The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

සමාජ කථිකාව 03 : මේ දවස්වල හිට් එක

T

The Leader Desk

May 23, 2023 • 8:40 AM

සමාජ කථිකාව 03 : මේ දවස්වල හිට් එක

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මේ කථිකාව හරි සංකීර්ණ එකක්.
  • ඒ තමයි අවුරුදු 18 ට අඩු ගැහැණු දරුවෙක් කැමැත්තෙන් කොල්ලෙක් එක්ක යාළුවෙලා ලිංගික සම්බන්ධතාවක් පැවැත්වත් ඒක වැටෙන්නෙ ඉස්සරලා කිව්ව කැටගරියට නිසා.
  • මහා සම්ප්‍රදායට අනුවත් දකුණු ආසියාවේ, විශේෂයෙන් ඉන්දියාවෙත් ඒ ආභාෂයෙන් ලංකාවෙත් අතීතයෙ දෙමව්පියන් තමන්ගෙ දූවරුන්ව විවාහ කරලා දීලා තියෙන්නෙ වයස 16 දි විතර.
  • චූල සම්ප්‍රදාය ඇතුළෙ තත්ත්වය ඊටත් වඩා බරපතලයි.
අකුරු ප්‍රමාණය (Font Size):

මේ කථිකාව හරි සංකීර්ණ එකක්. ඒ තමයි අවුරුදු 18 ට අඩු ගැහැණු දරුවෙක් කැමැත්තෙන් කොල්ලෙක් එක්ක යාළුවෙලා ලිංගික සම්බන්ධතාවක් පැවැත්වත් ඒක වැටෙන්නෙ ඉස්සරලා කිව්ව කැටගරියට නිසා.

මහා සම්ප්‍රදායට අනුවත් දකුණු ආසියාවේ, විශේෂයෙන් ඉන්දියාවෙත් ඒ ආභාෂයෙන් ලංකාවෙත් අතීතයෙ දෙමව්පියන් තමන්ගෙ දූවරුන්ව විවාහ කරලා දීලා තියෙන්නෙ වයස 16 දි විතර. මේක සිංහල හිංදු සංස්කෘතීන් දෙකටම පොදුයි. චූල සම්ප්‍රදාය ඇතුළෙ තත්ත්වය ඊටත් වඩා බරපතලයි. රොබට් නොක්ස් ගෙ “එදා හෙළදිව” සහ ඔහු ලියූ වෙනත් සටහන් ඒ සඳහා සාක්කි.

 

මොකද ඒ කාලෙ ගැහැණු කියන්නෙ ඉක්මනටම මිනිහෙකුට බන්දලා දීල නිදහස් වෙන්න ඕනෙ ජාතියක් කියලා හිතුව නිසා. ඒ හින්දා ගැහැණු දරුවන්ට අධ්‍යාපනය ලැබීම, රැකියාවක් කිරීම තියා තමන් විවාහ වෙන කෙනා කවුද කියලා තීරණය කරන්නවත් අයිතියක් තිබුණේ නෑ. විවාහයෙන් පස්සෙ ඇගේ රාජකාරි වුනේ සැමියට ඇති තරම් දරුවො හදන්න ඉඩ දෙන එකයි බත් තම්බන එකයි.

5416293354 a4b987fb5d c

කාන්තාවන්ට අනුවත් ඒ වගේ වයසෙදි කසාදයක් කරලා නොදුන්නොත් කළු කුමාරයා වැහුණා. යටත් විජිත අවධියෙ අපේ මහා සම්ප්‍රදායේ ඇත්තෝ ආශාවෙන් වැළඳ ගත්ත ඊට පස්සෙ රට පුරා පැතිරුණු වික්ටෝරියානු සංස්කෘතිය නිසා තමයි අපේ ඒ ලිංගික සංස්කෘතිය අද තියෙන විදිහට සකස් වුනේ. ඒක හොඳයි.

නමුත් ලංකාවෙ ක්‍රියාත්මක වුණු රෝම ලන්දේසි වගේම  බ්‍රිතාන්‍ය නීති ක්‍රමය ඇතුලෙත් මෑතක් වෙනකම්ම ගැහැණු ළමයෙකුට වසය 16 වුණාම විවාහ වෙන්න අවසර තිබුණා. වර්තමානයෙ විවාහ විය හැකි වයස 18 වුණාට වයස 16න් පස්සෙ කැමැත්තෙන් ලිංගික සම්බන්ධතා පැවැත්වීමේ අයිතිය ගැහැණු ළමයින්ට තියෙනවා. මුස්ලිම් විවාහ නීතියට අනුව අදත් ඊට වඩා අඩු වයස් දරුවන්ටක් විවාහ වෙන්න අයිතිය තියෙනවා.

කොහොම වුණත් මේ විවාහ නීතිය හා කැමැත්තෙන් ලිංගික සම්බන්ධතා පැවැත්වීමට අයිතිය හිමි වයස සමාජයේ ප්‍රශ්නකාරී එකක්. හරියටම කිව්වොත් එක මිනිහෙක් එක්ක දිගට ලිංගික සම්බන්ධතා පවත්වන්න තහනම් නමුත් කැමති කැමති මිනිස්සු එක්ක දවස ගානෙ සම්බන්ධතා පවත්වන්න පුළුවන් දෙවසරක්. ප්‍රශ්නයක් වගේ පේන්නැද්ද ඒක?

 

මේ සංකීර්ණතාවට හේතු වෙලා තියෙන්නෙ වෛද්‍ය මතය හා මානව අයිතිවාසිකම් මතය අතර ඇති ප්‍රතිවිරෝධතාවක් නිසා. වෛද්‍ය මතයට අනුව වසය 16 දි දැරියක් විවාහ වෙනවා කියන්නෙ ඇයට දරුවන් බිහිකිරීමටත් අවස්ථාව සැලසීමක්. නමුත් ජීවවිද්‍යාත්මකව හා මනෝවිද්‍යාත්මකව එම වයස දරුවන් බිහිකිරීමට සුදුසු අවධියක් නෙවෙයි. එය ස්ත්‍රියකගේ ආයු කාලය පවා අවම කිරීමට හේතුවක් බව. මානව අයිතිවාසිකම් පදනමට අනුව වයස 16 දී නව යෞවනියකට ලිංගික චර්යාවට යොමුවීවට අයිතිය ඇති අවධියක්. 

 

ඒ හින්දා ඓතිහාසිකව බැලුවාමත් නෛතිකව බැලුවාමත් අපේ සමාජය නව යෞවනියකට ලිංගික හැසිරීම සඳහා තහනම් පැණවිය හැකියාවක්  නැහැ. නමුත් ඇත්තටම වෙලා වෙලා තහනම් පනවන එකම තමයි. තියෙන “තාම හය හතර නොදන්න දරුවො” තාම ඇටෙන් පොත්තෙන් තේනි වුණා විතර “ ඉස්කෝලෙ යන දරුවෝ නේද “කියන ආකල්ප සමුදායක් තමයි නව යෞවනය පිළිබඳව ඇති වර්තමාන අධිපතිවාදී මතය. මේ මතය අධිපතිවාදී මතය වෙලා තියෙන්නෙ ඇයි ඒක තමයි ජනප්‍රිය මැද පාංතික සංස්කෘතික මතය.

4228546478 5214ef66a6 b

මැද පංතිය දරුවො හදන්නෙ මල් වගේ. නිර්ධන පංතිය වගේ ඔහේ කැලේට කොලේට අතහැරලා නෙවෙයි. මැදපංතිය කැමති නෑ දුප්පත් මිනිස්සුන්ගෙ ළමයි තමන්ගෙ ළමයින්ගෙ ඇඟේවත් ගෑවෙනවට. කතාබහ කරනවාටවත්. ඒ වගේ දරුවන්ව ආශ්‍රය කරනවට. උපදින්න ඉස්සරලා ඉඳලාමයි මැද පංතිය තමන්ගෙ දරුවන්ට හිරගෙට දාන්නෙ.

නමුත් කොහොම රැක්කත් ඉස්කෝලදි අතිරේක පංතිවලදි වගේ පොදු තැන්වලදි මේ ළමයි මුහුවෙනවා. එවිට මැද පංතියෙ සමහර දරුවන්ට තේරෙන්න ගන්නවා අපේ ලෝකයට වඩා එළියෙ නව යෞවනය හරිම චමත්කාරයි කියලා. ඒක අපි ඔය කතා කරන තත්ත්වයන්ට සමහර දරුවො නිරායාසයෙන් ඇදිලා යන අවස්ථා තියෙනවා. නමුත් මෙම ගැටලුවට මුහුණ දෙන මැද පාංතික දරුවන්ගේ ප්‍රමාණය ඉතාමත් සීමිතයි.

 

ලිංගික අපයෝජනයන්ට අපචාරයන්ට හසුවන දරුවන්ගෙන් නව යෞවනයන්ගෙන් අතිමහත් බහුතරය බිඳුණු පවුල්වල දරුවන්. උගත්කමින් අඩු දරිද්‍රතා පවුල්වල දරුවන්. නමුත් ඒ සමාජ කණ්ඩායම්වලට මෙවැනි දේ එදිනෙදා සාමාන්‍ය සිදුවීමි විතරයි. ඒ හින්දා ඒ සමාජ දහරාව තුළ මේවා ගැන බරපතල සමාජ කථිකාවක් මතුවෙන්නෙ නෑ.

 

නාගරික අඩුආදායම් ප්‍රදේශවලත් අතිදුෂ්කර ග්‍රාමීය ප්‍රදේශවලත් තියෙන ලොකුම ප්‍රශ්නය තමයි දරුවන් ළමාවියේදීම වැඩිහිටියන්වීම. ජීවත්වීම මේ වගේ පවුල්වල යුද්ධයක්. දෙමව්පියො වගේම අවුරුදු 9,10 දරුවන්ටත් ඒ යුද්දෙට යන්න වෙනවා. මේ වගෙ පවුල්වල බොහෝ විට දරුවනුත් වැඩී. ඒ වුණාම බාලදරුවො බලා ගන්න වෙන්නෙ ඊට වඩා චුට්ටක් ලොකු දරුවන්ට. ඉස්කෝලෙට යන්න හැතැක්ම හතර පහ පයින් යන දරුවො ඉන්නවා. බොන්න වතුර ටික ගේන්න කලේ ඔළුවෙ තියන් සැතපුම් ගනන් ඇවිදිනවා.

hg

ඒ නිසා වැඩිවිය පත්වෙන්නත් ඉස්සර වෙලා ගැහැණු දරුවො වැඩිහිටියො වෙනවා. ඒත් එක්කම එහෙම වැඩිහිටි වුණු පොඩිහිටි ගැටවුන්ගෙ බැල්මත් වැටෙන්න ගන්නවා. මේක තමයි අපේ සමාජෙ කාලාන්තරයක් තිස්සේ නැවත නැවත සිදුවෙන්නෙ.

ඒ සියල්ලටම අමතරව ගෙදර කාමරේ ඉදන් ඇඟිලි තුඩු අඟින් ලෝකෙ සිද්ධවෙන හැම දෙයක්ම දෑසින් දකින්න අහන්න දුරකතනය හරහා පුළුවන්. දරුවන් විතරක් නොවෙයි අම්මලා තාත්තලටත් එහෙමයි. ඒ නිසා වර්තමානයේ අපේ රටේ ලිංගික සංස්කෘතියෙ විශාල වෙනස්කමක් සිදුවෙමින් යනවා. ගැහැණු දරුවො නෙවෙයි පිරිමි දරුවෝත්. සාමනේරහිමිවරුත් පංසලේදි අපයෝජනය වෙනවා. කුඩුකාරයෝ මැරවරයෝ අතින් විතරක් නෙවෙයි තාත්තලාත් දූලව දූෂණය කරනවා.

 

ඒ හින්දා දරුවන්ගෙ රැකවරණය හදන්න එක එක සිද්ධි අරගෙන “මූට මරණ දණ්ඩනය දීපියව්” කියලා කෑ ගැහුවට සමාජ මාධ්‍ය ඇතුලෙ මැද පාංතික සළු ළෙළෙව්වට ප්‍රශ්නය විසදන්න බෑ. ඒකට ඇත්ත විශාල සමාජ ප්‍රතිසංස්කරණයක් අවශ්‍යයි. ඒ සඳහා අළුතින් මහන්සි වෙන්න ඕනෙ නෑ. ඇමරිකාව, කැනඩාව, බ්‍රිතාන්‍යය, ඕස්ට්‍රේලියාව වගේ රටවල ක්‍රියාත්මක වන ඕනෙ තරම් රකවරණ ක්‍රමවේද තියෙනවා. ණයට අරන් හරි ක්‍රියාත්මක කරන්න පුළුවන්. නමුත් එහෙම කරන්න කාටවත් ඕනෙකමක් නෑ. ඊළඟ සිද්ධිය වෙනකම් මේක කියවනවා. එච්චරයි.

 

(පරචිත්ත)


JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

සමාජ කථිකාව 03 : මේ දවස්වල හිට් එක | The Leader