The Leader News
BREAKING
Top Ad
පුවත්

විමල්ලාගේ හවුල මාර්තු 02 කරලියට - ශ්‍රීලනිපයත් එක්වේ !

T

The Leader Desk

February 26, 2022 • 7:52 AM

විමල්ලාගේ හවුල මාර්තු 02 කරලියට - ශ්‍රීලනිපයත් එක්වේ !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ආණ්ඩුව නියෝජනය කරන හවුල්කාර පක්ෂ විසින් මාර්තු 02දා ආණ්ඩුව හරි මගට ගෙන ඒමේ යෝජනාවලියක් ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.
  • අමාත්‍ය විමල් වීරවංශ ඇතුළු ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11 ක නායකයින් පසුගිය 23දා රාත්‍රී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගේ නිවසට රැස්වී ඉදිරියේදී ගතයුතු දේශපාලන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ජා පවත්වා තිබිණ.
  • “මුළු රටම හරි මඟට” ජාතික ප්‍රකාශනය එළිදැක්වීමේ අවස්ථාවට විද්වත්හු, වෘත්තිකයෝ, කලාකරුවෝ ඇතුළු සම්භාවනීය පිරිසක් ඇරයුම් ලැබ සිටිති.
අකුරු ප්‍රමාණය (Font Size):


ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, ලංකා සම සමාජ පක්ෂය, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, ජාතික නිදහස් පෙරමුණ, ජාතික කොංග්‍රසය, පිවිතුරු හෙළ උරුමය, ශ්‍රී ලංකා මහජන පක්ෂය, විජය ධරණී ජාතික සභාව, එක්සත් මහජන පක්ෂය, යුතුකම ජාතික සංවිධානය යන දේශපාලන පක්ෂ 11 විසින් සකසන ලද “මුළු රටම හරි මඟට” ජාතික ප්‍රකාශනය එළිදැක්වීම 2022 මාර්තු 02 වැනිදා සවස 3:00ට ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, මොනාක් ඉම්පීරියල් ශාලාවේ දී සිදුකිරීමට නියමිතය.

රටත් ජනතාවත් මේවනවිට අත්විඳින්නේ විවෘත ආර්ථික සංවර්ධන ආකෘතියේ දරුණුතම අවපාතයක ප්‍රතිඵල බවත්, කෙටිකාලීනව එම අර්බුදයට මුහුණ දෙමින්, දීර්ඝකාලීනව මෙරට ආර්ථිකයේ පදනම ශක්තිමත් කෙරෙන, බහුතරයක් ජනතාවට ආර්ථික ඉඩප්‍රස්තා සලසමින් සමාජ සාධාරණත්වය තහවුරු කෙරෙන ආර්ථික ආකෘතියක් නිර්මාණය කළ යුතුව ඇති බවත් පෙන්වා දෙන ඉහත පක්ෂවල නායකයෝ මේ දුෂ්කර අවස්ථාව අභියෝගයක් සේ සලකා, එය ජයගැනීම උදෙසා වන යෝජනාවලියක් මෙසේ ඉදිරිපත් කරන බව ද පවසති.

“මුළු රටම හරි මඟට” ජාතික ප්‍රකාශනය එළිදැක්වීමේ අවස්ථාවට විද්වත්හු, වෘත්තිකයෝ, කලාකරුවෝ ඇතුළු සම්භාවනීය පිරිසක් ඇරයුම් ලැබ සිටිති.

අමාත්‍ය විමල් වීරවංශ ඇතුළු ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11 ක නායකයින් පසුගිය 23දා රාත්‍රී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගේ නිවසට රැස්වී ඉදිරියේදී ගතයුතු දේශපාලන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ජා පවත්වා තිබිණ.


සබැඳි පුවත් :
විමල්ලාගේ පක්ෂ සන්ධානයට මෛත්‍රී ගෙන් හදිසි ආරාධනයක් !

Leader Whats app

  

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...