BREAKING
Top Ad
පුවත්

තෙල් සංස්ථා සේවකයින්ට කෝටි 350 ක ඕටී!

T

The Leader

February 26, 2023 • 9:55 AM

තෙල් සංස්ථා සේවකයින්ට කෝටි 350 ක ඕටී!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • තෙල් සේවකයන් වසරකට රුපියල් කෝටි තුන්සීය පනහකට අධික මුදලක් අනවශ්‍ය පරිදි අතිකාල දීමනා
  • මෙම තීරණය ගෙන තිබුණත් මෙම වසරේ (2023) සේවකයන්ගේ අතිකාල දීමනා ගෙවීම සඳහා රුපියල් කෝටි 360කට අධික මුදල් ප්‍රමාණයක් ඇස්තමේන්තු කිරීමට ලංකා ඛනිජ සංස්ථාව (සිපෙට්කො) සහ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම (සීපීඑස්ටීඑල්) දැනටමත් කටයුතු යොදා ඇත.
  • මෙම අතිකාල දීමනාවලට අමතරව මෙම ආයතන දෙකේ සේවකයන් සඳහා වැටුප් හා අනෙකුත් දීමනා ගෙවීමට වසරකට රුපියල් කෝටි 1500කට අධික මුදලක් රජය වැය කරයි.
  • මෙම ආයතන දෙකෙහි 4200 ක පමණ පිරිසක් සේවය කරන අතර ඇතැම් සේවකයන් වැටුපමෙන් දෙගුණයකට ආසන්න මුදලක් අතිකාල ලෙස ලබාගන්නා බව ද බලශක්ති අමාත්‍යාංශ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් සඳහන් කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):

ලෙස ලබාගන්නා බවට තොරතුරු තහවුරු වීම නිස වහාම ක්‍රියාත්මක වන පරිදි අතිකාල කපා දැමීමට රජය තීරණයක් ගෙන තිබේ.

මෙම තීරණය ගෙන තිබුණත් මෙම වසරේ (2023) සේවකයන්ගේ අතිකාල දීමනා ගෙවීම සඳහා රුපියල් කෝටි 360කට අධික මුදල් ප්‍රමාණයක් ඇස්තමේන්තු කිරීමට ලංකා ඛනිජ සංස්ථාව (සිපෙට්කො) සහ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම (සීපීඑස්ටීඑල්) දැනටමත් කටයුතු යොදා ඇත.



මෙම අතිකාල දීමනාවලට අමතරව මෙම ආයතන දෙකේ සේවකයන් සඳහා වැටුප් හා අනෙකුත් දීමනා ගෙවීමට වසරකට රුපියල් කෝටි 1500කට අධික මුදලක් රජය වැය කරයි. මෙම ආයතන දෙකෙහි 4200 ක පමණ පිරිසක් සේවය කරන අතර ඇතැම් සේවකයන් වැටුපමෙන් දෙගුණයකට ආසන්න මුදලක් අතිකාල ලෙස ලබාගන්නා බව ද බලශක්ති අමාත්‍යාංශ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් සඳහන් කළේය.



ඒ අනුව ඉකුත් 2022 වසරේ දී තෙල් සේවකයන්ගේ අතිකාල සඳහා රුපියල් කෝටි 360ක පමණ මුදලක් වැය වී ඇත. තෙල් තොග පර්යන්ත සමාගමෙහි සේවකයන් සඳහා පමණක් අතිකාල දීමනා ලෙස රුපියල් කෝටි 180ක (1,802,467,709) මුදලක් වැය වී ඇත.

ඒ අනුව 2019 වසරේ දී තෙල් සේවකයන්ගේ අතිකාල (OT) සඳහා රුපියල් කෝටි 172ක් (1,724,348,185) මුදලක් තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ සේවකයන්ට ගෙවා තිබේ. තෙල් සංස්ථා (සිපෙට්කො) සේවකයන්ට ද ඒ හා සමාන අතිකාල ප්‍රමාණයක් ගෙවා දමා ඇත.

2020 වසරේ දී පර්යන්ත සමාගමෙහි සේවකයන්ට රුපියල් එක්කෝටි හැට ලක්ෂයක (1,600,382,648) මුදලක් අතිකාල ලෙස ගෙවා තිබෙන අතර සංස්ථා (සිපෙට්කො) සේවකයන්ට ද ඒ හා සමාන අතිකාල දීමනා ප්‍රමාණයක් ගෙවා තිබේ.



මේ අනුව 2020 වසරේ දී පර්යන්ත සමාගමෙහි සේවකයන්ගේ මූලික වැටුප සඳහා රුපියල් කෝටි 283ක මුදලක් ගෙවා තිබිය දී අතිකාල ඇතුළු විවිධ දීමනා සමග එම වසරේ දී එහි සේවකයන්ගේ සමස්ත වැටුප සඳහා රුපියල් කෝටි 621ක් (6,210,198,330) වැය වී ඇත. සිපෙට්කො සේවකයන්ට ද ඒ හා සමාන වැටුප් ප්‍රමාණයක් ගෙවා ඇත.



(ශිරාන් රණසිංහ -divaina.lk )

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...