The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

දරුවන් වෙනුවෙන් සැතපුම් 135ක් දිව ගොස් ඩොලර් කෝටියක් රැස් කළ බීබීසී නිවේදිකාව | Saroj Pathirana

T

The Leader Desk

November 16, 2025 • 5:20 AM

දරුවන් වෙනුවෙන් සැතපුම් 135ක් දිව ගොස් ඩොලර් කෝටියක් රැස් කළ බීබීසී නිවේදිකාව | Saroj Pathirana

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඇය සේවය කරන්නේ BBC2 ගුවන් විදුලි නාලිකාවේ.
  • මේ දිනවල බ්‍රිතාන්‍යයේ තිබෙන කුණාටු සහිත, ශීත දේශගුණික තත්වයත් නොතකා පසුගිය සඳුදා සිට සිකුරාදා දක්වා ඇය උතුරු එංගලන්තයේ සැතපුම් 135ක දුරක් නොනවත්වා (රාත්‍රියට විවේකයක් ගෙන) දිව ගියා.
  • සමහර විට ඇගේ ඉලක්කය වුණේ බ්‍රිතාන්‍ය පවුම් ලක්ෂ කිහිපයක් රැස් කිරීම වෙන්න ඇති.
  • ස්කොට්ලන්ත දේශසීමාවේ වනාන්තරබද නගරයක සිට උතුරු යෝක්ෂයර් පළාතේ පඩ්සි (Pudsy) නගරය දක්වා ඇය දිව ගිය දින පහ මුලුල්ලේ ඇගේ ගමනේ හැම මොහොතක්ම BBC2 ගුවන් විදුලිය සජීවීව වාර්තා කළා.
අකුරු ප්‍රමාණය (Font Size):


ඇය සේවය කරන්නේ BBC2 ගුවන් විදුලි නාලිකාවේ.

මේ දිනවල බ්‍රිතාන්‍යයේ තිබෙන කුණාටු සහිත, ශීත දේශගුණික තත්වයත් නොතකා පසුගිය සඳුදා සිට සිකුරාදා දක්වා ඇය උතුරු එංගලන්තයේ සැතපුම් 135ක දුරක් නොනවත්වා (රාත්‍රියට විවේකයක් ගෙන) දිව ගියා.

ඇගේ අරමුණ වුණේ ලොව පුරා දරුවන් ගේ සුබ සාධනය වෙනුවෙන් වාර්ෂිකව අරමුදල් රැස් කරන Children in Need බීබීසී අරමුදල සඳහා ආධාර රැස් කිරීම. සමහර විට ඇගේ ඉලක්කය වුණේ බ්‍රිතාන්‍ය පවුම් ලක්ෂ කිහිපයක් රැස් කිරීම වෙන්න ඇති. ඒත් මට මතක හැටියට දෙවැනි දිනය වන විට ඇයගේ උත්සහයට පවුම් මිලියනයක් රැස් වී තිබීම සේරා කොක්ස් ට පවා අදහාගත නොහැකි වුණා.

 

sara cox2

ස්කොට්ලන්ත දේශසීමාවේ වනාන්තරබද නගරයක සිට උතුරු යෝක්ෂයර් පළාතේ පඩ්සි (Pudsy) නගරය දක්වා ඇය දිව ගිය දින පහ මුලුල්ලේ ඇගේ ගමනේ හැම මොහොතක්ම BBC2 ගුවන් විදුලිය සජීවීව වාර්තා කළා. බාල, මහලු, තරුණ සිය ගණන් ජනතාව සේරා ගමින් ගමට දිව යන අයුරු බැලීමට මග දෙපස රැස්ව සිටියා.

ඇයගේ ව්‍යායාමය කෙතරම් සාර්ථක වූයේ ද කිවහොත් ඔටුන්න හිමි විලියම් කුමරු පවා ඇය දිව යන අතර ඇයට සුබ පතමින් වීඩියෝවක් නිකුත් කළා.

අවසානයේ දින පහ අවසන් වනවිට ඇය පවුම් ලක්ෂ 95ක් රැස් කොට තිබුණා!

ඒ අරමුදලට තවමත් මුදල් එකතුවෙමින් තිබෙනවා.




දක්ෂිණාංශික තර්ජන හමුවේ බීබීසී සැබෑ ශක්තිය ප්‍රදර්ශනය කළ අවස්ථාවක්

එක පැත්තකින් ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ නායකත්වයෙන් බ්‍රිතාන්‍යය තුළත්, ඇමෙරිකාවේත් බීබීසී ආයතනයට එරෙහිව දරුණු දක්ෂිණාංශික කුමන්ත්‍රණයක් දියත්වෙමින් තියෙනව. ඔවුන්ට අවශ්‍ය වෙලා තියෙන්නෙ බීබීසී යෙ ස්වාධීන, මහජන සේවා මාධ්‍යකරණය විනාශ කිරීම. සමහර බ්‍රිතාන්‍ය වැසියනුත් මේ බීබීසී විරෝධයට එකතුවෙලා ඉන්නව.

ඒත් අනිත් පැත්තෙන් සේරා කොක්ස් දරුවන් වෙනුවෙන් දවස් පහකින් පවුම් කෝටියක් රැස් කළේ සම්පූර්ණයෙන් ම බීබීසී ය නිසා. ඒක බ්‍රිතාන්‍යය තුළ BBC ආයතනයේ සැබෑ ශක්තිය ප්‍රදර්ශනය කරපු අවස්ථාවක්.
 
 
සේරා දුවනව බලන්න පාරට ආපු පාසල් දරුවො Children in Need තේමා ගීතය ගයමින් ඇයට චියර් කරනව මම අහගෙන හිටිය. දුවන අතරෙ වරින්වර BBC2 නාලිකාව එක්ක කතා බහට එකතුවුණ සේරා මිලියන ගණන් එකතුවෙනකොට සතුටින් හඩා වැටෙනව මම අහගෙන හිටිය.
බ්‍රිතාන්‍යයෙ ගොඩක් මිනිස්සු අනෙකාගෙ වේදනාවෙදි ගොඩක් කම්පා වෙනව. ඒ මිනිස්සු සේරා ගෙ උත්සහයට මේ තරම් දායක වුණේ ඒ නිසා.

සුනාමිය වෙලාවෙ බ්‍රිතාන්‍යයෙ, ඇමෙරිකාවෙ, ජර්මනියෙ මිනිස්සු රුපියල් කෝටි ගණන් ලංකාවට එවුවෙ ඔවුන්ගෙ ඒ සානුකම්පිත ආකල්පය නිසා.

ශ්‍රී ලංකාවේ සූර්ය ගම්මාන වෙනුවෙනුත් බ්‍රිතාන්‍යයෙන් ඩොලර් 13,000ක්
 

මේ අතරෙ Solar Village SDG සමාගමේ අපිත් පසුගිය සතියක ඔක්ස්ෆර්ඩ් නගරයෙ පැය කිහිපයක පා ගමනක් සංවිධානය කළේ ලංකාවෙ සූර්ය ගම්මාන ව්‍යාපෘතියට ආධාර රැස් කරන්න.

සමාගමේ සභාපති, පුනර්ජනනීය බලශක්තිය ගැන ලෝක පූජිත expert කෙනෙක් වන මහාචාර්ය IM ධර්මදාස. සංක්‍රමණික කටයුතු ගැන නීතිවේදියක් වන නිල්මිණි රෝලන්ස් ප්‍රධාන විධායක නිළධාරිනිය. අධ්‍යක්ෂවරයෙක් විදියට සමාගමට සම්බන්ධ වෙන්න කියල ඔවුන් කරපු ආරාධනය ඇත්තටම මට ලොකු ගෞරවයක්.
ඉතින් සේරා කොක්ස් තරම් අරමුදල් රැස් කරන්න අපිට බැරි වුණත්, පා ගමනෙන් පවුම් 10,000ක් (ඩොලර් 13,000) රැස් කරන්න අපිට පුලුවන් වුණා. බ්‍රිතාන්‍ය වාසීනුත්, ලොව පුරා ඉන්න ශ්‍රී ලාංකිකයිනුත් ඒකට දායක වෙලා තිබුණ. ඒ මුදලෙන් සූර්ය ගම්මාන කිහිපයක් හදන්න පුලුවන්. ඒ සද් කාර්යයට දායක වුණ ඔබ හැමට ස්තුතියි.
මේ මාසෙ අවසන් වෙනතුරු තවමත් ඒ අරමුදලට දායක වෙන්න ඔබටත් පුලුවන්. ලින්කුව පහළ.

Your generous donations are greatly appreciated 

saroj pathirana(සටහන | සරෝජ් පතිරණ)
බීබීසී හිටපු ජ්‍යෙෂ්ඨ සම්පාදක

sarojpathi@gmail.com

(Saroj Pathirana ෆේස්බුක් පිටුවෙන්...)
2025 නොවැම්බර් 15

සබැඳි ලිපියක් :

ලංකාවට නොමිලේ සූර්ය ගම්මාන ගේන බ්‍රිතාන්‍ය සමාගම වසරක් සපුරයි - මේ ඉරිදා ඔක්ස්ෆර්ඩ් නුවර විශේෂ පා ගමනක්

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...