එරාවුර් පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන මාස 13 ක් සිරගත කොට සිටි කේ.සෝබනන්, වයි.යෝගේෂවරන්, වී.විවේක් සහ කේ.ජෙගනාදන් යන තරුණයන් සිව්දෙනා නීතිපති උපදෙස් මත රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප මත නිදහස් කර ඇත්තේ එරාවුර් වැඩ බලන මහේස්ත්‍රාත්වරිය වන කරුපයියා ජීවරාණි විසිනි.
දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානයේ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ සේයාරුවක් ඔවුන්ගේ `ෆේස් බුක්`පිටුවල හුවමාරු කර ගැනීම හේතුවෙන් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ චෝදනා කරමින් මොවුන් සිව් දෙනා පොලිසිය මගින් 2020 නොවැම්බර් 26 සහ 27 දින වල අත්අඩංගුවට ගෙන තිබේ.
ලංකා රජය මගින් තහනම් කරනු ලැබූ සංවිධානයක නායකයකුගේ ජායාරූප පළ කිරීම හා එකිනෙකා අතර හුවමාරු කිරීම ලෙස පොලිසිය ඉදිරිපත් කළ චෝදනාවලට එරෙහිව තරුණයන් සිව් දෙනා වෙනුවෙන් පෙනී සිටී නීතිඥ ටී.ජෙයසිංහම් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමක් ඊයේ [02 ] සලකා බැලු මහේස්ත්‍රාත්වරිය ඇප නියම කළාය.
චෙන්කලඩි, එරාවුර්, චිත්තාන්ඩි සහ අයියන්කේනි ප්‍රදේශයන් හි ගම්වැසියන් වන මොවුන් සිව් දෙනාට සෑම මසකම පළමු ඉරිදා එරාවුර් පොලිසියේ පෙනී සිටින ලෙස ද අධිකරණය නියෝග කොට තිබේ.
මේ අතර ත්‍රස්ත පනත යටතේ අත්අඩංගුවට ගෙන කොළඹ මැගසින් බන්ධනාගාරයේ රඳවා ගෙන සිටී සැකකරුවන් 9 දෙනකු රුපියල් ලක්ෂ 50 ක ශරීර ඇප මත නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ [02] නියෝග කර තිබේ.
ප්‍රභාකරන්ගේ පොටෝ තියාගත් පිරිසක් ඇතුළු 13ක් නිදහස්
T
The Leader Desk
February 3, 2022 • 3:24 PM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- එරාවුර් පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන මාස 13 ක් සිරගත කොට සිටි කේ.සෝබනන්, වයි.යෝගේෂවරන්, වී.විවේක් සහ කේ.ජෙගනාදන් යන තරුණයන් සිව්දෙනා නීතිපති උපදෙස් මත රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප මත නිදහස් කර ඇත්තේ එරාවුර් වැඩ බලන මහේස්ත්‍රාත්වරිය වන කරුපයියා ජීවරාණි විසිනි.
- දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානයේ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ සේයාරුවක් ඔවුන්ගේ `ෆේස් බුක්`පිටුවල හුවමාරු කර ගැනීම හේතුවෙන් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ චෝදනා කරමින් මොවුන් සිව් දෙනා පොලිසිය මගින් 2020 නොවැම්බර් 26 සහ 27 දින වල අත්අඩංගුවට ගෙන තිබේ.
- ලංකා රජය මගින් තහනම් කරනු ලැබූ සංවිධානයක නායකයකුගේ ජායාරූප පළ කිරීම හා එකිනෙකා අතර හුවමාරු කිරීම ලෙස පොලිසිය ඉදිරිපත් කළ චෝදනාවලට එරෙහිව තරුණයන් සිව් දෙනා වෙනුවෙන් පෙනී සිටී නීතිඥ ටී.ජෙයසිංහම් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමක් ඊයේ [02 ] සලකා බැලු මහේස්ත්‍රාත්වරිය ඇප නියම කළාය.
- චෙන්කලඩි, එරාවුර්, චිත්තාන්ඩි සහ අයියන්කේනි ප්‍රදේශයන් හි ගම්වැසියන් වන මොවුන් සිව් දෙනාට සෑම මසකම පළමු ඉරිදා එරාවුර් පොලිසියේ පෙනී සිටින ලෙස ද අධිකරණය නියෝග කොට තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...



