The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

සංචරන සීමා නැති ටෙක්ස්ට් කරන ශෘංගාරය -Faculty of Sex

T

The Leader Desk

May 13, 2021 • 5:57 PM

සංචරන සීමා නැති ටෙක්ස්ට් කරන ශෘංගාරය -Faculty of Sex

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දැන් කොවිඩ් හින්ද එකිනෙකා මුනගැහෙන එකත් ඇනහිටලනෙ තියෙන්නෙ.
  • එතනදි අදාල වෙන්නෙ අනිත් කියවන්නාට ඒ දේ සන්නිවේදනය වෙන විදිහ විතරයි.    අනිත් හැම ටෙක්ස්ට් එකේදිම පොලයිට් වෙන අපි සෙක්ස්ටින්ග්වලදි ඒ සීමා තරණය කරනවා.
  • ඒ අකුරු ගැලපෙන වචන රිද්මය තමයි අනෙකාගේ සිරුර පුරා අපේ අතැඟිලි දුවන කලාව.    අපිට අපේ ජීවිතේ ගැඹුරුම, අතිශය පුද්ගලිකම දේවල් සෙක්ස්ටින්ග් ඇතුලෙ බෙදාගන්න පුළුවන්.
  • අපිට පුළුවන් අපේ සංස්කරණය නොකළ ජීවිතය ඒ අකුරු ඇතුලට කවන්න.
අකුරු ප්‍රමාණය (Font Size):
 
 
ඒ කියන්නෙ දුරස්ථ සම්බන්ධතා ඒවායේ උපරිම ඉම හොයාගෙන යන කාලයක් මේක. 
 
අපේ අතේ තියෙන ෆෝන් එක තමයි එතනදි ලොකුම ලිංගික අතරමැදියා වෙන්නෙ. 
 
මෙතනදි සමහර අය කැමතියි ෆෝන්කෝල් එකක් අරන් ඒ කටහඬ අහමින් තමන්ගේ ශෘංගාරය හොයාගෙන යන්න. 
 
 
 
 
 
 
ඒ අතර තව සමහර අය කැමතියි සාහිත්‍යය පාවිච්චි කරන්න. මෙතනදි සාහිත්‍යය කියල කියන්නෙ ටෙක්ස්ට් කරන එකට. මැසේජස් යවන එකට. ඒ ටෙක්ස්ට්වල සෙක්ස් කතා කරනකොට අපි කියනවා සෙක්ස්ටින්ග් කියල. සෙක්ස්ට් කරන්න දක්ෂ ලියන්නන්ට අපි කියනවා සෙක්ස්ටර්ස්ලා කියල.
  FAFA
 
සෙක්ස්ටින්ග් වලදි අපි ඉගෙන ගන්න වැදගත්ම දෙයක් තමයි සෙක්ස් කියන එක ශරීරයම මූලික දෙයක් නෙමෙයි කියන එක. අකුරුවල පවා සෙක්ස් තියෙනවා කියන එක.
 
 අපි අපේ හැඟීම් අකුරුවලට කොටලා ෆෝන් එක හරහා තව අපිව කියවන්න කැමති කෙනෙකුට යවනවා. ඒ අකුරු නැවත හැඟීම්වලට ඩීකෝඩ්වෙලා ඒ කියවන්නාගේ ඉරොතික කලාපයන් අවුස්සනවා.
 
 
මේක ඉතාම ක්‍රියේටිව් වැඩක්. දක්ෂ ලේඛකයෙක් වගේම සෙක්ස්ටර් කෙනෙක් දැනගන්න ඕන හරිම කෙටියෙන් වැඩියෙන්ම අවුස්සනසුලු දේ ලියන්න. 
 
ඒකට ඒ කියවන්නාගේ මනස ගැන දැනීමකුත් තියෙන්න ඕන. ඒ වගේම නිකංම කුනුහරුප කොටනවට වඩා හොඳ සෙක්ස්ටර් කෙනෙක් තමන්ගේ ශෘංගාර පරිකල්පනය දිගේ අනෙකාව අරගෙන යනවා, අනිත් හැම ලේඛකයෙක් වගේම. 
 
හැබැයි සෙක්ස්ටර් කෙනෙක් ලියන්නෙ එකම එක පාඨකයෙක් වෙනුවෙන්. එයාට දැනෙන පුද්ගලිකම තැන්වලින්. ඒක ලේඛකයා සහ කියවන්නා අතර තිබිය හැකි වඩාත් ඉන්ටිමේට්ම සම්බන්ධතාවලින් එකක්.
 
සෙක්ස්ටින්ග්වලදි අපි අනෙකාගේ අනුරාගය අවුස්සනවා. එයාව සුරතාන්තයක් දක්වා අරගෙන යනවා. එතනදි අපි පාවිච්චි කරන සාහිත්‍යය වෙන කිසිම තැනක පාවිච්චි කරන විදිහෙ එකක් නෙමෙයි. ඉතාම පහත් නැත්තං වනචර විදිහට හඳුන්වන වචන යෙදුම් පවා සෙක්ස්ටින්ග්වලදි අනුරාගී කූටප්‍රාප්තීන් දෙනවා වෙන්න පුළුවන්. 
 
 
පිළිගත් සාහිත්‍යයේ සීමාවන්ට යටත් නැති නිදහස් පුද්ගලික සාහිත්‍යයක් ඇතුලෙ සෙක්ස්ටර්ස්ලා ලියන දේවල් සම්මාන ඇගයුම්වලට පාත්‍රවෙන්නෙ නෑ. සෙක්ස්ටර් කෙනෙක් ලබන ලොකුම සම්මානය වෙන්නෙ කියවන අනෙකාගේ උපරිම සුරතාන්තය.
  
සමාජයෙන් අපහාසාත්මකයි කියන, සදාචාරාත්මක නොවෙන, ආචාරශීලී නොවෙන ඕනම දෙයක් සෙක්ස්ටර් කෙනෙකුට පාවිච්චි කරන්න නිදහස තියෙනවා. එතනදි අදාල වෙන්නෙ අනිත් කියවන්නාට ඒ දේ සන්නිවේදනය වෙන විදිහ විතරයි. 
 
අනිත් හැම ටෙක්ස්ට් එකේදිම පොලයිට් වෙන අපි සෙක්ස්ටින්ග්වලදි ඒ සීමා තරණය කරනවා. අපේ හැම අකුරක්ම අනෙකාගෙ ශරීරය කිතිකවන ස්පර්ශයක්. ඒ අකුරු ගැලපෙන වචන රිද්මය තමයි අනෙකාගේ සිරුර පුරා අපේ අතැඟිලි දුවන කලාව. 
 
අපිට අපේ ජීවිතේ ගැඹුරුම, අතිශය පුද්ගලිකම දේවල් සෙක්ස්ටින්ග් ඇතුලෙ බෙදාගන්න පුළුවන්. අපිට කිසිම වැරදිකාරී හැඟීමක් නැතුව අනෙකා එක්ක අපේ සියලු යටපත් නොකළ ආශාවන් දිගේලි කරන්න පුළුවන්. කෙඳිරිලි සද්ද, ඉමෝජීස්, ඉමේජස්, වීඩියෝස්වලින් කුල්මත් කරන්න පුළුවන්. සෙක්ස්ටින්ග්වලදි අපිට හොඳ ළමයෙක් වෙන්න ඕන නෑ. අපිට පුළුවන් අපේ සංස්කරණය නොකළ ජීවිතය ඒ අකුරු ඇතුලට කවන්න.
 
රෑ එලිවෙනකල් නිදි නැතුව පෙම්වතුන් හුවමාරු කරන සෙක්ස්ට් අන්තිමට ෆෝන් කොම්පැනිවලට වටින්නෙ ඩේටා විදිහට විතරයි. ඒත් ඒ ඩේටා ඇතුලෙ තියෙන තොග ගනං බර හැඟීම් කිසි තැනක ගනන් බැලෙන්නෙ නෑ. ඒවා ඒ රහස් සම්බන්ධතා ඇතුලෙ අත්දැකීම් විදිහට සම්පූර්ණ වෙනවා.
 
dfvd
 
කිසිම ආර්ට් එකක් නැතුව ගොරහැඬි ටෙක්ස්ට් යවන බහුතරය නිසා සෙක්ස්ටින්ග් අතාරින්න ඕන නෑ. අපිට පුළුවන් සෙක්ස්ටින් ඇතුලෙ කලාවන් හොයාගෙන යන්න. වෙනස් භාවිතාවන්, සාහිත්‍යයන් අත්හදාබලන්න. 
 
ශූර සෙක්ස්ටර් කෙනෙක් වෙනවා කියන එක එකරැයක වැඩක් නෙමෙයි. ඒකට සතථ අභ්‍යාසය ඕන කරනවා. කවදා හරි දවසක ලෝකෙ සෙක්ස්ටින්ග් කියන එක සාහිත්‍යයක් විදිහට කියවන්න පටන් ගනීවි. එදාට අපේ අනෙක් සාහිත්‍යයන්ට ඉගෙන ගන්න ගොඩක් දේ එතන තියේවි.
 
 
Chinthana D(චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක 
 
 

 

 


 

 THE LEADER TV 

 

පොලිසියේ 'ඝාතන අධිකරණයට ' එරෙහිව නීතිඥ සංගමය දැඩි තීන්දුවකට.!

 

 

ගෝඨාට මහින්දට නොකියා රට ගිය බැසිල් සුරේන්ට කිවූ රහස?

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...