The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ලොවට වටින අපට නොවටින ඔක්තෝබර් 04 ලෝක සත්ව දිනය - (තිලක් සේනාසිංහ)

T

The Leader Desk

October 4, 2024 • 6:51 AM

ලොවට වටින අපට නොවටින ඔක්තෝබර් 04 ලෝක සත්ව දිනය - (තිලක් සේනාසිංහ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔක්තෝබර් 04 වන දාට යෙදෙන එම දිනය මුල් කොට ලොව දියුණු රටවල පුළුල් ජනතා සහභාගීත්ව ක්‍රියාදාමයක් ශීඝ්‍රයෙන් ප්‍රවර්ධනය වෙමින් පවතී.
  • ක්‍රි.ව 1182-1226 කාලයේ ඉතාලියේ අසිසි නුවර ජීවත් වූ එතුමන් සාන්තු වරයට පත්ව ඇත්තේ ශාන්ත ෆ්‍රැන්සිස් යන නමිනි.
  • මේ ලෝකය තුළ මිනිසුන්ට සේම සතුනට ද යහතින් ජීවත් වීම සඳහා වන සොබා දහම මත පදනම් වන සම උරුමයක් ඇතැයි යන්න ගෝලීය වශයෙන් ප්‍රවර්ධනය වන මත වාදයකි.
  • එනම් එම උදාර චින්තන සම්ප්‍රදායේ නියමුවා කිතුණු සාන්තු වරයෙකු ලෙස ලෝක පිළිගැනීමට ලක් වීම ය.
අකුරු ප්‍රමාණය (Font Size):

ඔක්තෝබර් 04 වන දාට යෙදෙන එම දිනය මුල් කොට ලොව දියුණු රටවල පුළුල් ජනතා සහභාගීත්ව ක්‍රියාදාමයක් ශීඝ්‍රයෙන් ප්‍රවර්ධනය වෙමින් පවතී. නමුත් ලෝක සත්ව දින සැමරුම සම්බන්ධයෙන් ශ්‍රී ලාංකික ජන සමාජයට තවමත් ‘වගේ වගක් නොමැති වීම’ සංවේගය මුසු පුදුමයකි.

එමෙන්ම අප රට තුළ ගෘහස්ථ සහ වන සතුන්ට සිදුවන සාහසික අපරාධ හමුවේ මෙම ලෝක සත්ව දින සැමරුම ශ්‍රී ලාංකීය ජන සමාජය තුළ ඵලදායී අයුරින් ක්‍රියාවට නොනැඟීම අතිශය ඛේදවාචකයකි.

8049563783 8922474c13 bක්‍රි.ව 1182-1226 කාලයේ ඉතාලියේ අසිසි නුවර ජීවත් වූ එතුමන් සාන්තු වරයට පත්ව ඇත්තේ ශාන්ත ෆ්‍රැන්සිස් යන නමිනි.

 

මේ ලෝකය තුළ මිනිසුන්ට සේම සතුනට ද යහතින් ජීවත් වීම සඳහා වන සොබා දහම මත පදනම් වන සම උරුමයක් ඇතැයි යන්න ගෝලීය වශයෙන් ප්‍රවර්ධනය වන මත වාදයකි. නමුත් ඒ සම්බන්ධයෙන් අදටත් අප රටේ බොහෝ දෙනා නොදන්නා වැදගත් රහසක් තිබේ. එනම් එම උදාර චින්තන සම්ප්‍රදායේ නියමුවා කිතුණු සාන්තු වරයෙකු ලෙස ලෝක පිළිගැනීමට ලක් වීම ය. පසුව සාන්තු වරයට පත් එතුමා දොලහ සහ දහතුන් වන සියවස් වල ඉතාලියේ ජීවත් වූ කිතුණු පූජක තුමෙකි. ක්‍රි.ව 1182-1226 කාලයේ ඉතාලියේ අසිසි නුවර ජීවත් වූ එතුමන් සාන්තු වරයට පත්ව ඇත්තේ ශාන්ත ෆ්‍රැන්සිස් යන නමිනි. පසුව ක්‍රි.ව 1887-1942 අතර ජර්මනියේ විසූ ගත් කතුවර හෙන්රික් සිමර්මන් විසින් ආගමික, ජාති, සංස්කෘතික, දේශපාලන භේදයකින් තොර සැමරීමක් ලෙස යාවත්කාලීන කරන ලද මෙම ලෝක සත්ව දිනය අද වන විට ලෝකයේ ශීඝ්‍රයෙන් වර්ධනය වන සැමරුම් අතරින් මුල් තැනකට පත්ව තිබේ.එම සැමරුමේ වැඩි වගකීම නව යොවුන් සහ යොවුන් ප්‍රජාව විසින් දැක්වීම ද අප තුළ විස්මයානුකූල සොම්නසක් දනවයි.

 

ue francis 1600x මෙතුමා මිනිසුන් සේම සතුන් ද දෙවියන් වහන්සේ ගේ මැවීමක් වන බැවින් උන්ට ද මෙලොව ජීවත් වීමට සම අයිතියක් තිබිය යුතුය යන දාර්ශනික මතවාදය මුල්වරට කතෝලික සභාව තුළට පිවිසුවන ලද සුවිශේෂතමයා ලෙස ද පිළිගැනෙයි.
ක්‍රි.ව. 1181 හෝ 1182 වසරේ දී රෝම අධිරාජ්‍යයට අයත් අයිසියේ උපත ලත් මෙතුමා මිනිසුන් සේම සතුන් ද දෙවියන් වහන්සේ ගේ මැවීමක් වන බැවින් උන්ට ද මෙලොව ජීවත් වීමට සම අයිතියක් තිබිය යුතුය යන දාර්ශනික මතවාදය මුල්වරට කතෝලික සභාව තුළට පිවිසුවන ලද සුවිශේෂතමයා ලෙස ද පිළිගැනෙයි. ඒ අනුව පූජක පදවියට පත්වීමෙන් පසුව සතුන් ගේ හිමිකම් අයිතිවාසිකම් සහ සුභසාධනය උදෙසා විප්ලවීය මෙහෙවරක් කරන ලද එතුමන් 1226 වසරේ ඔක්තෝබර් 03 දා ස්වර්ගස්ථ වන විට වයස අවුරුදු හතලිස් හතරකි. පසු කලෙක එතුමන් ගේ ජීවන චරිතයේ සුවිශේෂත්වය සහ එතුමන් වෙතින් කිතුනු සසුනට සිදු වූ සුවිශිෂ්ට මෙහෙවර සලකා එතුමන් ගේ ස්වර්ගස්ථ වීම මුල් කොට ඔක්තෝබර් 04 දා ලෝක සත්ව දිනය නමින් ප්‍රකාශයට පත් කරන ලදී. එමෙන්ම ජීවත් වන කාලය තුළ සත්ව අහිංසාව උදෙසා විශිෂ්ඨතම මෙහෙයක් ඉටු කිරීම මුල් කොට එවක ද එතුමන් වටා තරුණ පිරිස් එක් වූ අතර එය එවක සාම්ප්‍රදායික කතෝලික සභාව තුළ නව රැල්ලක් ඇති කිරීමට සමත් වූ බවක් පැවසෙයි. එහෙත්, ඒ ඔස්සේ පැන නඟින නව චින්තන පිබිදුම එවක සමාජයේ වරප්‍රසාද ලත් ඇතැම් කොටස් වලට ප්‍රබල අභියෝගයක් වූ බව ද කියනු ලැබේ. ඒ අනුව අවුරුදු හතලිස් හතරක් තරම් වන අඩු වයසක දී එතුමන්ගේ ස්වර්ගස්ථ වීම සම්බන්ධයෙන් ද විවිධ මතවාද පැතිර තිබේ.

 

95897557 1431329247046971 3301532164910219264 n

තත්වය මෙසේ තිබිය දී මෙම මිහිතලය මිනිසුන් ගේත් සතුන් ගේත් පොදු උරුමයක් මිස මිනිසුන් ගේ තනි උරුමයක් නොවේය යන ස්වාභාවික යුක්ති ධර්මය මත පදනම් වූ සත්ව අවිහිංසාව සත්ව හිමිකම් හා සුබසාධනය පිළිබඳ මූලික සංකල්පය ලොවට ඉදිරිපත් වන ලද්දේ ක්‍රිස්තු පූර්ව හයවන සියවසේ ලොවට බිහිවූ බුදු දහමින් සහ ජෛන දහමිනි. පසුව ක්‍රිස්තු පූර්ව තුන්වන සියවසේ දී මිහිදු හිමියන් විසින් බුදු දහම ඔස්සේ එය ශ්‍රී ලංකාවට හදුන්වා දෙන ලදී.

මිහිඳු හිමියන් දැයට උරුම කළ සත්ව කරුණාවත් පිට රටින්ම ගෙන්වා ගනිමු ද?මිහිඳු මා හිමියන් විසින් මෙරටට හදුන්වා දුන් බුදු දහම ස්ථාපිත වී ඇතැයි පැවසෙන අප රටේ ලෝක සත්ව දින සංකල්පය අද වන විටත් ජාතිය නම් තිඹිරිගෙයින් පිටතට ගැනීමට නොහැකි වීම ජාතික ඛේදවාචකයකි.

 

එවන් පසුබිමක් යටතේ මරණයට කැප වූ මුවකුට අභයදානය දෙමින් මිහිඳු මා හිමියන් විසින් මෙරටට හදුන්වා දුන් බුදු දහම ස්ථාපිත වී ඇතැයි පැවසෙන අප රටේ ලෝක සත්ව දින සංකල්පය අද වන විටත් ජාතිය නම් තිඹිරිගෙයින් පිටතට ගැනීමට නොහැකි වීම ජාතික ඛේදවාචකයකි. 

වෙසක් පුන් පොහොය සමස්ත ලෝක වාසී බෞද්ධයන්ගේ අතිශය වැදගත් දිනය වනුයේ යම් සේ ද හුදු ශ්‍රී ලාංකේය බෞද්ධයන්ට පමණක් ආවේණික ශාසනික වශයෙන් අතිශය වැදගත් දිනය පොසොන් දිනය බව අවිවාදිත ය. පොසොන් පෝ දිනය හා සම්බන්ධ කේන්ද්‍රීය සංසිද්ධිය මේ වන විට කුඩා දරුවන් පවා ඉතා හොඳින් දන්නා මහින්දාගමනයයි. ක්‍රිස්තු පූර්ව 247 සිදු වූ බව පැවසෙන මහින්දාගමනය හා සම්බන්ධ සිදුවීමේ ඇති නාට්‍යමය ස්වරූපය නිසා එය බොහෝ දෙනකුගේ සිත් තුළට තදින් කාවැදී ඇති බව නිසැක ය.

එවක අප රට පාලනය කළ පසුව දේවානම්පිය යන උපධි නාමයෙන් හැඳින්වුණු තිස්ස රජතුමා මිහින්තලා පව්ව ආශ්‍රිත මුව වනයේ දඩයමේ යන විට මුවකු දක්නට ලැබී ඒ පසුපස ලුහුබැඳ යාමත් ඒ වන විට මිහින්තලා පර්වතය මතට සෘද්ධියෙන් වැඩම කොට සිටි මිහිඳු මා හිමියන් රජ තුමන්ට “තිස්ස තිස්ස” යන රජුගේ පුද්ගල නාමයෙන් ආමන්ත්‍රණය කොට රජතුමා විස්මයට පත් කරවීමත් ඒ මූලික සංසිද්ධියයි. එහෙත්, ඒ සම්බන්ධයෙන් මූලික සාක්ෂියක් සැපයෙන මහාවංශයේ දාහතර වන පරිච්ඡේදයේ පළමු ගාථා පාඨයේ සිට නව වන ගාථා පාඨය දක්වා එම සිදුවීම විස්තර වනුයේ ඊට තරමක් වෙනස් අයුරකිනි.

 

මිහිඳු හිමියන් දැයට උරුම කළ සත්ව කරුණාවත් පිට රටින්ම ගෙන්වා ගනිමු ද?

ඒ මෙසේය, “නුවර වාසීන්ට ජල ක්‍රීඩා කරන ලෙස අන කරන රජතුමා හතලිස් දහසක පිරිසක් ද සමඟ මුවන් දඩයම පිණිස මිස්සක පව්වට යයි. එවිට ඒ පර්වතාගෘහිත දේවතාවා රජුට මිහිඳු හිමියන් දක්වනු පිණිස ගෝනකු ගේ රුවක් (ගෝකණ්ණ රූපා) තණ බුදිමින් හිඳින අයුරක් දක්වයි.(මෙහි දී මේ වන විට ශ්‍රී ලාංකේය ජන විඥානයේ මෙම සත්වයා ගෝනකු නොව මුවකු වශයෙන් සටහන්ව තිබීම ද අපගේ විශේෂ අවධානයට යොමු විය යුතු ය.) එම ගෝනා දුටු රජතුමා ද ප්‍රමාද වුවහොත් විද ගැනීමට නොහැකි වනු ඇතැයි සිතා දුනු දිය අදිත්ම ගෝනා දුවන්නට පටන් ගනියි. එවිටම රජතුමාද ගෝනා ලුහුබැඳීම අරඹයි. නමුදු මිහිඳු තෙරුන් සමීපයට ගිය එම ගෝනා රජතුමා මිහිඳු තෙරුන් දුටු සැනින් අතුරුදන් වූ බව වංශ කතාකරු සඳහන් කරයි. එම විස්තරයට අනුව එවිට මිහිඳු හිමියන් ද රජතුමන් තමන් වහන්සේ ඇතුළු පිරිස දැකීමෙන් බිය වෙතැයි සිතා උන් වහන්සේ පමණක් පෙනී සිට රජතුමාට “තිස්ස මෙහි එව” යනුවෙන් ආමන්ත්‍රණය කළ බවත් වංශ කතාවේ සඳහන් ය.එවිට ඒ ආමන්ත්‍රණය යක්ෂයකු විසින් කරන ලද්දකැයි රජතුමා බියපත් වන අතරේම මිහිඳු මා හිමියන් මතු දැක්වෙන ආකාරයෙන් තමන් වහන්සේ ඇතුළු පිරිස සහ වැඩම කළ අරමුණ පැහැදිලි කළ බව ද වංශ කතාකරු කියයි.

මිහිඳු හිමියන් දැයට උරුම කළ සත්ව කරුණාවත් පිට රටින්ම ගෙන්වා ගනිමු ද?ධර්මාශෝක අධිරාජ්‍යයාගේ පාලන ක්‍රමය බුදු දහමෙහි එන පරමාදර්ශී රාජ්‍ය පාලනය වන චක්කවත්තී රාජ්‍ය පාලනය දෙසට යොමු වන්නක් බව ද, ඉන් පැවසෙනුයේ තම රාජ්‍යය තුළ මිනිසුන් ගේ සේම සතුන් ගේ ද යහපැවැත්ම තහවුරු කිරීම පාලකයා ගේ යුතුකමක් හා වගකීමක් බවකි.

 

සමනාමයං මහ රාජ ධම්මරාජස්ස සාවකා-තමේව අනුකම්පාය ජම්බුදීපා ඉධාගථා (මහ රජ අපි ශ්‍රමණයෝ වෙමු. ධර්ම රාජයයන් වහන්සේගේ ශ්‍රාවකයෝ වෙමු. තොප කෙරෙහි අනුකම්පාවෙන් යුතුව ජම්බුද්වීපයේ සිට පැමිණියෙමු)

ඉහත සඳහන් කතා ප්‍රවෘත්තියට අනුව ශ්‍රී ලාංකිකයන් මුවකු ලෙස හඳුන්වන ගෝනා දේවතාවකුගේ මැවීමක් ය යන්න අද්භූතවාදී ප්‍රවෘත්තියකි. ඒ කෙසේ හෝ මිහිඳු මා හිමියන් මෙරටට වැඩම කොට සිදු කළ පළමු කාරිය වනුයේ රජතුමා අතින් සිදුවීමට ගිය සත්ව ඝාතනයක් වැලකීම බව බැලූ බැල්මටම පෙනේ. 

එමෙන්ම මිහිඳු හිමියන් ශ්‍රී ලංකාවට වැඩම කොට සිදු කළ එම සමාරම්භක කාර්යය උන් වහන්සේ අප රටට යොමු කළ ඉන්දියාවේ රජ කළ ධර්මාශෝක අධිරාජ්‍යයා (ක්‍රි. පූර්ව 268-232 ) ගේ රාජ්‍ය දර්ශනයට බෙහෙවින් අනුරූප බව ඒ සම්බන්ධයෙන් කරනු ලබන විමසුම්වල දී පෙනී යයි. මෙහිදී ධර්මාශෝක අධිරාජ්‍යයාගේ පාලන ක්‍රමය බුදු දහමෙහි එන පරමාදර්ශී රාජ්‍ය පාලනය වන චක්කවත්තී රාජ්‍ය පාලනය දෙසට යොමු වන්නක් බව ද ඒ සම්බන්ධයෙන් විමසුම් කළ ඇතැමෙක් කියති. ඉන් පැවසෙනුයේ තම රාජ්‍යය තුළ මිනිසුන් ගේ සේම සතුන් ගේ ද යහපැවැත්ම තහවුරු කිරීම පාලකයා ගේ යුතුකමක් හා වගකීමක් බවකි.

 

360 F 632069306 RGmogWxmnSSzXBiWsDTh7ANEYMKM9ULb

ඒ කෙසේ හෝ මහින්දාගමනය මඟින් අප ජන සංස්කෘතියට පිවිසි සතා සීපාවාට ද”පුතේ”යනුවෙන් ආමන්ත්‍රණය කෙරෙන එම උදාර සත්ව කරුණා සංකල්පය ප්‍රවර්ධනය කොට ලෝකයා හමුවට ගෙන යන්නට අපි අසමත් ව හිඳිමු. ඒ අනුව ජාතියක් වශයෙන් දැනට අපට කළ හැක්කේ ශාන්ත ෆ්‍රැන්සිස් නාමය පදනම් ව ලොවට හඳුන්වා දී ඇති ඔක්තෝබර් 04 දාට යෙදෙන ලෝක සත්ව දිනය ඵලදායී ලෙස සැමරීම පමණි.මක් නිසා ද යත් මිනිසුනට සේම සතුනට ද යහතින් ජීවත් වීම සඳහා වන සොබා දහම මත පදනම් වන සම උරුමයක් ඇතැයි යන්න සනාතන සත්‍යයට ජාති ආගම් ආදී කිසිදු භේදයක් නොමැති බැවිනි.

WhatsApp Image 2024 02 13 at 4.20.58 PM(තිලක් සේනාසිංහ)
ගවේෂණාත්මක මාධ්‍යවේදී
thilaksenasinghe@gmail.com

(උපුටා ගැනීම- vinivida.lk)

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...