BREAKING
'මඩොල් දූව' ස්වීඩන් පාසල් දරුවන් අතරට යයි●දළ පූට්ටුවා ඝාතනය: වසර ගණනාවකට පසුත් යුක්තිය ප්‍රමාද ඇයි?●ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් ශ්‍රී ලංකාවේ ආයෝජන ගැන වාර්තාවක්●රෝසි සේනානායකගේ පුත් කණිෂ්ක සේනානායක අභාවප්‍රාප්ත වෙයි●සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●
Top Ad
පුවත්

කෙහෙළිය හෙට (07) මැතිසබයට !

T

The Leader Desk

February 6, 2024 • 4:42 PM

කෙහෙළිය හෙට (07) මැතිසබයට !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබ සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල
  • කතානායකවරයා මේ අවසරය දී ඇත්තේ රඹුක්වැල්ල ට පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගී වීමට අවසර දෙන ලෙස ඔහුගේ ලේකම්වරයකු කළ ඉල්ලීමක් අනුවය.
  • මේ අනුව වේත්‍රධාරි කුෂාන් ජයරත්න, කෙහෙළිය රඹුක්වැල්ල  පාර්ලිමේන්තුවට රැගෙන එන ලෙස බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට ඊයේ ලිඛිතව දැනුම් දී ඇත.
  • මේ අනුව කෙහෙලිය රඹුක්වැල්ල මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ ඉදිරි රැස්වීම් සියල්ලටද කැඳවෙනු ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

පාර්ලිමේන්තුවේ නව සැසිවාරය විවෘත කිරීමේ උත්සවයට හෙට (7) සහභාගී කරවීමට කතානායක මහින්ද යාපා අබේවර්ධන අවසරදී ඇත.

කතානායකවරයා මේ අවසරය දී ඇත්තේ රඹුක්වැල්ල ට පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගී වීමට අවසර දෙන ලෙස ඔහුගේ ලේකම්වරයකු කළ ඉල්ලීමක් අනුවය.

මේ අනුව වේත්‍රධාරි කුෂාන් ජයරත්න, කෙහෙළිය රඹුක්වැල්ල  පාර්ලිමේන්තුවට රැගෙන එන ලෙස බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට ඊයේ ලිඛිතව දැනුම් දී ඇත.

මේ අනුව කෙහෙලිය රඹුක්වැල්ල මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ ඉදිරි රැස්වීම් සියල්ලටද කැඳවෙනු ඇත.

මේ අතර කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍ය ධුරයෙන් ඉවත්වී ඇති හෙයින් ඔහුට පාර්ලිමේන්තු සභාගර්භයේ ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත්‍රී ආසනයක් පිළියෙල කෙරෙන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.

 කෙහෙළියට නිවසෙන් ආහාර ගන්න අවසර

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ට නිවසෙන් ලබාදෙන ආහාර ගැනීමට අවසර ලබා දී තිබේ.

ඒ, වෛද්‍ය නිර්දේශ මතයි.

මේ සම්බන්ධයෙන් ඔහු විසින් ලිඛිත ඉල්ලීමක් කර ඇතැයි ද බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී. බී. දිසානායක පැවසුවේ ය.

දැනට බන්ධනාගාර රෝහලේ සිටින කෙහෙළිය රඹුක්වැල්ල පෞද්ගලික රෝහලක ප්‍රතිකාර සඳහා ඉල්ලීමක් කර නැතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ  කොමසාරිස් ගාමිණී. බී. දිසානායක සඳහන් කළේ ය.

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...