BREAKING
Top Ad
පුවත්

කන්දකාඩු උපදේශකවරයෙකුට හා දරු දෙදෙනාට කොරෝනා: සිසුන් 70ක් නිරෝධායනයට

T

The Leader

July 11, 2020 • 6:08 AM

කන්දකාඩු උපදේශකවරයෙකුට හා දරු දෙදෙනාට කොරෝනා: සිසුන් 70ක් නිරෝධායනයට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශකවරයෙක් ලෙස කටයුතු කළ නිලධාරියෙකුට සහ ඔහුගේ දරුවන් දෙදෙනාට
  • මෙම උපදේශක නිලධාරියා අනුරාධපුරය ප්‍රදේශයේ සිට කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානය වෙත ජුලී මස 01 වෙනිදා පැමිණ ඇති අතර ඔහු යලි 02 වෙනිදා අනුරාධපුරය පිහිටි තිසා වැව පිහිටි සිය කඳවුර වෙත ගොස් තිබෙන බව හමුදාපතිවරයා සඳහන් කර සිටියේය.
  • එලෙස පැමිණි එම නිලධාරියාගේ ඥාතියෙකුගේ අවමංගල්‍යයක් හේතුවෙන් කඳවුරට ඇතුලත් නොවී යලි රාජාංගනය යාය 05 ප්‍රදේශයේ පිහිටි සිය නිවෙස වෙත ගොස් තිබෙන බවට කරුණු අනාවරණය වී ඇත.
  • මෙම නිලධාරියාගේ ඥාතියාගේ අවමංගල උත්සවය පැවති රාජාංගනය යාය 03 හි පිහිටි ස්ථානය වෙත ගොස් ඇති අතර එම අවමංගල උත්සවයේ අවසන් කටයුතු ජුලි මස 03 වෙනිදා සිදුව තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):

කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටියි.

මෙම උපදේශක නිලධාරියා අනුරාධපුරය ප්‍රදේශයේ සිට කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානය වෙත ජුලී මස 01 වෙනිදා පැමිණ ඇති අතර ඔහු යලි 02 වෙනිදා අනුරාධපුරය පිහිටි තිසා වැව පිහිටි සිය කඳවුර වෙත ගොස් තිබෙන බව හමුදාපතිවරයා සඳහන් කර සිටියේය.

එලෙස පැමිණි එම නිලධාරියාගේ ඥාතියෙකුගේ අවමංගල්‍යයක් හේතුවෙන් කඳවුරට ඇතුලත් නොවී යලි රාජාංගනය යාය 05 ප්‍රදේශයේ පිහිටි සිය නිවෙස වෙත ගොස් තිබෙන බවට කරුණු අනාවරණය වී ඇත.

මෙම නිලධාරියාගේ ඥාතියාගේ අවමංගල උත්සවය පැවති රාජාංගනය යාය 03 හි පිහිටි ස්ථානය වෙත ගොස් ඇති අතර එම අවමංගල උත්සවයේ අවසන් කටයුතු ජුලි මස 03 වෙනිදා සිදුව තිබේ.

මෙම උපදේශකවරයා සහභාගිවූ අවමංගල උත්සවයට සහ දානය වෙනුවෙන් සහභාගිවූ බව කියන පුද්ගලයින් 300 දෙනෙකු හඳුනා ගෙන ඔවුන්ව ස්වයං නිරෝධායනයට ලක් කිරිමට පියවර ගත් බව යුධ හමුදාපතිවරයා කියා සිටියි.

කොරෝනා වෛරසය ආසාදනය වූ බවට තහවුරු වූ උපදේශකවරයාගේ දරුවන් දෙදෙනා වයස අවුරුදු 11ක සහ අවුරුදු එකහාමාරක පසුවේ. කොරෝනා වෛරසය ආසාදනය වූ එම අවුරුදු 11ක් වියේ පසුවන දරුවා පසුගිය ජුලි 4, 6 සහ 07 යාන දිනවල දී පාසැල් ගොස් ඇති බවත් ඔහුගේ පන්තියේ සිටින සිසුන් 70 දෙනෙකු සොයා ගෙන ඇති අතර ඔවුන්ව නිවසේදීම ස්වයං නිරෝධායනයට ලක් කිරිමට කටයුතු යොදා ඇති බවද යුද්ධ හමුදාපතිවරයා සඳහන් කර සිටියේය.


උපදේශිකාව IDH :

කන්දකාඩු මධ්‍යස්ථානයේ සේවය කළ කොරෝනා ආසාදිත උපදේශිකාවක් පසුගියදා නාත්තන්ඩිය කොට්ටරාමුල්ල ප්‍රදේයේදී හඳුනාගත් අතර ඇය මේ වනවිට කොළඹ IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින්නී ය.

පසුව ඇයගේ මව සහ පියා ද කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය වෙත රැගෙන ගොස් තිබිණ.

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...