The Leader News
BREAKING
බිග් බෑෂ් පිලෙන් චමරි ඉවතට: හෝබාර්ට් තීරණයේ පසුබිම●Diginote :ලාෆ්ස් ගෑස් රු. 1,775කින් ඉහළට: බැංකු ලාභ වාර්තා නිකුත් වේ●සාෆ් කුසලාන අවසන් සටනට ඉන්දියාව සහ බංග්ලාදේශය ද?●අයවැය විවාදය: රජයේ ආර්ථික ගමන්මග ගැන විපක්ෂ නායකගෙන් ප්‍රශ්න කිරීම්●බදු සහන පසුපස ඇති කතාව: මාස 6කින් අහිමි වූ බිලියන 461●කොළඹ ගංවතුර AI ව්‍යාජ වීඩියෝවට එරෙහිව නීතිමය පියවර●විමල්, උදය සහ දිලිත්ට එරෙහි පැමිණිල්ල විභාගයට ගන්නවාද? තීන්දුව ජනවාරි 12●ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිළිගැනීම අහෝසිද? මැතිවරණ කොමිසමෙන් පැහැදිලි කිරීමක්  ●විදේශ ත්‍රස්ත සටන්කරුවන් වැළැක්වීමේ පනතට කාරක සභා අනුමැතිය●ලෝකයම හෙල්ලූ තාක්ෂණික සහ දේශපාලන පෙරළි තුනක ඇතුළාන්තය●
Top Ad
පුවත්

මහ මැතිවරණය තවත් කල් යයි - සෞඛ්‍ය බලධාරීන්ගේ 'කොළ එළියක්' ලැබුන පසු සති 09කින් !

T

The Leader Desk

May 20, 2020 • 9:07 AM

 මහ මැතිවරණය තවත් කල් යයි - සෞඛ්‍ය බලධාරීන්ගේ 'කොළ එළියක්' ලැබුන පසු සති 09කින් !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මැතිවරණ දිනය අභියෝගයට ලක්කරමින් ගොනුකර තිබෙන පෙත්සම් අද (20) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ තෙවැනි දිනටත් කැඳවනු ලැබූ අවස්ථාවේදී මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය සහ එහි සාමාජික නලින් අබේසේකර යන මහත්වරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මෙම දැනුම්දීම සිදු කළේය.
  • කෙසේවෙතත් මැතිවරණ කොමිෂන් සභාව ජනතාවගේ ස්වාධිපත්‍යය බලය හා ජන්ද අයිතිය වෙනුවෙන් කැපවෙන බව නීතිඥ සාලිය පීරිස් එහිදී අවධාරණය කළේය. මෙම දැනුම් දීමෙන් අනතුරුව පෙත්සමක් ඉදිරිපත් කර තිබූ නීතිඥ චරිත ගුණරත්න වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්.ඒ.
  • සුමන්දිරන්, තම සේවාදායකයා ඉල්ලා සිටින සහනය මේ වන විටත් හිමි වී ඇති නිසා එම පෙත්සම ඉදිරියට පවත්වාගෙන නොයන බව දැනුම් දුන්නේය.
අකුරු ප්‍රමාණය (Font Size):

මැතිවරණ දිනය අභියෝගයට ලක්කරමින් ගොනුකර තිබෙන පෙත්සම් අද (20) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ තෙවැනි දිනටත් කැඳවනු ලැබූ අවස්ථාවේදී මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය සහ එහි සාමාජික නලින් අබේසේකර යන මහත්වරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මෙම දැනුම්දීම සිදු කළේය.

කොරෝනා වෛරසයට අදාළව කටයුතු කරන සෞඛ්‍යය අංශ ඇතුළු බලධාරීන්ගෙන් සුබදායි නිර්දේශයක් ප්‍රකාශයට පත්වන තුරු මැතිවරණයක් පැවැත්විය නොහැකි බව සදහන් කළ මැතිවරණ කොමිසම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා, එසේ කොළ එළියක් ලැබී සති 9 ක් හා සති 11 ක් අතර කාලය තුළ මහ මැතිවරණයක් පැවැත්විය හැකි බව අධිකරණයට දන්වා සිටියේය.

කෙසේවෙතත් මැතිවරණ කොමිෂන් සභාව ජනතාවගේ ස්වාධිපත්‍යය බලය හා ජන්ද අයිතිය වෙනුවෙන් කැපවෙන බව නීතිඥ සාලිය පීරිස් එහිදී අවධාරණය කළේය. 

මෙම දැනුම් දීමෙන් අනතුරුව පෙත්සමක් ඉදිරිපත් කර තිබූ නීතිඥ චරිත ගුණරත්න වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්දිරන්, තම සේවාදායකයා ඉල්ලා සිටින සහනය මේ වන විටත් හිමි වී ඇති නිසා එම පෙත්සම ඉදිරියට පවත්වාගෙන නොයන බව දැනුම් දුන්නේය.

සෙසු පෙත්සම් පිළිබඳ විභාගය අගවිනිසුරු ජයන්ත ජයසූරිය ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ  පැවැත්වේ.

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...