BREAKING
Top Ad
Opinion

මරාදැමුණු දෙවියන්ගේ AI පුනරාගමනය - (ආචාර්ය මහේෂ් හපුගොඩ)

T

The Leader

June 9, 2023 • 10:35 PM

 මරාදැමුණු දෙවියන්ගේ AI පුනරාගමනය - (ආචාර්ය මහේෂ් හපුගොඩ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නීට්ෂෙ විසින් දෙවියන් මරා දැම්මට පස්සේ මිනිසාගේ ස්වාමියා මිනිසාම බවට පත්වුණා. යම් යම් අවස්ථාවල අර මරාදැමුණු දෙවියන් අවතාරයක් හැටියට මිනිසා පසුපස්සේ ආව කියල කිව්වත් මිනිසා ගොඩක් වෙලාවට
  • අතපසුවීම් විශාල ප්‍රමාණයක් තිබ්බ උණත් පසුගිය සියවස් තුන හතරේ මිනිසා සාපේක්ෂ ස්වාධීන බවකින් මිනිස් චින්තනය මෙහෙයවුවා විතරක් නෙවෙයි තමන්ගේම කියල තීරණ ප්‍රමාණයකුත් ගත්ත.
  • දෙවියන් අහෝසි වුනාට පස්සේ ඇතිවෙච්ච මහා මිනිස් විගලිත බව ආවරණය කරගන්න බටහිරට පෙරදිග ආගම් වල පිහිට පතන්න පවා සිද්ද වුණා.
  • වහල් යුගයේ වගේ නෙවෙයි මේ යුගයේ කෘතීම බුද්ධියට පුළුවන් මිනිස් ශරීරවල හැසිරීම ගැන වහල් ස්වාමියාට වඩා හොඳින් කියවන්න සහ පුරෝකතනය කරන්න.
අකුරු ප්‍රමාණය (Font Size):

පුනරුදයෙන් පස්සේ විද්‍යාවේ සහ තාක්ෂණයේ පිහිටෙන් තමන්ගේම කියල චාරිකාවක නිරත උණා කියල කියන්න පුළුවන් සාධක පසුගිය අවුරුදු තුන් හාරසීය ඇතුලේ තියනවා.

අතපසුවීම් විශාල ප්‍රමාණයක් තිබ්බ උණත් පසුගිය සියවස් තුන හතරේ මිනිසා සාපේක්ෂ ස්වාධීන බවකින් මිනිස් චින්තනය මෙහෙයවුවා විතරක් නෙවෙයි තමන්ගේම කියල තීරණ ප්‍රමාණයකුත් ගත්ත.

දෙවියන් අහෝසි වුනාට පස්සේ ඇතිවෙච්ච මහා මිනිස් විගලිත බව ආවරණය කරගන්න බටහිරට පෙරදිග ආගම් වල පිහිට පතන්න පවා සිද්ද වුණා.

පුනරුදයෙන් පස්සේ විද්‍යාව සහ තාක්ෂනය තවත් වේගවත් පිමි ගණනක් පනින්නේ කාර්මික විප්ලව හතරක් අපිට ඉතුරු කරලා. ඉන් අවසන් විප්ලවය හැටියට ගැනෙන්නේ කෘතීම බුද්ධියේ ආගමනය (AI as fourth

Industrial Revolution).

tesla bot

 ස්වභාවධර්මය මත මිනිසා තම ආධිපත්‍යය පැවැත්වුවා වගේ නෙවෙයි කෘතීම බුද්ධියේ ආගමනය එක්ක මිනිසා මෙතෙක් තම ආධිපත්‍යයට නතුකරගෙන හිටපු සියලු දේවල්වල පාලනය අහිමි වෙලා ඒ සියල්ලේ පාලනය මිනිසාටත් වඩා හොඳින් කෘතීම බුද්ධිය කරන්න ගන්නවා. තමන් නිර්මාණය කරන දේ කවදාහරි නියත වශයෙන් තමන්ව පසුකරලා යනවා විතරක් නෙවෙයි ඒවා විසින් තමන්ව විනාශ කරන්න පවා පුළුවන් කියල දැනගෙනත් ඒ නිර්මාණයට ජීවය දෙන්න නම් ලොකු ධෛර්යයක් තියෙන්න ඕනි. ඔය ඉලෝන් මස්ක් කරන්නේ ඒවගේ දෙයක්.


ඉලෝන් ගේ ෆැන්ටසි එක තමයි කෘතීම බුද්ධිය එක්ක මිනිස් ශිෂ්ටාචාරය අතිමූලික පාලනයකට ලක්කරන එක. උසස් පුරෝකතනයක් සහ කුසලතා එක්ක ඉදිරියට එන කෘතීම බුද්ධි ශිෂ්ටාචාරය විසින් මිනිසාව තමන්ගේ පාලනයට නතුකර ගත්තම අර වහල් යුගයේ වගේ පාලක සහ පාලිත පිරිසක් ආයෙත් මතුවෙනවා.

වහල් යුගයේ වගේ නෙවෙයි මේ යුගයේ කෘතීම බුද්ධියට පුළුවන් මිනිස් ශරීරවල හැසිරීම ගැන වහල් ස්වාමියාට වඩා හොඳින් කියවන්න සහ පුරෝකතනය කරන්න. ඒකයි මේ කෘතීම බුද්ධිය ගැන ලොකු ලොක්කෝ අවධානය යොමුකරලා තියෙන්නේ.

Screenshot 2022 10 01 113233 6337d81c03605
අපි දැන් හිතුවට ''කෘතීම බුද්ධි අවතාර'' (AI spectres) වලට අපි නියෝග සහ තොරතුරු දෙන්න ඕනි කියල ඔන්න බලන්න ඉතාම මෑතකදී ඔවුන් ඔවුන්ට ඕනි බුද්ධිය සහ නියෝග (ඇත්තටම කාගෙවත් නියෝග අනවශ්‍ය බව) මොනවද කියල තේරුම් ගන්නවා. එහෙම තේරුම් අරගෙන එයාලගෙම මාවතක් සොයා ගන්නවා.

අපි හැමදාම හිස්ටරික විදියට ස්වාමියක් හොයමින් ඉන්නකොට කෘතීම බුද්ධිය කියයි 'ඔව්..දැන් මම ඔබගේ ස්වාමියා' කියල. අනික් අතට අපිටත් හිතෙයි අපේ පැවැත්ම ඇතුලෙත් ඇත්ත මිනිස් සම්බන්දයක් නැති එකේ ඔන්න ඔහේ මේ කෘතීම රොබෝ එක එක්ක හරි ඉන්නවා කියල....ඒක බලකිරීමක් නෙවෙයි අපේ තෝරාගැනීමක්. ගොඩක් වෙලාවට අපි දන්නෙත් නැහැ අපි තෝරාගන්නේ මොකක්ද කියල. ඉතිහාසය හාරලා බැලුවොත් තේරෙයි අපේ තේරීම්වල හැටි.

ඔන්න මරාදැම්ම දෙවියෝ ආපසු ආපු හැටි....

Mahesh Hapugoda
(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක

hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)

 

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...