එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛව ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ නමින් නව සන්ධානයක් ලබන මස 05 වන දා බිහි කරන බවත්, රටේ අනාගතයට ගැලපෙන නව ප්‍රතිපත්ති පදනම් කර ගනිමින් නව පෙරමුණ යටතේ ඉදිරි මැතිවරණ සඳහා තරග කරන බවත් අගමැති රනිල් වික්‍රමසිංහ පවසයි.
ඒ, අවිස්සාවේල්ල පොදු වෙළෙඳ සංකීර්ණයට මුල්ගල තැබීමෙන් අනතුරුව අද (23) දින අවිස්සාවේල්ල නගරයේ සංවිධානය කර තිබූ ජන හමුවට එක්වෙමිනි.
සන්ධානගත වන සියලූ දේශපාලන පක්ෂවල අන්‍යයතාව ආරක්ෂා කර ගනිමින් බිහිකරන නව පෙරමුණ මගින් ඉදිරි වසර 5 තුළ දී රට ඉදිරියට ගෙන යන බව ද වික්‍රමසිංහ එහිදී පැවසිය.
ගැටුමකට නොයා බලය ගැනීමට !
මෙම නව සන්ධානය සම්බන්ධයෙන් ඊයේ (22) පැවති එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ද සාකච්ජාවට ලක්වූ අතර එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා කව්රුදැයි නිල වශයෙන් ප්‍රකාශ කරනතෙක් පක්ෂයට සම්බන්ධ කිසිඳු අලුත් පෙරමුණක් ආරම්භ නොකරන ලෙස එහිදී පක්ෂයේ ජ්‍යෙෂ්ඨ මැති ඇමතිවරුන් කිහිප දෙනෙකුම අගමැතිවරයා ගෙන් ඉල්ලා තිබිණ.
අලුත් පෙරමුණක් ගොඩනගන්නේ නම් එය පක්ෂය විසින් නම් කරන ජනාධිපති අපේක්ෂකයා විසින් ඔහුගේ අභිමතයට අනුව එවැන්නක් සිදුකල යුතු බවට ද ඔවුහු අවධාරණය කර තිබිණ.
එහෙත් අද (23) උදැසන පැවති කැබිනට් මණ්ඩල රැස්වීමෙන් පසු වෙනත් ස්ථානයක රැස්ව ඇති සජිත් ප්‍රේමදාසට හිතවත් ඇමතිවරුන් පිරිසක්, අගමැතිවරයා සමග ගැටුමකට නොගොස් සාමකාමී ලෙස බලය හුවමාරු කර ගැනීම වඩාත් කාලෝචිත බවටත් ඒසඳහා සුදුසු පියවර එකින් එක ක්‍රියාත්මක කිරීමටත් තීන්දු කර තිබේ.
ඒ අනුව එදින කොළඹට අතිවිශාල ජනතාවක් ගෙනෙමින් සජිත් ප්‍රේමදාසගේ ශක්තිය රටහමුවේ ප්‍රදර්ශනය කිරීමට ඊයේ දිනයේ මිට එරෙහිවුවන්ද එකඟත්වයට පැමිණ තිබේ.
සබැඳි පුවත් :
අපේක්ෂකයා නිවේදනය කරනතෙක් අලුත් සන්ධාන එපා! - රනිල්ට බලපෑම්
අගෝස්තු 05 සජිත්ගේ බලය පෙන්වීමේ සුදානමක් !
T
The Leader Desk
July 23, 2019 • 2:48 PM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛව ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ නමින් නව සන්ධානයක් ලබන මස 05 වන දා බිහි කරන බවත්, රටේ අනාගතයට ගැලපෙන නව ප්‍රතිපත්ති පදනම් කර ගනිමින් නව පෙරමුණ යටතේ ඉදිරි මැතිවරණ සඳහා තරග කරන බවත් අගමැති රනිල් වික්‍රමසිංහ පවසයි.
- ඒ, අවිස්සාවේල්ල පොදු වෙළෙඳ සංකීර්ණයට මුල්ගල තැබීමෙන් අනතුරුව අද (23) දින අවිස්සාවේල්ල නගරයේ සංවිධානය කර තිබූ ජන හමුවට එක්වෙමිනි.
- සන්ධානගත වන සියලූ දේශපාලන පක්ෂවල අන්‍යයතාව ආරක්ෂා කර ගනිමින් බිහිකරන නව පෙරමුණ මගින් ඉදිරි වසර 5 තුළ දී රට ඉදිරියට ගෙන යන බව ද වික්‍රමසිංහ එහිදී පැවසිය.
- අලුත් පෙරමුණක් ගොඩනගන්නේ නම් එය පක්ෂය විසින් නම් කරන ජනාධිපති අපේක්ෂකයා විසින් ඔහුගේ අභිමතයට අනුව එවැන්නක් සිදුකල යුතු බවට ද ඔවුහු අවධාරණය කර තිබිණ.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


