The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

කුවේණිගේ සනුහරේ (11) - කුවේණිගේ සනුහරේ කාන්තාවන්ගේ අනන්‍යතාව සොයාගත නොහැකි ද?

T

The Leader Desk

January 7, 2025 • 8:15 AM

කුවේණිගේ සනුහරේ (11) - කුවේණිගේ සනුහරේ කාන්තාවන්ගේ අනන්‍යතාව සොයාගත නොහැකි ද?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අපේ රටේ ග්‍රාම නාමයක් මුල්කර ගනිමින් කාන්තාවන් හැඳින්වෙන වෙනත් ස්ථානයක් ගැන අසන්නට නැත.
  • බොහෝ දෙනාගේ මතය වන්නේත්, ජනප්‍රවාදයෙහි පවතින්නේත් විජය කුමරු ලංකාවට පැමිණෙන විට මෙහි වාසය කරමින් හිඳ ඇත්තේ යක්ෂයන් හා නාගයින් බව ය.
  • ලංකා විශ්ව විද්‍යාලයේ ලංකා ඉතිහාසය 1 කාණ්ඩය, 1 භාගය දක්වන අන්දමට මේ මතය සැබෑවක් නම් එම යක්ෂයන් ඕස්ට්‍රේලියානුරූපී මානව වර්ගයටත්, නාගයන් මධ්‍ය ධරණීය මානව වර්ගයටත් අයත් වූ බව අනුමාන කළ හැකිය.
  • නිග්‍රීටෝ ලක්ෂණ මේ අයගේ තිබුණේද යන්න සැක සහිත බව මානව වංශ විද්‍යාව දක්වයි.
අකුරු ප්‍රමාණය (Font Size):
ඔවුන් විශේෂිත කාන්තාවන් ලෙස අප හැඳින්වූයේ එක් නිශ්චිත කලාපයක හමුවන, විශේෂිත ශරීර වර්ණයක් එනම් කාල වර්ණයෙන් යුතු, එකම ආකාරයක කතා විලාසයක් සහිත, එම කතා විලාසය පිරිමින්ගේ මෙන් රළු වූ, ඔවුන්ටම සුවිශේෂ වූ සංස්කෘතික ලක්ෂණ සහ හැසිරීම් රටා යන ආදියෙන් විශේෂිත අනන්‍යතාවයක් සහිත පිරිසක් වන නිසා ය. අපේ රටේ ග්‍රාම නාමයක් මුල්කර ගනිමින් කාන්තාවන් හැඳින්වෙන වෙනත් ස්ථානයක් ගැන අසන්නට නැත. මීගමු කාන්තාවන් ඒ අතරින් විශේෂිත වේ.
 
කුවේණිගේ සනුහරේ (01) - පිරිමින් අභිබවා පෙරට ආ එදා මීගමු කාන්තාවෝ (ඉන්දු  පෙරේරා)
 
මානව වංශ විද්‍යාවට අනුව එවැනි විශේෂ අනන්‍යතා සහිත ගෝත්‍ර තිබේ. බොහෝ දෙනාගේ මතය වන්නේත්, ජනප්‍රවාදයෙහි පවතින්නේත් විජය කුමරු ලංකාවට පැමිණෙන විට මෙහි වාසය කරමින් හිඳ ඇත්තේ යක්ෂයන් හා නාගයින් බව ය. ලංකා විශ්ව විද්‍යාලයේ ලංකා ඉතිහාසය 1 කාණ්ඩය, 1 භාගය දක්වන අන්දමට මේ මතය සැබෑවක් නම් එම යක්ෂයන් ඕස්ට්‍රේලියානුරූපී මානව වර්ගයටත්, නාගයන් මධ්‍ය ධරණීය මානව වර්ගයටත් අයත් වූ බව අනුමාන කළ හැකිය. නිග්‍රීටෝ ලක්ෂණ මේ අයගේ තිබුණේද යන්න සැක සහිත බව මානව වංශ විද්‍යාව දක්වයි. ඒ ලක්ෂණ තිබුණේ නම් එය තිබෙන්නට ඇත්තේ ජනප්‍රවාදයෙහි එන, නිට්ටෑවෝ ගෝත්‍රය තුළ ය. විජය කුමරු මෙරටට පැමිණෙද්දී පවා මේ විවිධ ලක්ෂණ මෙහි සිටි ජනයාගේ සම්මිශ්‍රණය වී පවතින්නට ඇත.
Wadda
 
කෙසේ වුවත්  කලක් ගතවන විට මිනිස් සමාජය තුළ ඔවුනොවුන් මිශ්‍රවීම සිදුවන අතර එසේ වෙනස් වන ජාන අනුව පසුව ඔවුන් එකිනෙකාගෙන් කර හඳුනා ගැනීම අපහසු වෙයි. නමුත් යම්කිසි අයුරකින් බාහිර සමාජය හා මුසු නොවී පැවතියහොත් ඔවුන්ගේ ස්වීය ලක්ෂණ තවදුරටත් පවතින්නට පුළුවන. උදාහරණයක් වන්නේ වැදි ජනතාව යි. මෑත භාගය වනවිට යම් ප්‍රමාණයකට ඔවුන් බාහිර සමාජය සමඟ මුසුවී සිටියත් ඔවුහු තවමත් තමන්ගේ ආවේණික ලක්ෂණ ඒ අයුරින්ම පවත්වා ගැනීමට සමත් වී සිටිති. 
 
3 s2.0 B9780323907996002330 f00233 10 9780323907996
       
හිස්කබල් වැනි කොටස් මගින් එම කොටස් අයත් වන ජනකොටස්වල පැරණි ජීවිතය, පරිසරය සහ පෘථිවියේ ඉතිහාසය ගවේෂණය කිරීම ජීවාශ්ම විද්‍යාව එනම්, පාලියන්ටොලජි (paleontology) නම් විද්‍යාවේ කොටසකි. ජීවාශ්ම විද්‍යාව යනු පුරාණ ජීවීන්ගේ අවිවික්ත  සිරස් (fossilized remains), සන්ධාන (trace fossils) හෝ ව්‍යුහ පිළිබඳව පර්යේෂණ කිරීමේ විශේෂිත විද්‍යාවක් වේ. හිස් කබල් දත් හෝස්ට්‍රිල් වැනි කොටස් මෙම විද්‍යාවෙන් ගවේෂණය කරන ප්‍රධාන සාධක ය. මෙම විද්‍යාවෙන් ඇතැම් විට මිනිස් ගෝත්‍ර හඳුනා ගැනීමේ හැකියාව ඇත. හොඳම උදාහරණය රොමානිවරුන් ය.
 
free photo of woman selling fish in a port
 
මීගමු කාන්තාවන් පිළිබඳ සැලකුවහොත් අප මේ දක්වාම විස්තර කළ ඔවුන්ගේ සංස්කෘතික ලක්ෂණ, කායික ලක්ෂණ චර්යාත්මක සහ භාෂා ලක්ෂණ අතරින් ඔවුන් පිළිබඳ පැහැදිලි අනන්‍යතාවයක් ගොඩනගා ගැනීමට හැකියාව ඇත. නමුත් අප ඊට අසමත් වීම නිසා සමාජමය වශයෙන් වටිනාකමක් දීම තබා ඔවුන් පිළිබඳ අනන්‍යතාවයක්වත් ගොඩනගා ගැනීමට අපට නොහැකි වී තිබේ. අද වන විට මීගමුව හා ඒ ආශ්‍රිත වෙරළ කලාපයේ අනෙකුත් ජනතාවත් සමග මේ අය මිශ්‍ර වී සෙසු සමාජයන්ට අවශෝෂණය වී ඇත. සුළු පිරිසක් පමණක් සංස්කෘතික වශයෙන් නූතනයත් සමග මිශ්‍ර නොවීම නිසා සමාජයේ වෙනම කොටසක් ලෙසින්  ජීවත්වීම දක්නට ලැබේ. ඒ වෙන්වීම තුළ ඔවුන්ට නිසි  ඇගයුමක් ලබාදී ඔවුන්ගේ ස්වීයත්වය වැඩි කළ හැකිය. අපේ රටේ වැදි ජනතාවට ඉහළ වටිනාකමක් තිබේ. ඔවුන්ව මහතා මහත්මිය යනුවෙන් අප ආමන්ත්‍රණය නොකළත්, ඇත්තෝ යන්නෙන් හැඳින්වීම තුළ ඒ හා සමාන ගරුත්වයක් ඇත.
5725617
 
අද වුවත් ඉහත සාධක මුල්කරගනිමින් මානව විද්‍යාත්මකව හා මානව වංශ විද්‍යාත්මකව මීගමු කාන්තාව සම්බන්ධයෙන් විශ්ලේෂණය කරන්නේ නම් ශිලා යුගයන් හි එනම් ගල් යුගයෙහි අවසානයට පසු එළඹෙන ලෝක ලූශ යුගය (chalcolithic age) නම් වූ ලෝහ භාවිතයට හුරු වූ යුගයේ ද කුවේණිගේ ශිෂ්ඨාචාරය පැවතී තිබේ. මෙහිදී කුවේණි යනු ඇගේ ශිෂ්ඨාචාරයෙහි පළමුවැන්නා ලෙස සලකන්නේ යැයි නොසිතිය යුතුය. කුවේණිය යනු එක් සංකේතයක් පමණි. මේ අයට වටිනාකමක් දීම යුගයේ මෙහෙවරකි. අපි අපේ රටේ පැවති රාවණ යුගයක් පිළිබඳ කතා කළෙමු. එවැනි අවධානයක් කුවේණිය අයත් යක්ෂ ගෝත්‍රිකයන්ගෙන් පැවත එන බවට සැළකෙන මීගමුවේ මේ සුවිශේෂ කාන්තාවන් පිළිබඳවත් යොමු වන්නේ නම් එය ඉතා කාලෝචිත ය.
 
මෙම ලිපි පෙළ මෙතෙකින් නිමවේ.
 
 
සටහන : ඉන්දු පෙරේරා
 
සබැඳි ලිපි:
 
 
 
 
 
 
 
 
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...