The Leader News
BREAKING
Top Ad
පුවත්

අප්‍රේල් 01 වෙනිදා ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේදී රෙදිපිළි වෙන්දේසියක්

T

The Leader Desk

March 26, 2025 • 1:49 PM

අප්‍රේල් 01 වෙනිදා ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේදී රෙදිපිළි වෙන්දේසියක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එළඹෙන සිංහල හින්දු අලුත් අවුරුද්ද නිමිත්තෙන් අඩුම මිලට රෙදි පිළි තොග වශයෙන් ලබා ගත හැකි සුවිශේෂී ඇඟලුම් වෙන්දේසියක්
  • 20 ක් වැනි අඩු මුදලකින් ආරම්භ වන ඉල්ලුම් සමග තමන්ගේ මිලට සරිලන තෙක් ඉල්ලුම් කොට ඇඟලුම් ලබා ගැනීමට අද්විතීය අවස්ථාවක් ලබාදී ඇත.
  • අපනයන තත්ත්වයේ ගුණාත්මක අයිතම 50,000 කට වඩා ඉදිරිපත් කර ඇති අතර කර්මාන්ත ශාලා ඇගලුම් තොග අඩුම මිලකට විකිණීමට සැලසුම් කර ඇත.
  • ප්‍රමුඛ පෙළේ දේශීය කර්මාන්තශාලා වලින් අතිරික්ත සහ නිෂ්කාශන ඇඟලුම් තොග මෙලෙස ලබා දී තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):

කොළඹ ලෝක වෙළඳ මධ්‍යස්ථානයේදී අප්‍රේල් 1 වන දින පෙ.ව. 10 ට පැවැත්වේ.

සිංහ ඔක්ෂන් සමාගම සහ රෙදි පිළි නිෂ්පාදකයින්ගේ සුබ සාධක සංගමය සංවිධානය කරන මෙම වෙන්දේසිය මගින් උසස් තත්ත්වයේ නිමි ඇඳුම් අසම සම මිලකට පිරිනැමීමට සූදානම් වන අතර, ඇඳුම් ලෝලීන් සහ ගැනුම්කරුවන් යන දෙපිරිසටම පහසුකම් සපයනු ලැබේ.

කොළඹ ලෝක වෙළඳ මධ්‍යස්ථානයේදී පැවැත්වෙන මෙම වෙන්දේසිය, සම්මත සහතික සහිත පිළිගත් අපනයන ගුණාත්මක ඇඳුම් ලබා දීමටත්, සියල්ල තරඟකාරී මිලකට ලබා ගත හැක.

මෙම වෙන්දේසියේදී ගැනුම්කරුවන්ට රු. 20 ක් වැනි අඩු මුදලකින් ආරම්භ වන ඉල්ලුම් සමග තමන්ගේ මිලට සරිලන තෙක් ඉල්ලුම් කොට ඇඟලුම් ලබා ගැනීමට අද්විතීය අවස්ථාවක් ලබාදී ඇත.

වෙන්දේසියේ විනිවිද පෙනෙන ක්‍රියාවලිය තුළ  කාර්යක්ෂම ලංසු තැබීමේ ක්‍රියාවලියක් සමඟ, සහභාගිවන්නන්ට සිංහ ඔක්ෂන් සමාගමෙන් අවශ්‍ය සහාය ලබා ගත හැකි අතර, මෙම වෙන්දේසියේදී  විශ්වාසයෙන් ගනුදෙනුවල නිරත විය හැකිය.

අපනයන තත්ත්වයේ ගුණාත්මක අයිතම 50,000 කට වඩා ඉදිරිපත් කර ඇති අතර කර්මාන්ත ශාලා ඇගලුම් තොග අඩුම මිලකට විකිණීමට සැලසුම් කර ඇත.

ප්‍රමුඛ පෙළේ දේශීය කර්මාන්තශාලා වලින් අතිරික්ත සහ නිෂ්කාශන ඇඟලුම් තොග මෙලෙස ලබා දී තිබේ.

 ශ්‍රී ලංකාවේ සිල්ලර වෙළෙන්දන්, නැවත විකුණුම්කරුවන් සහ ව්‍යවසායකයින් සඳහා ස්වර්ණමය අවස්ථාවක් මෙමගින් උදාකර ඇතැයි සංවිධානයකයින් පවසති.

( සටහන | ජේ. මුණසිංහ)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...