පොහොට්ටුවේ සාමාජිකයන්ට පහර දී මහමග ඇදගෙන ගොස් ඝාතනය කරන කල්හී පොහොට්ටුවට ද්‍රෝහී වී අරගලයට හේත්තු වී තම නින්දා සහගත කුඩා ජීවිතය බේරාගත් ඊනියා ජාතිකවාදීන් දැන් මහා වීරයන් සේ පොහොට්ටුවේ මතය කුමක්දැයි ප්‍රශ්න කරයි. මුන්ගේ අහංකාරකමක මහත!
සිංහල බෞද්ධ නායකයාට එරෙහිව සියලු පර බලවේග එකතු වී නින්දා අපහාස කර අසත්‍ය අභූත චෝදනා කර ඝාතනය කර දැමීමට ක්‍රියාත්මක වෙන විට එතුමාට ධූරයෙන් නික්ම යන්නැයි කියමින් ලිපි ලියූ මහානායක හිමිවරුන් දැන් උතුරු නැගෙනහිර බෞද්ධ විහාරස්ථාන රැකදෙන මෙන් ඉල්ලා ලිපි යවයි. ගිය නුවණ ඇතුන් ලවාවත් අද්දවන්න බැරිය කියනවානේ අපේ හාමුදුරුවනේ.

“පොහොට්ටුව දැන් හාන්සියි” කියා පාරම් බාන විරුද්ධ පාක්ෂිකයන් පොහොට්ටුවේ මතය විමසන්නේ අහවල් කෙංගෙඩියකටද! පොහොට්ටුව ඉවර නම් පොහොට්ටුවේ මතය විමසන්නේ කුමටද! පොහොට්ටුවට ජනතා බලය නැත්නම් පොහොට්ටුවේ මතය වැදගත් වෙන්නේ කෙසේද!
ඊනියා ජාතිකවාදීන්ගේ පස්ස රත් වෙන්නට පටන්ගෙන තිබේ. මූණත් සමග තරහා වී නහය කපාගත් ඔවුන්ට දැන් යන එන මං නැති වී තිබේ. ඔය ඊනියා ජාතිකවාදීන් වැඩිපුර ඉන්නේ පිටරටවලය. ඒ රටවල අයිතිකරුවන්ගේ ජාතිවාදී කෙනෙහෙලිකම්වලින් දිනපතා බැට කන ඔවුන් තම හීනමානය අස්වසා ගනු වස් අටවා ගෙන ඇති කුඩා බේබදු සංගම් ටික පසුගිය කාලයේ වැඩ කළේ පොහොට්ටුවට එරෙහිවය. ඒ අදූරදර්ශී අමන අහංකාර අකුසලයේ ආදීනවය දැන් ඔවුන්ට ලැබෙමින් පවතී.
පොහොට්ටුව යනු පක්ෂයක් පමණක් නොවේ. එය මේ රටේ ඉපිද මැරෙන අව්‍යාජ සිංහලයාගේ ක්ෂේම භූමියයි. එනම් අනෙකුත් ජාතීන්ගේත් ක්ෂේම භූමියයි. පොහොට්ටුව යනු අලුත් පක්ෂයක් නොවේ. එය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පුනරුප්පතියයි. නිදහස් ස්වාධීන ස්වෛරී ජනරජය නිර්මාණය කළ ශ්‍රේෂ්ඨ නායකයන් මැරි මැරී උපදින තැනයි. සුද්දාට එරෙහිව සටන් වැද මියගිය මුතුත්මිත්තන් සේම ම්ලේච්ඡ කොටි සහ ජේවීපී ත්‍රස්තයන් පරාජය කරන්නට දිවි පිදූ විරුවන්ගේ මතක සංස්කාර නියුරෝන ප්‍රතිනිර්මාණය වෙන භවයයි.

පොහොට්ටුවේ නායකයන්ගේ වටිනාකම දැන් තේරෙනවද! රාජපක්ෂ පවුලක් අපිට වැඩක් නැහැ. නමුත් ඩී. එම්. ගේ ඉඳලා මේ රටේ සිංහල බෞද්ධ ජනතාවට රාජපක්ෂලා දුන් නායකත්වය අපිට වැදගත්. ඒ නායකත්වය නැති වුණ ශ්‍රී ලංකා එකට දැන් වෙලා තියෙන දේ පේනවා නේද! ශ්‍රී ලංකා එකේ මතය කුමක්ද කියලා එක බල්ලෙක් අහන්නේ නැහැ නේද! විමල්ලා ගම්මන්පිලලා ඔවුන්ගේ මතය පැන පැන සර්විස් නොකිව්වා නම් එකෙක් ඒ ගැන අහන්නේ නැහැ. උන් වැදගත් නැහැ. නමුත් හැමෝම අහනවා පොහොට්ටුවේ මතය! පොහොට්ටුවේ මිනිහා දන්නවා පොහොට්ටුවේ මතය. දැනට ඒ ඇති!
සමාජ ව්‍යවසායක සහ කර්තෘ
හිටපු ජනාධිපති උපදේශක
eranda.ginige@gmail.com
2023 පෙබරවාරි 3




