The Leader News
BREAKING
පෞද්ගලික හෙද පුහුණු ආයතන නියාමනයට රජයෙන් දැඩි පියවර●ඥානසාර හිමිගේ සිවුර: කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාරයට නිල දැනුම්දීමක්●පළමු වන පැමිණිල්ල හිටපු ඇමතිගේ උපදේශක සහ තවත් අයෙකුගෙන් - විමර්ශන නිලධාරියා බෙහෙත් නඩුවේදී කියයි ●මිල්ටන්ගේ ජීවිතයද? නැතිනම් අපේ නොස්ටැල්ජියාවද? ‘එදා රෑ’ කියවීමක් | Athulasiri Samarakoon●ජෙෆ්රි ආචර් සමුගනී: සාහිත්‍යයේත් දේශපාලනයේත් පෙරළිකාරයා●නව ත්‍රස්ත පනත සහ ක්‍රිකට් පනත් කෙටුම්පත අද මැතිසබයට●ඥානසාර හිමියන් ජම්පරයෙන් වැලිකඩ අයි වාට්ටුවේ●තිලීපන් පිළිමය ඉවත් කිරීම: 'සිංහල ජනතාවගේත් හිත් පෑරීමක්'●ඉන්ධන හිඟයක් නෑ: පෝලිම්වල කතාව මෙන්න●මහින්ද කහඳගම අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට●
Top Ad
පුවත්

මාකඳුරේ මධුෂ් ඇතුළු 08කගේ මරණ ගැන මානව හිමිකම් පරීක්ෂණ

T

The Leader Desk

November 20, 2020 • 3:40 AM

මාකඳුරේ මධුෂ් ඇතුළු 08කගේ මරණ ගැන මානව හිමිකම් පරීක්ෂණ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සිරකරු අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින මෙරට ප්‍රමුඛතම සංවිධානයක් පවසන්නේ බන්ධනාගාර ගතව සිටින රැදවියන් ඝාතනයට ලක් වීම ද මෑත යුගයේ ඉහළ ගොස් ඇති බවයි.
  • ජුනි මස සිට ඔක්තෝබර් 20 දක්වා කාලය තුළ පොලිස් අත්අඩංගුවේදී මිය යාම් අටක් වාර්තා වී ඇති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව අවධාරණය කරයි.
  • මධුෂ් ලක්ෂිතට යම් ජීවිත අනතුරක් සිදු වීමට ඇති හැකියාව සම්බන්ධයෙන් කල් වේලා ඇතිව වගකිව යුතු බලධාරීන් දැනුවත් කර තිබියදීත් ඔහු ඝාතනය වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ අවධානය යොමුව තිබේ.
  • " ඒ සම්බන්ධයෙන් මෙන්ම පොලිස් අත්අඩංගුවේදී සිදු වන මිය යාම් පිළිබදව මේ වන විටත් පරීක්ෂණ ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වැඩ බලන පොලිස්පති වෙත ඔක්තෝබර් මාසයේ යොමු කළ ලිපියක සදහන්ය.
අකුරු ප්‍රමාණය (Font Size):
පරීක්ෂණ ආරම්භ කර තිබේ.
 
සිරකරු අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින මෙරට  ප්‍රමුඛතම සංවිධානයක් පවසන්නේ බන්ධනාගාර ගතව සිටින  රැදවියන්  ඝාතනයට ලක් වීම ද මෑත යුගයේ ඉහළ ගොස් ඇති බවයි.
 
2020 ජුනි මස සිට ඔක්තෝබර් 20 දක්වා කාලය තුළ පොලිස් අත්අඩංගුවේදී මිය යාම් අටක් වාර්තා වී ඇති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව අවධාරණය කරයි.
 
 
''2020 ජුනි මස සිට ඔක්තෝබර් 20 දක්වා කාලය තුළ පොලිස් අත්අඩංගුවේදී මිය යාම් අටක් වාර්තා වී ඇති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව අවධාරණය කරයි.''
 
රැඳවුම් නියෝග යටතේ සිටියදී ඔක්තෝබර් 20 දින ඝාතනයට ලක්වු මාකඳුරේ මධුෂ් නමින් ප්‍රකට සමරසිංහ ආරච්චිලාගේ මධුෂ් ලක්ෂිතගේ මරණයත් එයට ඇතුලත් බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ කොමසාරිස්වරිය පෙන්වා දෙයි.
 
 වැඩ බලන පොලිස්පති චන්දන වික්‍රමරත්න වෙත ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ කොමසාරිස් රමණී මුත්තෙට්ටුවගම විසින් යොමු කර තිබෙන ලිපියක් මගින් අවධාරණය කර ඇත්තේ, මුලික අයිතිවාසිකම් පිළිබද යම් උල්ලංඝණය කිරීමක් හෝ අත්‍යාසන්න උල්ලංඝණය කිරීමක් පිළිබද විමර්ශනය කිරීමත්, අධිකරණමය ආඥාවක් මගින් හෝ අන්‍යාකාරයකින් හෝ රදවා ගෙන සිටින තැනැත්තන්ගේ සුභසිද්ධිය සදහා අවශ්‍ය විය හැකි නිර්දේශ ඉදිරිපත් කිරීමටත් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව කටයුතු කරන බවයි.
 
 මධුෂ් ලක්ෂිතට යම් ජීවිත අනතුරක් සිදු වීමට ඇති හැකියාව සම්බන්ධයෙන් කල් වේලා ඇතිව වගකිව යුතු බලධාරීන් දැනුවත් කර තිබියදීත් ඔහු ඝාතනය වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ අවධානය යොමුව තිබේ.
 
 
''මධුෂ් ලක්ෂිතට යම් ජීවිත අනතුරක් සිදු වීමට ඇති හැකියාව සම්බන්ධයෙන් කල් වේලා ඇතිව වගකිව යුතු බලධාරීන් දැනුවත් කර තිබියදීත් ඔහු ඝාතනය වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ අවධානය යොමුව තිබේ.''
 
" ඒ අනුව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට, කොළඹ අපරාධ කොට්ඨාශය වෙත රැදවුම් ස්ථානය වෙනස් කළ සමරසිංහ ආරච්චිලාගේ මධුෂ් ලක්ෂිත යන අයට යම් ජීවිත අනතුරක් වීමට හැකියාවක් ඇති බවට 2020.10.18 දින ලද පැමිණිල්ලට අනුව එම රැඳවියාගේ ජීවිත ආරක්ෂාව සම්බන්ධව සුදුසු වැඩ පිළිවෙලක් ගත යුතු බව දක්වමින් 2020.10.19 දිනැතිව කොළඹ අපරාධ කොට්ඨාශය, පොලිස්පති හා පොලිස් කොමිෂන් සභාව වෙත ෆැක්ස් පණිවිඩ මගින් දන්වා තිබියදී විමර්ශන කටයුත්තකදී එම රැඳවියා මිය යාම පිළිබද ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව තම අවධානය යොමු කර ඇත.  "
 
 ඒ සම්බන්ධයෙන් මෙන්ම පොලිස් අත්අඩංගුවේදී සිදු වන මිය යාම් පිළිබදව මේ වන විටත් පරීක්ෂණ ආරම්භ කර ඇති බව ශ්‍රී  ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වැඩ බලන පොලිස්පති වෙත ඔක්තෝබර් මාසයේ  යොමු කළ ලිපියක සදහන්ය.
 
පොලිසිය ආවේ නෑ !
 
එම එක් පරීක්ෂණයක් සදහා ඔක්තෝබර් 21 දින පෙරවරු 11.30 ට කොළඹ අපරාධ කොට්ඨාශයේ අධ්‍යක්ෂ හා ස්ථානාධිපති කැදවා තිබුනද කිසිදු හේතු දැක්වීමකින් තොරව ඔවුන් සහභාගී වී නොමැති බවත් එම ලිපියේ වැඩි දුරටත් සදහන්ය.
 
 ඒ අනුව එම නිලධාරීන්ගේ ක්‍රියාකලාපය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභා පනතේ 21 වගන්තිය යටතේ ගැනෙන කරුණක් බව දන්වමින් කොමසාරිස් රමණී මුත්තෙට්ටුවගම වැඩ බලන පොලිස්පති සී.ඩී වික්‍රමරත්නගෙන් ඉල්ලා ඇත්තේ එම නිලධාරීන් සම්බන්ධව නිසි පියවර ගෙන කොමිෂන් සභාව දැනුවත් කරන ලෙසයි.
 
 
''මෙවැනි සිදුවීම් දිගින් දිගටම සිදු වීම තුලින් රට තුළ තීතියේ ආධිපත්‍ය පිළිබද බරපතල ගැටලුකාරී තත්වයක් ගොඩ නැගෙන බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ විශ්වාසයයි.''
 
 
අගොස්තු 27 දින ජාතික පොලිස් කොමිෂන් සභාව හමුවේ පොලිස්පති, මානව හිමිකම් කොමිෂන් සභාව සමග පැවැති සාකච්ඡාවේදී පොලිස් අත්අඩංගුවේදී සිදු වු මිය යාම් පිළිබදව සාකච්ඡාවට බදුන් වු ආකාරයත් කොමසාරිස්වරිය පොලිස්පතිවරයාට සිහි ගන්වා තිබේ.
 
 එම ලිපිය මගින් ඇය වැඩි දුරටත් අවධාරණය කර ඇත්තේ මෙවැනි සිදුවීම් දිගින් දිගටම සිදු වීම තුලින් රට තුළ තීතියේ ආධිපත්‍ය පිළිබද බරපතල ගැටලුකාරී තත්වයක් ගොඩ නැගෙන බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ විශ්වාසය බවයි.
 
“පැන යාමට තැත් කිරීමේදී”  සිදුවන මරණ
 sellblock min 1024x658
 
 
බන්ධනාගාර ‍කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙණිය නොවැම්බර් 18 බදාදා මාධ්‍ය වෙත දැනුම් දී තිබුනේ බෝගම්බර පැරණි බණ්ධනාගාරයේ නිරෝධානයට ලක් වෙමින් සිටි රැඳවියන් පස් දෙනකු එදින අලුයම බන්ධනාගාර තාප්පයෙන් පැන පලා යාමට උත්සහ කළ උත්සාහයේදී එක් රැඳවියකු මියගොස් ඇති බවයි.
 
 එදින  බන්ධනාගාර නිලධාරීන් විසින් වෙඩි තැබීමක්ද සිදු කර තිබු බව මාධ්‍ය වාර්තා කර තිබුනි.
 
 බන්ධනාගාර නිලධාරීන් පවසන පරිදි එදින මියගියේ අනුරාධපුර ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි පුද්ගලයෙකි.
 
 කොරෝනා වසංගත සමය තුළ ශ්‍රී ලංකාවේ බන්ධනාගාර කිහිපයකම සිරකරු  ඝාතන සිදු වු  බව සිහිපත් කරන සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව පවසන්නේ බන්ධනාගාරගතව සිටින සිරකරුවකුගේ ආරක්ෂාව  සම්බන්ධයෙන් වන වගකීම බන්ධනාගාර පාලනාධිකාරිය සතුව පවතිද්දීත්, බන්ධනාගර නිලධාරීන් අතින්ම සිරකරුවන්  ඝාතනයට ලක්වීම බරපතල තත්වයක් බවයි.
 
 
''සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව පවසන්නේ බන්ධනාගාරගතව සිටින සිරකරුවකුගේ ආරක්ෂාව  සම්බන්ධයෙන් වන වගකීම බන්ධනාගාර පාලනාධිකාරිය සතුව පවතිද්දීත්, බන්ධනාගර නිලධාරීන් අතින්ම සිරකරුවන්  ඝාතනයට ලක්වීම බරපතල තත්වයක් බවයි.''
 

Senaka Perera

යූ ජී  උපුල් නිලන්ත නමැති සැකකරු විසින් පහර දෙනු ලැබූ බවට චෝදනා කරන මොණරාගල බන්ධනාගාරයේ  නිලධාරීයකු තවත් නිලධාරියකු සමග එක්ව අදාළ රැඳවියාට පහරදීමෙන් නොවැම්බර් 3  දින අම්පාර, නවගම්පුර 04 ගම්මානයේ පදිංචි හතලිස් හැවිරිදි ඔහු මිය ගොස් තිබු  බව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සභාපති නීතිඥ සේනක පෙරේරා පෙන්වා දෙයි.
 
 බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක එදින පවසා තිබුනේ සිරකරුගේ මියයාම සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙන බවයි.
 
 වසංගත සමය තුළ දිවයිනේ බන්ධනාගාර කිහිපයකම මෙවැනි ඝාතන  සිදු වු බව සිහිපත් කරන මානව හිමිකම් නීතිඥයා අවධාරණය කරන්නේ, ඒ සම්බන්ධයෙන්  චෝදනා එල්ල වී තිබෙන කිසිදු බන්ධනාගාර නිලධාරියකුට එරෙහිව මේ දක්වා අවම වශයෙන් අභ්‍යන්තර දඩුවම් ලබාදීමක්වත්  සිදුව නොමැති බවයි.
 
 එවැනි තත්වයක් තුළ මෙවැනි ඝාතන සිදු කිරීමට එම නිලධාරීන්ට ධෛර්ය ලැබෙන බව  නීතිඥ සේනක පෙරේරාගේ අදහසයි.
 
 බන්ධනාගාර ගතව සිටින සිරකරුවන් අපරාධකරුවන්ය යන මතය ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව විසින්ම සමාජගත කර තිබෙන රැඳවියන්ට බන්ධනාගාර නිලධාරීන්ගෙන් එල්ල වන පීඩනය වැඩිවී ඇති බවයි සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව පවසන්නේ.
 
 
''බන්ධනාගාර ගතව සිටින සිරකරුවන් අපරාධකරුවන්ය යන මතය ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව විසින්ම සමාජගත කර තිබෙන රැඳවියන්ට බන්ධනාගාර නිලධාරීන්ගෙන් එල්ල වන පීඩනය වැඩිවී ඇති බවයි සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව පවසන්නේ.
 
මහර සහ අනුරාධපුර
 
 සිරගෙදරින් පැන යාමට තැත් කිරීමේදී ඇද වැටී මියගිය බවට බලධාරීන් පවසන තරුණ රැඳවියකු වද දී මරා දමා ඇති බවට පසුගිය මැයි මාසයේදී  ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිනිල්ලක් ඉදිරිපත් කර තිබුනි.
 
 එම පැමිනිල්ල ඉදිරිපත් කර තිබුනේ මහර බන්ධනාගාරයේ සිටියදී මැයි 3 දින මිය ගිය කාවින්ද ඉසුරුගේ පියා වන සුමනදාස තිසේරා විසිනි.
 
 සිය පුතුගේ මරණය පහරදීමකින් සිදු කරන ලද්දක් බව පවසන ආර්.එම් කරුණාවතී මාතාව මානව හිමිකම් කොමිසමට දැනුම් දී තිබුනේ  ඔහුගේ පාද සහ අතක් කඩා දමා තිබු බවයි.
 

 අනුරාධපුර බන්ධනාගාරය තුළ කොරෝනා වයිරසය පැතිරීමේ අවදානම වැලැක්වීම වෙනුවෙන් රැඳවියන් විසින් පවත්වන ලද උද්ඝෝෂණයට බන්ධනාගාර නිලධාරීන්ගේ වෙඩි තැබීමෙන් සිදුවූ එක් මරණයක් හිතා මතාම කරන ලද මිනීමැරුමක් බවට චෝදනා කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පසුගිය අගෝස්තුවේ තවත්  පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුනි.
 
බන්ධනාගාර නිලධාරීන්ගේ වෙඩි පහරින් මියගිය කන්ද මුල්ලේ ආරචිචිලාගේ සමන් කුමාරගේ බිරිද අගෝස්තු 21 සිකුරාදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කළ පැමිණිල්ලේ සඳහන් කර තිබුනේ සිය සැමියා ඝාතනය කිරීමේ අරමුණින්ම වෙඩි තබා ඇති බවයි.
 
අනුරාධපුර බන්ධනාගාරය තුළ එදින සිදු වු වෙඩි තැබීමෙන් රැඳවියන් දෙදෙනෙක් ඝාතනය වී තිබුනි.
 
 
සබැඳි පුවත් :
 
 
 
 
 
 
 
 
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

මාකඳුරේ මධුෂ් ඇතුළු 08කගේ මරණ ගැන මානව හිමිකම් පරීක්ෂණ | The Leader