රුපියල් 250/= ක් පමණ වේ.

v vgghgvh

 
කෙසේවුවද 2020 නොවැම්බර් මස 17 දින ටින් මාළු සහ ඒ ආශ්‍රිත භාණ්ඩ සඳහා නැවතත් ශත 25 ක් වෙනුවට රුපියල් 100 ක තීරු බද්දක් පැනවීම නිසා සාමාන්‍ය ජනතාවට විශේෂයෙන් වතුකරයේ ජනතාවගේ ජනප්‍රිය ආහාරය වන ටින් මාලු පරිභෝජනයට දැඩි බලපෑමක් කරනු ඇත.
 
2020 අයවැය ලේඛණය මඟින් වතුකරයේ ජනතාවගේ දෛනික වැටුප රුපියල් 1000/= දක්වා වැඩි කර ඇති අතර දල වශයෙන් වැටුප් වර්ධනය රුපියල් 250/= ක් පමණ වේ.
 
රජය විසින් ටින් මාළු  කිලෝ එකක මිල තීරණය කර ඇත්තේ රුපියල්200/= කට වන අතර නව තීරු බද්දක් සමග ටින් මාළු කිලෝ එකක මිල රුපියල් 248.50 දක්වා ඉහල යනු ඇත. 
 
ටින් මාළු බද්ද වැඩි කිරීම  කිරීම නිසා ටින් කරන ලද සාඩින්, හුරුල්ලන්, ඇටවල්ලා, මැකරල් සහ ටූනා ආදී සියලුම අසුරන ලද මාළු වර්ග මිළ ඉහල යනු ඇත.
 
මාළු ටින් කිරීමේ ව්‍යාපාරයට සම්බන්ධ ව්‍යාපාරිකයෙකු සඳහන් කෙළේ දැන් දේශීය ටින් මාළු කර්මාන්තය ලාභදායී ලෙස පවත්වාගෙන යා හැකි බවත්, රජය තම සාධාරණ ඉල්ලිමට කන්දුන් බවත්ය. 
 
BG w
'යහපාලනය කෝටි 1191ක ටින් මාළු ගෙන්වලා' - වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන
 
ටින් මාළු ආනයනයට අදාළ තීරු බද්ද අඩු කිරීමට යහපාලන රජය ගත් තීන්දුව හේතුවෙන් සිමාවකින් තොරව මෙරටට ටින් මාළු ආනයනය සිදු කළ බවත් ඒ සඳහා 2019 වසරේදී රුපියල් මිලියන 11918 ක මුදලක් වැය කර ඇති බවත් වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන පාර්ලිමේන්තුවේදී සැප්තැම්බර්  23 දා පැවසීය. 
 
ඇමති බන්දුල ගුණවර්ධන මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මතුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
 
මහින්ද රාජපක්ෂගේ රජය යටතේ ටින්මාළු ආනයනය කිරිම සඳහා වාර්ෂිකව වැය කළේ රුපියල් මිලියන 515 ක මුදලක් බවත් 2005-2014 වසර 10 ක කාලය තුළ ටින්මාළු ආනයනය සීමාවන්ට යටත්ව සිදුකළ බවත් ඇමතිවරයා මෙහිදී පැවසීය.
 
ටින්මාළු ආනයනය කිරීම සඳහා පවතින තීරුබද්ද අඩුකිරීමට ගත් මෙම තීරණය හේතුවෙන් වාර්ෂිකව වැයවන මුදල සියයට එකසිය තිස් එකකින් වැඩිවූ බවත් ඇමතිවරයා කීය.
 
එහෙත් පසුගිය යහපාලන රජයේ මුදල් ඇමති රවී කරුණානායක ගත් තීරණයකට අනුව ටින්මාළු ආනයනය සඳහා පැවැති තීරු බද්ද අඩුකිරීම හේතුවෙන් සීමාවකින් තොරව මෙරටට ටින් මාළු ආනයනය සිදුවූ බවත් මේ හේතුවෙන් මහින්ද රාජපක්ෂගේ පාලන සමයේ ආරම්භ කළ ටින් මාළු කර්මාන්ත ශාලාවලට පවා බලපෑමක් එල්ල වූ බවත් ඇමතිවරයා පැවසීය.
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...