The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

බටලන්ද කඩුවෙන් දෙපැත්ත කැපීම - (1) | රජිත් කීර්ති තෙන්නකෝන්

T

The Leader Desk

March 17, 2025 • 11:15 AM

බටලන්ද කඩුවෙන් දෙපැත්ත කැපීම - (1) | රජිත් කීර්ති තෙන්නකෝන්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • බටලන්ද වාර්තාව සභාගත කරමින් බිමල් රත්නායක පැවසූවේ ‘මනෝරාණී සරවනමුත්තු’ ඇතුළු පිරිස් දුක අසමින් අතුරුදන් වූවන් ගැන වාර්තා ගොනු කළ බවය.
  • ගැන වාර්තා තුනක් සකස් කර ඇත.
  • එයින් අතුරුදන්වීම් පිළිබඳ සිද්ධි 7,858 ක් අතරින් සිද්ධි 4,858 ක් ම රජයේ හමුදා සහ සන්නද්ධ අංශ විසින් සිදු කර ඇත.
  • තවත් සිද්ධි 59 ක් පුද්ගලික එදිරිවාදිකම් මත රජයේ (හමුදා/පොලිස්) පාර්ශව විසින් සිදු කර ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

බටලන්ද වාර්තාව සභාගත කරමින් බිමල් රත්නායක පැවසූවේ ‘මනෝරාණී සරවනමුත්තු’ ඇතුළු පිරිස් දුක අසමින් අතුරුදන් වූවන් ගැන වාර්තා ගොනු කළ බවය. නැත! එය කළේ මනෝරානි නොව මනෝරි (ද සිල්වා) මුත්තෙට්ටුවේගම විසිනි.




87-89 ගැන වාර්තා තුනක් සකස් කර ඇත. එයින් අතුරුදන්වීම් පිළිබඳ සිද්ධි 7,858 ක් අතරින් සිද්ධි 4,858 ක් ම රජයේ හමුදා සහ සන්නද්ධ අංශ විසින් සිදු කර ඇත.  තවත් සිද්ධි 59 ක් පුද්ගලික එදිරිවාදිකම් මත රජයේ (හමුදා/පොලිස්)  පාර්ශව විසින් සිදු කර ඇත.  සිද්ධි 1,543 ක් ගැන නිශ්චිත හේතු නැත. එහි ජනතා විමුක්ති පෙරමුණ නැතිනම් දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය විසින් සිදු කළ අතුරුදන් කිරීම් 779 කට නිශ්චිත තොරතුරු පවතී.

රජයේ නිල සංඛ්‍යා ලේඛන අනුව 1987  සිට 89 දක්වා කාලය තුල ඝාතනය ලක් වූ සහ අතුරුදන් කළ සංඛ්‍යාව 41,813 කි. මානව හිමිකම් වාර්තා අනුව එම සංඛ්‍යාව 67,652 කි. මෙහි අර්ථය මරණයට හෝ අතුරුදන් හෝ වූ පුද්ගලයින් 41,813 ක් ගැන නිශ්චිත තොරතුරු පවතින බවය.

වර්තමාන ජවිපෙ නායක ජනාධිපතිට රෝහණ විජේවීර ගැන අභියෝගයක්බ්‍රිටෝ ප්‍රනාන්දු

 

මේ ඝාතන හා අතුරුදන් කිරීම් පිළිබඳ පරාසය අති විශාලය. උදාහරණයක් ලෙස අතුරුදන් වූවන් පිළිබඳ මනෝරානි සරවනමුත්තු, මනෝරි මුත්තෙට්ටුගම (කොල්වින් ආර් ද සිල්වා ගේ දුව) ත් වඩා රජයට වැඩිම බලපෑම් කළ පුද්ගලයා ලෙස සැලකිය හැකි අපගේ මිතුරු බ්‍රිටෝ ප්‍රනාන්දු ගනිමු. කැරැල්ල සමයේ ඔහුට ද සැඟවී සිටීමට සිදු වූ අතර, රජයෙන් නිකුත් කළ අවියක් ඔහුට ද නව සම සමාජ පක්ෂය හරහා ලැබී තිබුණි. (එම ගිණි අවිය ජවිපෙ විසින්‍ සොරාගන්නා ලදී) දේශපාලනික අප සමඟ ගනු දෙනු කළ වාමාංශික පක්ෂවල බහුතරයකට රට පුරා තැන තැන රජයේ ආයුධ වලින් ආරක්ෂාව ලබා ජීවත්වන්නට සිදු විය. ඉබ්බාගමුව යකල්ල දේවසරණ ඇතුළු ස්ථාන රැසක මේ ගැන උදාහරණ ඇත.

ජවිපෙ විසින් ඝාතනය කරන ලද වැලිගම නව සමසමාජ පක්ෂ සුළුතර කණ්ඩායමේ ඩග්ලස් කළුආරච්චි ගේ මිනිය රැගෙන යන මාර්ගයේ කැබ් රථයකින් අවසන් ගෞරව දක්වන්නට පැමිණි පිරිසට (පණ බේරා ගැනීමට) අවි ආයුධ බෙදා දෙනු ලැබීය. කොමියුනිස්ට් පක්ෂයේ මාතර නායකයෙකු වූ ‘ඩැනී හිත්තැටිය මුවන්පැලැස්සේ කදිරා මෙන්’ පිටේ ශොට් ගන් එකක් ද, පාපැදියේ හැඩල්එක උඩ තවත් තුවක්කුවක් ද, ඉනේ පිස්තෝලයක් ද සහිතව (පාපැදියෙන්) ගොස් දේශපාලනය කළේය. නමුත්, අප කතා කරන්නේ එළියකන්ද, එච්.ආර්.පියසිරි, රන්ජන් විජේවර්ධන වැනි එජාපයට සම්බන්ධ අය ගැන පමණී.

හයිගේට්ස් සුසානයේ නිදන, අපි දන්න කියන, අපේ කෙනෙක් ඔයා මාක්ස්! - (අරවින්ද  හෙට්ටිආරච්චි)
සිරිල් වෛද්‍යරත්න 87 -89 කැරැල්ල ගැන කිව්වේ ‘ලාන්ස් කෝප්ල් ලා දෙදෙනෙකු හයිඑස් වෑන් රථයකින් ගොස් යුද්ධයක්’ බවය.  87 -89 ලංකාවේ සාම්ප්‍රදායික යුද්ධයක් හෝ සාම්ප්‍රදායික සිවිල් යුද්ධයක් පැවතුනේ නැත.  එය ලෝකයේ වෙනස්ම සිවිල් යුද්ධයකි. පළමු වටයේ දී, ජනතා විමුක්ති පෙරමුණ ගමේ ඔවුන්ට තර්ජනයක් විය හැකි යැයි තීරණය කළ (උදා - එජාප පාක්ෂිකයින්, වාමාංශිකයින්) ඝාතනය කළේය. දෙවනුව ග්‍රාම නිලධාරි, වගා නිලධාරි, විදුහල්පතිවැනි පිරිසක් ඝාතනය ‍විය.

 

පොලීසිය, හමුදාව මාස 3 ක් යන තෙක් සිදුවන්නේ කුමක්දැයි තේරුම්ගත නොහැකිව අන්දමන්ද වී සිටියේය. පොලීසියේ ප්‍රේමදාස උඩුගම්පොල, ලකී අල්ගම, එඩිසන් ගුණතිලක (ගඩාෆි), නොයෙල් චන්දන කුඩාහෙට්ටි ඇතුළු පිරිසක් අඩුම උණ්ඩ ගණනකින්, පිහි, කැති, ගල්කටස් ප්‍රහාරයට ඒ ක්‍රමයටම උත්තර දුන්නේය. හමුදා, පොලීසියේ පවුල්වල සාමාජිකයින් ඝාතනයෙන් එයට ජවිපෙ ප්‍රතිචාර දැක්වීය.  

හැට දෙදහසක් ඝාතනය කරන්නට උණ්ඩවලට වඩා යොදා ගත්තේ කඩු, කිනිසි, තනි පතොරමේ තුවක්කු ය! ජවිපෙ හන්දි හන්දි ගානේ මිනිසුන් ඝාතනය කළ අතර, හමුදාව, පොලීසිය, අතුරු හමුදා ද හන්දි හන්දි ගානේ ඝාතන කළෝය. සමාජයේ පැවති ශීලාචාරත්වය ජවිපෙ - ආණ්ඩු ඝාතන ක්‍රමය විසින් බිඳවට්ටවන ලදී.

 

විජය ඝාතනය කර අදට වසර 37ක්

වර්ධරාජා පෙරුමාල් විජය කුමාරතුංගට සන්නද්ධ භටයින් දෙදෙනෙකු ගේ සේවය ලබාදෙන්නට ඉදිරිපත් විය. එය නොගත් විජය මැරුණේය. වාමාංශිකයින් ආයුධ ගත්තේ ඉන් පසුවය.  එදා ‘ප්‍රා’ සහ වෙනත් නම්වලින් ආයුධ ගත් පිරිස සිවිල් ක්‍රියාකාරීන් ලෙස අදත් කටයුතු කරති.  

ඝාතන එකම පවුලක් ඇතුලත වුවත් අවුල් ජාලයක් නිර්මාණය කරන්නේය. මෑතක දී පාර්ලිමේන්තුවේ 87-89 ඇදගත්තේ මාතලේ ගමගෙදර දිසානායක (තිබ්බොටුවාවේ ඥානරතන) ය. ඔහු නොදන්නා හෝ අමතක කරන කරුණ නම් මාතලේ ජාතික ජනබලවේගයේ මන්ත්‍රී දිනේෂ් හේමන්ත පෙරේරා ගේ බාප්පා වූ විමල් කුරුකුලසූරිය බවය. විමල් යනු 88 ජවිපෙ න් ඉවත්වීම නිසා ඝාතනයට සොයමින් සිටි පුද්ගලයා ය.  එතැනම ඝාතනය වූ ගමගෙදර සරත් ගේ පවුලේ අය මේ කතා නොදන්නවා ‍නොවේ. මන්ත්‍රී දිනේෂ්ට උසස් අධ්‍යාපනය සම්පූර්ණ කර ගත නොහැකිව ටියුෂන් ගුරුවරයෙකු වන්නට සිදු වූයේ මේ ඝාතනවල පීඩනය ඔවුන්ගේ පවුලට තිබූ නිසාය. දැන්, අවසානයේ ඔහුට 2024 මන්ත්‍රී ධූරය ලැබුණේ ජවිපෙ නිසාය. නැවත ‍අතීතය අවුස්සා මේ මන්ත්‍රීවරයා අලුත් අවුරුද්දට ඔහුගේ නිවසට එන පවුලේ සාමාජිකයින්ට මුහුණ දිය යුතුය!

 

batalanda report sinhala
සරත් ඉද්දමල්ගොඩ පියතුමා බටලන්ද ගැන සටහනක් ලියා තිබුණි. එතුමන්ගේ සහෝදරයා අවිස්සාවේල්ල ‘වග’ එජාප පළාත් සභා අපේක්ෂක ඉද්දමල්ගොඩ ඝාතනය කරනු ලැබූවේ ජවිපෙ විසිනි. මීගමුව මුන්නක්කරේ පිහිටි ‘සිඳුපති’ බෝට්ටු අංගනයේ තිබී ආයුධ හමුවී විට එතුමන්ගේ ආගමික නිකායේ ප්‍රධානියෙකුට, ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු පවසා තිබුනේ මේ වන විට භික්ෂූන් වහන්සේ 300 ක් ඝාතනය වී ඇති බවත් පියතුමෙකුගේ ඝාතනය තවත් ඉලක්කමක් පමණක් බැවින් පණ බේරාගන්නා ලෙසය.  

87 -89 කැරැල්ලට සම්බන්ධ වූ දහස් ගණනක් සමාජ පීඩණය නිසාම, අද ජීවත්වන්නේ තමන්ගේ නම පවා වෙනස් කරගෙනය. අතීත භිෂණයේ මතක දිග හැරෙන්නේ මේ සියළු ආකාරයේ කුණු කන්දල් ද සමඟය.

ජවිපෙ ක්‍රියාකාරීන් ලෙස කටයුතු කර ඔළුබක්කන් බවට පත්ව ජීවිතය බේරාගෙන ජවිපෙ නායකයින් බවට පත් වූ පිරිසක් ද වෙති.

මේ රටේ බොහෝ දෙනා සංක්‍රාන්ති යුක්තිය ඉල්ලා සිටි පිරිසකි. අපි සැමටම,  

1. එවැනි තත්වයක් නැවත ඇති නොවන බවට සහතික වීම (ආයතනික, නෛතික, සමාජීය, දේශපාලනික, ආර්ථික ආදී ප්‍රතිසංස්කරණ ඇතුළත් පුළුල් ක්‍රියාදාමයක් මෙහිදී අවශ්‍යය).

2. අපරාධමය වැරදි සම්බන්ධයෙන් නඩු පැවරීම හා නීතිමය වගවීම තහවුරු කිරීමට අවශ්‍යය.

3. හානිපූරණය (හානිපූරණය යනු වන්දි ගෙවීම පමණක් නොවේ. පීඩාවට පත්වූවන්ට ප්‍රතිකාර කිරීම, මනෝ සමාජයීය සහාය සැපයීම, පුනරුත්ථාපනය, අනුස්මරණය වැනි දේ ද එයට අයත් වේ) අවශ්‍යය.

4. සත්‍යය සෙවීම (විශේෂයෙන්ම අතුරුදහන් වූවන්ගේ පවුල්වලට මෙය ඉතා වැදගත්ය) අවශ්‍යය.

image 985772b10f

 

නමුත් කිසිවෙකුටත් පරණ තුවාල පාරවා හදවත් දවාගන්නට අවශ්‍ය වූයේ නැත. හදවත් සුවපත් කර ගන්නට පමණක් අවශ්‍ය වූවේය. අවසනාවකට කෙටි කාලීන ජනප්‍රියත්වය පතා හෝ පෙරටුගාමී බලපෑම නිසා හෝ බටලන්දට වැරදි තැනකින් ගිණිතබා 87-89 යේ ඝාතනය වූ, වද හිංසාවට ලක් වු පවුල් සමාජිකයින්ගේ පවුල් ලක්ෂ 5 කට වැඩි ප්‍රමාණයක් එකවර කම්පනය කර ඇත. ඒ අතීතයෙන් ගැලවීමට බැරි මිනිසුන්ගේ තුවාල නැවත පාරවා ඇත.

උතුරටද, දකුණට සංක්‍රාති යුක්තිය වෙනුවෙන් සටන් කළ, කතා කළ කිසිවෙකුට දැන් මේ යුක්තියේ මාවත මඟ හැර යා නොහැකිය. උතුර ද දකුණ ද, තව ටික දවසකින් නැවත ජාත්‍යන්තර ප්‍රජාව ද ‘වගවීම, වගකීම ගැන අලුත් ජවයකින් කතා කරනු ඇත. යුක්තිය ඉල්ලා දෙවියන් යදිනට පමණක් නොව, තවත් බොහෝ දේ කරන්නට උත්සහ දරනු ද ඇත.

‘මිටක් නැති දෙපැත්ත කැපෙන කඩුවට’ සමා‍ජයේ යම් පිරිසක් නැවත අත තබා ඇත. ඉතින් අපි හැමෝම නැවතත් තුවාල අලුත් කර ගනිමු!

ටෙලිනාට්‍ය, දුෂණය, ළබැඳියාවන් අතර පිළිගැටුම | Rajith Keerthi Tennakoon(සටහන | රජිත් කීර්ති තෙන්නකෝන්)
Former Governor of Uva, Southern and Central Provinces
Former Executive Director of Campaign for Free and Fair Elections (CaFFE) and Center for Human Rights and Research - CHR Sri Lanka

rajith_tennakoon@yahoo.com

සබැඳි ලිපි :


බටලන්ද වාර්තාවෙන් කාගෙවත් ප්‍රජා අයිතිය නැති කරන්න බෑ - ප්‍රතිභා මහානාමහේවා

බටලන්දට ගිණි තබා රනිල් දවා අලුකිරීම...? - | අශෝක ජයතුංග

බටලන්ද වාර්තාව ගැන රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්

බටලන්ද වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි

'බටලන්ද කොමිසම් වාර්තාව' යනු කුමක් ද? එහි අඩංගු මොනවාද? කොමිසමේ වාර්තාවට අනුව අනීතික ක්‍රියා සඳහා වගකිවයුත්තෝ කවුරුන් ද?

'බටලන්ද වාර්තාව' පාර්ලිමේන්තු එනවට මම කැමති ඇයි ? | Sanjeewa Batuwatta

බටලන්ද වාර්තාව සහ රනිල් ?

ආයිත් ඉන්නේ රනිල්...| Mahesh Hapugoda


 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...