The Leader News
BREAKING
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●සංචාරක පැමිණීම් ඉහළට: ආදායමේ අඩුවක්●භාතිය-සන්තුෂ් මුල්‍ය චෝදනා: බදු පද්ධතියට අලුත් පාඩමක්●
Top Ad
පුවත්

කෝවිඩ් : රිජ්වේ ළමා රෝහලේ දරුවන් 12 දෙනෙකු මියගිහින්!

T

The Leader Desk

August 21, 2021 • 10:14 AM

 කෝවිඩ් : රිජ්වේ ළමා රෝහලේ දරුවන් 12 දෙනෙකු මියගිහින්!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කොවිඩ් හේතුවෙන් රිජ්වේ ආර්යා ළමා රෝහල තුළ දරුවන් 12 දෙනෙකු මියගොස් ඇතැයි
  •   රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් දිනකට කොවිඩ් ආසාදිත දරුවන් 25ත් 30ත් අතර ප්‍රමාණයක් මේ දිනවල වාර්තා වන බව ද වෛද්‍ය ජී.
  •   මේ වනවිට රෝහල් කාර්ය මණ්ඩලයේ ද බොහෝ පිරිසකට කොරෝනාවෛරසය ආසාදනය වී ඇතැයි ද එම කාර්ය මණ්ඩලය අතර කොවිඩ් එන්නත ලබාගත් බොහෝ පිරිසක් සිටින බව ද විශේෂඥ වෛද්‍යවරයා පැවසුවේය.
  •   මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ අධ්‍යක්ෂවරයා මෙසේ ද සඳහන් කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):

එම රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජී. විජේසූරිය පවසයි.

 
රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් දිනකට කොවිඩ් ආසාදිත දරුවන් 25ත් 30ත් අතර ප්‍රමාණයක් මේ දිනවල වාර්තා වන බව ද වෛද්‍ය ජී. විජේසූරිය පැවැසුවේය.
 
මේ වනවිට රෝහල් කාර්ය මණ්ඩලයේ ද බොහෝ පිරිසකට කොරෝනාවෛරසය ආසාදනය වී ඇතැයි ද එම කාර්ය මණ්ඩලය අතර කොවිඩ් එන්නත ලබාගත් බොහෝ පිරිසක් සිටින බව ද විශේෂඥ වෛද්‍යවරයා පැවසුවේය.
 
මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ අධ්‍යක්ෂවරයා මෙසේ ද සඳහන් කළේය.
 
 
රෝහල් කාර්යමණ්ඩලයෙන් 50කට අධික පිරිසකට ආසාදනය වෙලා 
 
"මේ වනවිට රෝහලේ කාර්යමණ්ඩලයෙන් 50කට අධික ප්‍රමාණයකට වෛරසය ආසාදනය වී තිබෙනවා. ඔවුන්ව අපි මේ වනවිට රෝහල තුළ තබාගෙන ප්‍රතිකාර කටයුතු සිදුකරනවා. රෝගය පැතිරීමේ යම් උච්ච තත්ත්වයකට මේ වනවිට පත්ව තිබෙනවා.
 
මේ අවස්ථාවේදී හැම මවුපියෙක්ම තමන්ගේ කුඩා ළමයින් ආරක්ෂා කර ගැනීම ඉතා වැදගත් වනවා. මොක ද කුඩා දරුවන්ට මේ රෝගය බෝවෙන්නේ මවුපියන් හා වැඩිහිටියන් මාර්ගයෙනුයි. ඒ නිසා සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් පිළිපදින්න කියලා අපි ජනතාවගෙන්  ඉල්ලනවා.
 
 
වෛද්‍ය උපදෙසකින් තොරව දරුවන්ට විටමින් දෙන්න එපා !
 
අපට වාර්තා වනවා කුඩා දරුවන් මේ කොවිඩ් රෝගයෙන් ආරක්ෂා කර ගැනීමට අනවශ්‍ය ලෙස විටමින් වර්ග, විටමින් B වැනි දේ ඇතුළු දේවල් දෙන බවට තොරතුරු ලැබෙනවා. 
 
ඇත්තට ම දරුවන්ට එහෙම ලබාදීමක් සිදු කරන්න එපා කියලා අපි ඉල්ලනවා. මොක ද නිසි වෛද්‍ය උපදෙසකින් තොරව එවැනි දේවල් දෙන්න එපා.
 
දරුවෙකුට යම් කිසි ආකාරයක රෝග ලක්ෂණයක්, පෙන්නුම් කරනවා නම් වහා ම රෝහලට රැගෙන එන්න  කියලා අපි ඉල්ලනවා.
 
රිජ්වේ ආර්යා ළමා රෝහලට රැගෙන එන කිසි ම දරුවකු අප ප්‍රතික්ෂේප කරන්නේ නැහැ."
 
(මව්බිම)
 

 

 


 

THE LEADER TV 
 
 
ලොක්(කා) ඩවුන් : මහින්ද විමල්ලාට කියපු කතාව !
 
 
 
ආණ්ඩුව රනිල් අතේ ද? 
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...