The Leader News
BREAKING
'වරායේ කන්ටේනර් සිරවීමක් නෑ; ආහාර හිඟයක් එන්නේ නෑ' - ඇමැති වසන්ත●පිරවුම්හල් කිහිපයක තදබදයක්: හේතුව බෙදුම්කරුවන් හෙළිකරයි●කසාගල ග්‍රීන් ප්ලාන්ටේෂන් අර්බුදය: කෘෂිකර්මයේ මුවාවෙන් කළ මූල්‍ය මෙහෙයුම?●කුමාර ජයකොඩිට එරෙහි නඩුව නොවැම්බර් 03ට●ශිරන්ති රාජපක්ෂගෙන් මාලිගාකන්ද අධිකරණයට අපේක්ෂිත ඇප අයැදුමක්●ඥානසාර හිමියන්ට අංකයක්: ජම්පරය අන්දවයි●ජස්වර් උමාර්ට දකුණු ආසියානු පාපන්දුවේ ඉහළම තනතුරු දෙකක්●හතරේ සීමාවෙන් එපිටට ගියත් හයක් නැති ක්‍රිකට් නීතිය●දීප්ති කුමාර: හොරකම් නොකළ පමණින් ආණ්ඩුවක් අලුත් වෙන්නේ නැහැ●'අන්ධ විශ්වාස' මත දේශපාලන ලේබල් ඇලවීමේ මධ්‍යමපංතික නූගත්කම●
Top Ad
පුවත්

මාර්තු 01 සිට සැෂේ පැකට් තහනම්

T

The Leader Desk

January 31, 2021 • 10:58 AM

මාර්තු 01 සිට සැෂේ පැකට් තහනම්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.
  • ජාතික පාරිසරික පනතින් පරිසර අමාත්‍ය මහින්ද අමරවීරට පැවරී ඇති බලතල අනුව එම නියාමනයන් සිදුකර කර තිබේ.
  • දිනකට රුපියල් ලක්ෂ 26 ක් වටිනාකමින් යුත් ෂැම්පෝ, හෙයාර් ඩයි හා හෙයාර් ජෙල් පැකට් පාවිච්චි කරන බව පරිසර අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.
  • මෙසේ ෂැම්පෝ පැකට් වැඩිපුරම පාවිච්චි කරන්නේ වෙළඳ කලාපයේ තරුණියන් බවට හඳුනාගෙන ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):
මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.
 
ජාතික පාරිසරික පනතින් පරිසර අමාත්‍ය මහින්ද අමරවීරට පැවරී ඇති බලතල අනුව එම නියාමනයන් සිදුකර කර තිබේ.
 
දිනකට රුපියල් ලක්ෂ 26 ක් වටිනාකමින් යුත් ෂැම්පෝ, හෙයාර් ඩයි හා හෙයාර් ජෙල් පැකට් පාවිච්චි කරන බව පරිසර අමාත්‍යාංශය ප්‍රකාශ කරයි. මෙසේ ෂැම්පෝ පැකට් වැඩිපුරම පාවිච්චි කරන්නේ වෙළඳ කලාපයේ තරුණියන් බවට හඳුනාගෙන ඇත. මෙසේ කුඩා ප්‍රමාණයේ ෂැම්පෝ පැකට් තහනමින් වෙළඳ කලාපයේ තරුණියන්ට බලවත් අසාදාරනයක් සිදුවන බවට මැසිවිලි නැගෙමින් තිබේ.
 
සැෂේ පැකට් පාවිච්චි තහනම් කිරීමට පෙර සහන කාලයක් ලබා දෙන ලෙසට ව්‍යාපාරික පිරිසක් ඉල්ලා ඇතත් තීරණයේ වෙනසක් නොවන බව පවසා ඇති ඇමතිවරයා, ප්ලාස්ටික් නියාමනයට අදාළව අති විශේෂ ගැසට් පත්‍ර දෙකක් නිකුත් කර තිබේ.
 
ඒ අනුව, යම් ක්‍රියාවලියක්, වෙළෙඳාමක් හෝ කර්මාන්තයක් සඳහා පාවිච්චි කරනු ලබන කෘෂිරසායන ද්‍රව්‍ය ඇසුරුම් කිරීම සඳහා පොලිඑතිලීන් ටෙරප්තැලේට් (PET) හෝ පොලිවයිනයිල් ක්ලෝරයිඩ් (PVC) ද්‍රව්‍ය සඳහා එම තහනම ක්‍රියාත්මක කර තිබේ.
 
අංක 2211/51 2021 ජනවාරි මස 21 දින දරන අති විශේෂ ගැසට් පත්‍රය මඟින් ඒ බව දැනුම් දී ඇත.
 
ඒ අනුව, යම් ක්‍රියාවලියක්, වෙළෙඳාමක් හෝ කර්මාන්තයක් සඳහා පහත දක්වා ඇති නිශ්චිත ප්ලාස්ටික් අයිතම හැර සෙසු දෑ පාවිච්චි කිරීම තහනම් කර තිබේ.
 
1. ශුද්ධ පරිමාව මි.ලී 20ට / ශුද්ධ බර ග්‍රෑම් 20ට සමාන හෝ ඊට අඩු සැෂේ (Sachet) (ආහාර සහ ඖෂධ ඇසුරුම් කිරීමට භාවික කිරීම සඳහා හැර,
2.හුළංවලින් පිරවිය හැකි සෙල්ලම් බඩු - බැලුන්, බෝල, දිය මත පාවෙන/ පිහිනුම් තටාකවල දී භාවිත කරන සෙල්ලම් බඩු සහ ජල ක්‍රීඩා උපකරණ හැර,
3.ප්ලාස්ටික් කූර (Stem) සහිත කෝන් බඩ්ස් (cotton buds) වෛද්‍ය / සායනික ප්‍රතිකාර සඳහා භාවිත කරන ප්ලාස්ටික් කොට්න් බඩ්ස් හැර අනෙකුත් දෑ පාවිච්චි කිරීම තහනම් වේ.
 
මේ අතර අංක 2211/50 2021 ජනවාරි 21 වන දින දරන ගැසට් පත්‍රය මඟින් ඕනෑම ප්ලාස්ටික් නිෂ්පාදනයකට අදාළව එම නිෂ්පාදන සඳහා යොදාගත් ප්ලාස්ටික් වර්ගය සඳහන් කිරීම අනිවාර්ය කර ඇත.
 
එමෙන්ම එක් එක් ප්ලාස්ටික් වර්ගය හඳුනාගැනීම සඳහා යෙදිය යුතු ජාත්‍යන්තරව භාවිත කරනු ලබන සංකේත ක්‍රමයක් හඳුන්වා දී තිබේ. 
 
ප්ලාස්ටික් ද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය පහසු කිරීම මඟින් පරිසර දුෂණය අවම කිරීම මෙහි අරමුණයි.
 
ඒ අනුව අදාළ ප්ලාස්ටික් මාර්තු මස 31 වන දිනට පසු නිෂ්පාදනය කරන සහ වෙළෙඳාම් කරන පුද්ගලයින්ට එරෙහිව ජාතික පාරිසරික පනතට අනුව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව මධ්‍යම පරිසර අධිකාරිය වැඩිදුරටත් පෙන්වා දෙයි.
 
ප්ලාස්ටික් ද්‍රව්‍ය හඳුනාගැනීමේ ප්‍රමිති සලකුණු පහතින් දැක්වේ.
 
1612069632 1 
 
මේ සම්බන්ධයෙන් නිකුත් කරන ලද අති විශේෂ ගැසට් නිවේදන දෙක පහතින් දැක්වේ.
 
21 01 21 Gazzete 1

21 01 21 Gazzete 2

 
(මුලාශ්‍රය - දෙරණ)

 

 


 

 

 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...