BREAKING
Top Ad
පුවත්

ශ්‍රී ලංකාවේ උපදින දරුවන් 3000කට හෘද රෝග

T

The Leader

September 28, 2021 • 7:22 AM

ශ්‍රී ලංකාවේ උපදින දරුවන් 3000කට හෘද රෝග

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙරට තුළ සෑම වසරකම ළමුන් 3000 ක් පමණ හෘද රෝග සහිතව උපදින අතර ඔවුන්ගෙන් 1500 - 2000 අතර පිරිසකට ශල්‍ය ප්‍රතිකාර අවශ්‍ය බව
  •   සැප්තැම්බර් 27 සදුදා රැස්වු අමාත්‍ය මණ්ඩලය විසින් එම යෝජනාව අනුමත කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.
  • බොහෝ රෝහල්වලින් මෙවැනි දරුවන් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලය යොමු කරන නමුත් එම රෝහලේ පහසුකම් පවතින්නේ වසරකට ආසන්න වශයෙන් ශල්‍යකර්ම 900 ක් සිදු කිරීමට පමණක් බවයි රජය පවසන්නේ.
අකුරු ප්‍රමාණය (Font Size):

අනාවරණය වී තිබේ.

බොහෝ රෝහල්වලින් මෙවැනි දරුවන් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලය යොමු කරන නමුත් එම රෝහලේ පහසුකම් පවතින්නේ වසරකට ආසන්න වශයෙන් ශල්‍යකර්ම 900 ක් සිදු කිරීමට පමණක් බවයි රජය පවසන්නේ.
 
එබැවින් මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතින "little Heart" ව්‍යාපෘතිය යටතේ ශල්‍යාගාර හා හෘද හදිසි ප්‍රතිකාර සදහා ප්‍රමාණවත් පහසුකම් ලබා දීම සදහා අවශ්‍ය පියවර ගන්නා තෙක් හෘද ශල්‍යකර්ම සිදු කිරීම සම්බන්ධයෙන් පවතින තදබදය අඩු කරලීම සදහා ඉන්දියාවේ දිස්ත්‍රික් 3201ජාත්‍යන්තර රොටරි සමාජය සහ RID3220 බටහිර කොළඹ රොටරි සමාජය විසින් ඉන්දියාවේ කොචීහි පිහිටි අම්රිතා වෛද්‍ය විද්‍යා ආයතනයේදී ළමුන් සදහා සංකිර්ණ හදවත් සැත්කම් සිදු කර ගැනිමේ පහසුකම් සලසා දීම සදහා වසර දෙකක කාලයකට වු ව්‍යාපෘතියක් රොටරි ආධාර යටතේ ක්‍රියාත්මක කිරීමට එකග වී ඇති බව රජය තව දුරටත් සදහන් කරයි.
 
අදාල ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සදහා සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ඉහත සදහන් ඉන්දියාවේ රොටරි සමාජ දෙක අතර අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීම සදහා සෞඛ්‍ය අමාත්‍යවරයා යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.
 
සැප්තැම්බර් 27 සදුදා රැස්වු අමාත්‍ය මණ්ඩලය විසින් එම යෝජනාව අනුමත කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.
 

 

 

 
THE LEADER TV 
 
මහින්දට රජකමක් හදලා දෙන්න !
 
 
මහමොළකරු අතුරුදහන් ලිස්ට් එකේ ?
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...