BREAKING
Top Ad
පුවත්

සජිත්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය 30 දා

T

The Leader

October 22, 2019 • 9:43 PM

සජිත්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය 30 දා 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය ඔක්තෝම්බර් 30දා ප්‍රකාශයට පත්කරන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර පවසයි.
  • මෙම කමිටුව පසුගියදා අගමැතිවරයා ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණේ නායකයින් හමුවී අදාල ප්‍රතිපත්ති ප්‍රකාශනයේ කෙටුම්පත ඉදිරිපත්කර ඇත.
  • එහිදී පක්ෂ නායකයින් විසින් අදාල කෙටුම්පතට සංශෝධන කිහිපයක් එක්කර ඊට අනුමැතිය ලබාදී ඇත. 
අකුරු ප්‍රමාණය (Font Size):

සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාගේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති සම්පාදක කමිටුවේ ප්‍රධානියා වන්නේ මුදල් අමාත්‍යවරයාය. ආචාර්ය හර්ෂ ද සිල්වා, එරාන් වික්‍රමරත්න යන රාජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනා සමග විවිධ ක්ෂේත්‍රවලට අයත් විශේෂඥයින් ගණනාවක් එම කමිටුවේ සාමාජිකත්වය දරයි.

මෙම කමිටුව පසුගියදා අගමැතිවරයා ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණේ නායකයින් හමුවී අදාල ප්‍රතිපත්ති ප්‍රකාශනයේ කෙටුම්පත ඉදිරිපත්කර ඇත.

අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති එම රැස්වීමට රාජිත සේනාරත්න, රවී කරුණානායක, රවුෆ් හකීම්, දිගම්බරම්, රිෂාඩ් බද්දුර්දින්, චම්පික රණවක, මනෝ ගනේෂන් ද සහභාගී වී තිබේ.

එහිදී පක්ෂ නායකයින් විසින් අදාල කෙටුම්පතට සංශෝධන කිහිපයක් එක්කර ඊට අනුමැතිය ලබාදී ඇත. 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...