The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

13 යථාර්තයට මුහුණ දෙමු ද? තවත් වතාවක් ලේ වගුරමු ද? - (සුජීව ගමගේ)

T

The Leader Desk

February 16, 2023 • 8:00 AM

13 යථාර්තයට මුහුණ දෙමු ද? තවත් වතාවක් ලේ වගුරමු ද? - (සුජීව ගමගේ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සිසේරෝ - දාර්ශනිකයකු වූ ‘සිසේරෝ’ එහෙම කියලා තිබුනට ඇත්තටම අපි එහෙම ජීවත් වෙනවද?
  • ඒත් තිත්ත ඇත්ත, යථාර්තය ඒක නෙමෙයි.
  • “දෙමළු” කියලා, මුස්ලිම් නම් හම්බයෝ කියලා, ඒ දෙගොල්ලොමත් ඒ ඒ අය අතර “සිංහලයෝ” කියලා කතා වෙනවා ඇති.
  • ඇත්තම කිවුවොත් මේ සෑම ජන කොටසක්ම ඉන්නෙ ඒ ඒ මිනිස්සු කොටු කරගත්තු ඒ ගොල්ලන්ගෙම ලෝකවල.
අකුරු ප්‍රමාණය (Font Size):

 

සිසේරෝ -

 

දාර්ශනිකයකු වූ ‘සිසේරෝ’ එහෙම කියලා තිබුනට ඇත්තටම අපි එහෙම ජීවත් වෙනවද?  අපි කාලාන්තරයක් තිස්සේ අපේ රටේ සහෝදර ජනතාවක් එක්ක බියෙන් සැකෙන් තොරව එකිනෙකා කෙරෙහි පූර්ණ අවබෝධයකින් යුතුව ජීවත් වෙනවද ? සමහරු නම් කියනවා සිංහල දෙමළ මුස්ලිම් මිනිස්සු ඔය සමාදානයෙන් ජීවත් වෙන්නේ කියලා.

ඒත් තිත්ත ඇත්ත, යථාර්තය ඒක නෙමෙයි. අපි අපේම සහෝදර  ජන කොටසක් වන දෙමළ මිනිස්සුන්ව අවඥාවෙන් හඳුන්වලා දෙන්නේ. “දෙමළු” කියලා, මුස්ලිම් නම් හම්බයෝ කියලා, ඒ දෙගොල්ලොමත් ඒ ඒ අය අතර “සිංහලයෝ”  කියලා කතා වෙනවා ඇති.

ඇත්තම කිවුවොත් මේ සෑම ජන කොටසක්ම ඉන්නෙ ඒ ඒ මිනිස්සු කොටු කරගත්තු ඒ ගොල්ලන්ගෙම ලෝකවල. ඒකට හේතුවක් තියෙනවා.

 

දශක ගණනාවක් තිස්සේ මේ රටේ සිංහල දෙමළ මුස්ලිම් මිනිස්සු බෙදා වෙන්කරලා මේ රටේ පාලකයො පාලනය කරලා තියෙන්නේ. සුද්දො මෙහෙන් යනකොට ජාතිවාදයේ මහා කාලබෝම්බය ඔන් කරලයි යන්න ගියේ. ඉතින්  එදා මෙදාතුර  ජාතිවාදයේ ගිනිදැල් අවුලවන්න මේ රටේ බලයට පත්වෙච්ච හැම පාලකයෙක්ම අඩුවැඩි වශයෙන් දායක වෙලා තියෙනවා.

 

මුලින්ම බණ්ඩාරනායක උන්නැහේ ගමු. වාහනවල අංක තහඩුවලට පාවිච්චි කරපු ඉංග්‍රීසි අකුරු අයින් කරලා “ශ්‍රී” අකුර දැම්මට පස්සේ  ජාතිවාදී ගින්න ඇවිලුනා.

මේ “ශ්‍රී” අකුර හින්දා සිංහල දෙමළ මිනිස්සු මරාගත්තා.

 

sinhala

සිංහල පමණක් ප්‍රතිපත්තිය උඩ සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කළා.

 

ෑඛල ශභල වගේ ඉංග්‍රීසි අකුරු අංක තහඩුවලට පාවිච්චි කළා නම් එදා ලේ හැලෙන්නෙ නැහැ.  කෝච්චිවලට ගිනි තියන්නේ නැහැ. ඒ විතරක්ද සිංහල පමණක් ප්‍රතිපත්තිය උඩ සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කළා.

මේ “ශ්‍රී” අකුරේ කතන්දරෙයි, සිංහල භාෂාව පමණක් රාජ්‍ය භාෂාව කිරීමේ කතන්දරෙයි එක්ක, උතුරේ දෙමළ ජනතාවට දැනුණෙ තමන්ගේ වර්ගයා මේ සිංහල මිනිස්සු විසින් කොන් කරනවා වගේ හැඟීමක්.

 

Chelvanayakam

චෙල්වනායගම්

 

ඊට පස්සේ තමයි උතුරෙ චෙල්වනායගම්ලා වෙනම රාජ්‍යයක් කියන සංකල්පය ඉස්සරහට දාගෙන ඒ වෙනුවෙන් සටන් කරන්න ගත්තේ.
චෙල්වනායගම්ලා පොන්නම්බලම්ලා කරන්නෙ බොරුවක් කියලා දැන ගත්තට පස්සේ උතුරේ තරුණයෝ කල්ලි ගැහිලා ආයුද අතට ගත්තේ වෙනම රාජ්‍යයක් ඉල්ලගෙන.

 

ඒකේ ප්‍රතිඵලය වුනේ අවුරුදු 30 කටත් එහා ගිය යුද්ධයක් ඇතිවීම. මිනිස්සු මොනතරම් මැරෙන්න ඇති ද? සිංහල වුනත් දෙමළ වුනත් මුස්ලිම් වුනත් මේ රටේ මිනිස්සුනේ මැරුනෙ.

 

දෙමළ මිනිස්සු ඉන්දීය සම්භවයකින් පැවැත එන නිසාත් තමිල්නාඩුව ඉන්දීය දේශපාලනයේදී වැදගත් සාධකයක් නිසාත්  ඉන්දියාව මේ ප්‍රශ්නයට මැදිහත් වුනා. ඒකනේ රාජිව් ගාන්ධි අපිට පරිප්පු දැම්මේ.

දැන් මේ විරසකය තවමත් අළුයට ගිනි වගේ දෙමළ මිනිස්සුන්ගෙ සිත්තුළ කැකෑරෙනවා. විශේෂයෙන්ම චෙල්වලා පොන්නම්බලම්ලා සේරම දෙමළ ජාතිවාදය පෝෂණය කළා. තත්ත්වය මොනතරම් දුරදිග ගියාද කිවුවොත් ප්‍රභාකරන් කෙනෙක් බිහිවෙලා උතුරේ දමිළ තරුණ පරම්පරාවට සයනයිඩ් කරලයි තුවක්කුවයි අතට දුන්නා.

ඉන්දියාව මේකට මැදිහත් වෙලා ඉන්දු ලංකා ගිවිසුම ගෙනාවා. 13 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් බලය බෙදීමේ යෝජනවා ඉදිරිපත් කළා. දැන් ඒවා තවමත් ව්‍යවස්ථාව ඇතුලේ තියෙනවා. ජේ. ආර්. ගේ පටන් අද වෙනකල් කවුරුවත් 13 ඇදලා ගත්තේ නැහැ. දැන් ඔන්න රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා 13 එලියට ගන්න හදනවා. ඒකට පරල වෙච්චි මහා සංඝ රත්නය වීදි බැස්සා. උද්ඝෝෂණය කළා.  දැන් ඉතින් 13  ක්‍රියාත්මක කරන්න දෙන්නේ නැහැ. මහා සංඝරත්නය ප්‍රමුඛ දේශප්‍රේමී බලවේග ෆෝම් එකේ ඉන්නේ.

 



රට බෙදන්න නොදී දිවි හිමියෙන් සටන් කරන බවට දේශප්‍රේමීන් ප්‍රතිඥා දෙනවා. 13 ගෙනාවොත් ලේ වැගිරීම් සිදු කරන බව ඔවුන් කියනවා. අපේ රට කවදාවත් ඉදිරියට යන්නේ නැත්තේ මේ ජාතිවාදී බලවේග විරෝධතා නිසා.

මහා සංඝරත්නය වියරුවෙන් වීදි බැස්සම  දෙමළ ජනතාව හිතන්නේ තමන්ව කවදාවත් සිංහලයා බලයට හවුල් කරගන්නේ නැහැ කියලා .එතකොට මොකද වෙන්නෙ. මේ ජාතින් අතර විරසකය තවත් පුළුල් වෙන එක විතරයි.

 

අපි සැබෑම බෞද්ධයෝ නම් අනිකා කෙරෙහි දයාව දක්වන්නට ඕන. එහෙම නැතුව බුදුහාමුදුරුවො  දේශනා කරලා තියෙනවා. මිනිසුන් අතර සහජීවනය ගැන. අපි සිංහල බෞද්ධයන් හටියටයි සාමය, සංහිදියාව සහජීවනය ඔය මොන වචන ගත්තත් ඒ හැම වචනකම සාරය බෞද්ධ දර්ශනය තුළ තියෙනවා. කරුණාව මෛත්‍රිය ආදරය දයාව ආදී සියළුම  බෞද්ධ හැඟීම් එක්කයි අපි සහෝදර ජාතීන් දිහා බලන්නට ඕන. ඒ නිසා 13 දිහා යකෙක් දිහා බලනවා වගේ බැලීම නිසා මේ රට මේ ආගාධයෙන් ගොඩඑන්න කවදාවත්ම බැහැ.

 

මහත්මා ගාන්ධි ගේ වැකියකින් මේ සාරය අවසන් කරන්නම්.


සකල මනුෂ්‍යත්වයට නොබිඳුනු නොබෙදුනු බෙදිය නොහැකි එකම පවුලකි. අප නියෝජනය කරන මේ සෑම කෙනෙක්ම අනෙක් සියල්ලන්ගේම වැරදි වෙනුවෙන් වගකිව යුතුවේ .

ආත්මයේ නපුරුකමෙන් මට ද ගැලවිය නොහැකිය.



mahima sujeewa gamage(මහිම සුජීව ගමගේ)
නිදහස් මාධ්‍යවේදී

mahimasgamage@gmail.com


JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...