The Leader News
BREAKING
Top Ad
පුවත්

ස්මාර්ට් කැබ් මාදිලියේ වාහන ගෙන්වීමේදී බිලියන 03ක බදු අලාභයක්

T

The Leader Desk

July 22, 2021 • 4:16 AM

ස්මාර්ට් කැබ් මාදිලියේ වාහන ගෙන්වීමේදී බිලියන 03ක බදු අලාභයක්   

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඇති බව රාජ්‍ය ගිණුම්කාරක සභාව පවසයි.
  • පසුගිය කාල සීමාවේ ස්මාර්ට් කැබ් මාදිලියේ වාහන ආනයනය කිරීමේදී, සිංගල් කැබ් මාදිලියේ වාහන ආනයනය කිරීම සඳහා අය කරන අඩු රේගු බදු ප්‍රමාණයන් අය කර ඇති බව එම කාරක සභාව නිරීක්ෂණය කර ඇත.
  • එමගින් පසුගිය කාලය තුළ එක් වාහනයකින් රුපියල් මිලියනය බැගින් වාහන 3000 ක් සඳහා රුපියල් බිලියන 03ක පාඩුවක් රජයට සිදුව ඇති බව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සභාපති මහචාර්ය තිස්ස විතාරණ ජුලි 20 පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වාර්තාවේ සඳහන් වේ.
  • ශ්‍රී ලංකා රේගුව විසින් වාහන ආනයනය කිරීමේදී හා එම වාහන මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේනතුවේ ලියාපදිංචි කිරීමේදී විශාල වශයෙන් බදු අක්‍රමිකතා සිදුවන බවත් එමගින් රටට විශාල බදු ආදායමක් අහිමි වන බවත් අදාල වාර්තාවේ නිරීක්ෂණ තුළ දැක්වේ.
අකුරු ප්‍රමාණය (Font Size):
ඇති බව රාජ්‍ය ගිණුම්කාරක සභාව පවසයි.
 
පසුගිය කාල සීමාවේ ස්මාර්ට් කැබ් මාදිලියේ වාහන ආනයනය කිරීමේදී, සිංගල් කැබ් මාදිලියේ වාහන ආනයනය කිරීම සඳහා අය කරන අඩු රේගු බදු ප්‍රමාණයන් අය කර ඇති බව එම කාරක සභාව නිරීක්ෂණය කර ඇත.
 
එමගින් පසුගිය කාලය තුළ එක් වාහනයකින් රුපියල් මිලියනය බැගින් වාහන 3000 ක් සඳහා රුපියල් බිලියන 03ක පාඩුවක් රජයට සිදුව ඇති බව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සභාපති මහචාර්ය තිස්ස විතාරණ ජුලි 20 පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වාර්තාවේ සඳහන් වේ.
 
 
 
ශ්‍රී ලංකා රේගුව විසින් වාහන ආනයනය කිරීමේදී හා එම වාහන මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේනතුවේ ලියාපදිංචි කිරීමේදී විශාල වශයෙන් බදු අක්‍රමිකතා සිදුවන බවත් එමගින් රටට විශාල බදු ආදායමක් අහිමි වන බවත් අදාල වාර්තාවේ නිරීක්ෂණ තුළ දැක්වේ.
 
 වාර්තාවේ නිරීක්ෂණ වලට අනුව රේගුව විසින් විශේෂ කාර්යයන් සඳහා අඩු බදු ප්‍රමාණයක් ගෙවා ආනයනය කරනු ලබන වාහන ද්විත්ව කාර්යය වාහන ලෙස මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර තිබේ.
 
2010-2019 කාල පරිච්ඡේදය තුළ වෑන් රථ 44ක් අඩු බදු ප්‍රමාණයක් ගෙවිය යුතු විශේෂිත කාර්යය වෑන් රථ ලෙස ආනයනය කර ඇති බව එම වාර්තාව අනාවරණය කරයි.
 
මගී හා භාණ්ඩ ප්‍රවාහනය කිරීමේ අරමුණින් එම වාහන පසුව ද්විත්ව කාර්යය වාහන ලෙස මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේනතුවේ ලියාපදිංචි කිරීම නිසා අවම වශයෙන් රුපියල් මිලියන 1300කට ආසන්න බදු ප්‍රමාණයක් රජයට අහිමි වී ඇති බවද වාර්තාවේ සඳහන් වේ.
 
එලෙස සිදුවන අක්‍රමිකතා වලක්වා ගැනීම සඳහා විශේෂ කාර්යය වාහන ආනයනය කිරීමේදී විශේෂිත අංකයක් යටතේ ඒවා ලියාපදිංචි කළ යුතු බව කාරක සභාව විසින් නිර්දේශ කර ඇත.
 
( nethnews.lk)
 
 
 
THE LEADER TV 
හඬපට ලීක් කරගෙන : පොලිස් ඇමති අමාරුවේ ! 

  57
සයිනොෆාම් උස්සන ඉස්සිල්ල සැකයි! 

  64

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...