BREAKING
උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ● බැසිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි: ලයනල් බෝපගේ ලියූ උපහාරය●ට්‍රම්ප්ගේ නව නීති හමුවේ මුස්ලිම් රටවලින් අමෙරිකා සංක්‍රමණ සියයට 96කින් බිඳවැටෙයි●"අධිකරණය පත්කළ කමිටුවේ වාර්තාවට අත්සන් තැබුවා" - අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු අධිකරණයට කියයි.●ඩුබායි-ටෙල් අවිව් ගුවන් අනතුර වැළකේ: සහායක නියමුවා ගැන විමර්ශන●
Top Ad
පුවත්

තවත් බරපතල චෝදනාවක් : කෝටි 11ක බාල ඖෂධ ගෙනල්ලා

T

The Leader Desk

November 7, 2021 • 9:27 AM

තවත් බරපතල චෝදනාවක් : කෝටි 11ක බාල ඖෂධ ගෙනල්ලා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • 2020 විගණාධිපති වාර්ථාව අනූව කෝටි 11ක බාල ඖෂධ ගෙන්වා ඇතැයි මෙරට ප්‍රකට සෞඛ්‍ය වෘත්තීය සමිතියක් අනාවරණය කර සිටියි.
  • සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ එම කාරණා සඳහන් කර සිටියේ, අද (07) පැවති මාධ්‍ය සාකච්ඡාවක දීය.
  • ''ලෝකල් පර්චර්ස් නවැත්වීමට යැයි හගවමින් ඇස්තමේන්තුගත ප්‍රමාණයට වඩා 25%ක වැඩිපුර මිලට ගැනීම නිසා මිලියන 2000ක පමණ ඖෂධ ප්‍රමාණයක් කල් ඉකුත් වෙලා.
  • ආසාධිතයින් 500යි කියන්නේ සාමාන්‍ය තත්වයක් නෙවේ.
අකුරු ප්‍රමාණය (Font Size):



PCR පරීක්ෂණ කට්ටල ගෙන්වීමේදී තාක්ෂණ ඇගැයිම් කමිටු එක් සමාගමකට වාසි වන අයුරින් තීරන ගැනීම නිසා, රුපියල් මිලියන 125ක් රජයට අහිමි වී ඇතැයි එම වෘත්තීය සමිතිය පවසයි.

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ එම කාරණා සඳහන් කර සිටියේ, අද (07) පැවති මාධ්‍ය සාකච්ඡාවක දීය.

''ලෝකල් පර්චර්ස් නවැත්වීමට යැයි හගවමින් ඇස්තමේන්තුගත ප්‍රමාණයට වඩා 25%ක වැඩිපුර මිලට ගැනීම නිසා මිලියන 2000ක පමණ ඖෂධ ප්‍රමාණයක් කල් ඉකුත් වෙලා. '' යයි ද රවී කුමුදේශ් මෙහිදී කියා සිටියේය.

''චන්න ජයසුමන ඇමති, ෆයිසර්, මොඩර්නා සහා ජොන්සන් අන්ඩ් ජොන්සන් එන්නත් පිළිබද පර්‍යේෂණයක ප්‍රතිඵල පෙන්නලා, චීන එන්නත හොදයි කියා ගන්න හදනවා.  මොන එන්නත ගැහුවත් ආරක්ෂාව දිනපතා අඩු වෙනවා, ඒ නිසා එන්නත් ආරක්ෂාව සදාකාලිකයි කියලා හිතාගෙන වැඩකරන අයට ඒක හොද පණිවිඩයක්.

මරණ 20යි. ආසාධිතයින් 500යි කියන්නේ සාමාන්‍ය තත්වයක් නෙවේ. ආන්ඩුවට නොම්මරයක් වුණාට, මැරෙන අයට තියෙන්නේ එක ජීවිතයයි. මේ යන විදිහට නව රැල්ලක් අනිවාර්යයි. වැරදි තීරණ ගන්න අයයි, තීරණ නොගෙන ඉන්න අයයි අනාගතයේ මැරෙන හැම ජීවිතයකටම වග කියන්න ඕනේ.'' යයි ද වෘත්තීය සමිති නායකයා පැවසිය.

බාල ඖෂධ රෝගීන්ට පොවලා: 2020 බෙදා හැර තියෙන්නේ පරණ බෙහෙත්


මේ අතර 'අරුණ' පුවත්පත වාර්තා කර ඇත්තේ, රුපියල් එකොළොස් කෝටි තිස් හය ලක්ෂයකට අධික වටිනාකමින් යුත් තත්ත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයීම් අංශයෙන් පසුගිය වසරේ දී රෝහල්වලට නිකුත් කර ඇති බවයි.

වීදුරු කැබලි, වෙනත් කුඩා කැබලි පැවතීම, පෙති කැඩී යාම, වර්ණය වෙනස් වීම පමණක් නොව ක්ෂුද්‍රජීවීන් යන හේතු මත මෙම ඖෂධ භාවිතයෙන් ඉවත් කිරීමට එම රෝහල් කටයුතු කර තිබූ බව විගණකාධිපතිවරයාගේ වාර්ෂික වාර්තාවෙන් අනාවරණය කර ඇත. මෙම ඖෂධ අතර ආසාත්මිකතා, ඇදුම හා පිළිකා සඳහා භාවිත කරන ඖෂධ මෙන් ම ප්‍රතිජීවක ඖෂධ ද තිබී ඇත.

අදාළ වසරේ දී තත්ත්වයෙන් බාල ඖෂධ ඒකක හයලක්ෂ නවදහස් පන්සිය හැට එකක් පොලොන්නරුව රෝහල වෙත ලැබී තිබූ බවත් ඉන් ඒකක පන්ලක්ෂ විසිනව දහසක් හෙවත් සියයට අසූ හයක් රෝගීන්ට නිකුත් කර තිබූ බවත් එම වාර්තාව තවදුරටත් අනාවරණය කර තිබේ‍. එසේ නිකුත් කළ ඖෂධ භාවිත කළ රෝගීන් සම්බන්ධයෙන් කිසිදු පරීක්ෂාවක් හෝ විමසීමක් කර නොතිබූ බවත් විගණකාධිපතිවරයා සඳහන් කරයි.

තත්ත්වයෙන් බාල ඖෂධ පිළිබඳ දැනුම් දීමේ චක්‍රලේඛ නිකුත් කිරීම ප්‍රමාද වන හෙයින් ඒ පිළිබඳ දැනුම් දීම සඳහා පසුගිය වසරේ සිට පරිගණක පද්ධතිය උපයෝගී කර ගන්නා බව වෛද්‍ය සැපයීම් අංශය විගණනය වෙත දැනුම් දුන් නමුත් 1521ක් වන සමස්ත රෝහල් සංඛ්‍යාවෙන් 1381ක ම පරිගණක පද්ධතිය ක්‍රියාත්මක නොවන බව ද එම වාර්තාව අනාවරණය කරයි.

 

පසුගිය වසර නවයක කාලයේ දී තත්ත්වයෙන් බාල ඖෂධ වෙනුවෙන් දරා ඇති වියදම රුපියල් විසිතුන් කෝටි හැට හතර ලක්ෂය ඉක්මවන බවත් එම මුදල් සැපයුම්කරුවන්ගෙන් අයකර ගැනීමට පියවර ගෙන නොතිබූ බවත් විගණකාධිපතිවරයා සඳහන් කරයි.

 

ඒ අතරින් රුපියල් විසිඑක් කෝටියකට අධික වටිනාකමින් යුත් ඖෂධ මිල දී ගෙන ඇත්තේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ය. දේශීය නිෂ්පාදකයන්ගෙන් මිලට ගෙන ඇති ඖෂධවල වටිනාකම රුපියල් එක්කෝටි නව ලක්ෂයකට අධික ය.

මේ සම්බන්ධ‍ෙයන් ඖෂධ නිෂ්පාදන, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමනගෙන් කළ විමසුමකදී ඔහු සඳහන් කළේ 2020 වර්ෂයේ රෝහල්වලට බෙදා හැර ඇත්තේ, 2018 හා 2019 වර්ෂවල දී මිලදී ගත් ඖෂධ බවයි. තමන් මෙම අමාත්‍යංශයට පත් වීමෙන් පසු ඖෂධවල ගුණාත්මක බව හා තත්ත්වය සම්බන්ධයෙන් දිගින් දිගටම පරීක්ෂා කළ අතර ඖෂධ සියයක් පරික්ෂා කිරීමේදී 22ක් බාල ඒවා බව හෙළිවීමෙන් පසු මේ වන විට සැපයුම් කරුවන් තත්ත්වයෙන් උසස් ඖෂධ ලබා දීමට පෙළඹී ඇති බවද රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කළේය.



කෝටි 2000 කට අධික ඖෂධ ප්‍රමාණයක කල් ඉකුත්වෙලා :

මේ අතර රජයේ ඖෂධවේදීන්ගේ සංගමය පවසන්නේ, රුපියල් කෝටි 2000 ක පමණ ඖෂධ ඇතුළු වෛද්‍ය සැපයුම් ප්‍රමාණයක් වාර්ෂිකව ඇස්තමේන්තුවට වඩා ඇනවුම් කිරීමට වෛද්‍ය සැපයුම් අංශයට සිදුව ඇති බවයි. ඉදිරි වසර තුළ රුපියල් කෝටි 2000 කට අධික ඖෂධ ප්‍රමාණයක් කල් ඉකුත්වනු ඇතැයි ගණන් බලා ඇත.

රජයේ ඖෂධවේදීන්ගේ සංගමය නිකුත්කළ මාධ්‍ය නිවේදනයක එබව සඳහන් වේ.

 
 

 


THE LEADER TV

 
 
පුතාගේ ඉල්ලීම ගැන හිතලා බලන්න ඔනේ ! | මොණරවිලගේ ලියමන |
 

 
 
"ස" ට කඳක් තියෙනවා ඔළුවක් නෑ ! | "ස" ගේ දැනගැනීම පිණිසයි
 
 
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...