The Leader News
BREAKING
රෝහලගතව සිටි සුරේෂ් සලේ යළි CID යට රැගෙන යයි●දිල්ලියේ දැඩි නොසන්සුන්තාවක්: රාහුල් ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරු අත්අඩංගුවට●ලසන්ත - මහින්ද ගැටුමේ නොඇසූ පැත්ත එළියට !●හෝමූස් අර්බුදය සහ නාවික බලයේ අලුත් සෙල්ලම | මිලින්ද මොරගොඩ●වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●
Top Ad
විශේෂාංග

බ්‍රිතාන්‍ය සිරකරුවන් 15,000කට WiFi එක්ක ලැප්ටොප් දුන් ලාංකිකයා (වීඩියෝ )

T

The Leader Desk

March 1, 2024 • 12:03 PM

බ්‍රිතාන්‍ය සිරකරුවන් 15,000කට WiFi එක්ක ලැප්ටොප් දුන් ලාංකිකයා (වීඩියෝ )

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • බ්‍රිතාන්‍යයේ බන්ධනාගාරවල ඉන්න රැඳවියන් 95,000කට අධික පිරිස අතරින් 15,000 කට පමණ WiFi පහසුකම සමග ලැප්ටොප් ලබාගන්න වරම් ලැබිලා. සිරකරු පුනරුත්ථාපන වැඩසටහනක නව අදියරක් විදියට මේ වැඩසටහනේ තාක්ෂණික මෙහෙයුමට නායකත්වය දෙන්නේ ශ්‍රී ලාංකිකයෙක්. ඔහු නවා රාමනන් (Nava Ramanan).
  • අධිකරණ අමාත්‍යාංශයේ පරිපාලන නිලධාරීන් 230ක් ඇතුළු 400කට ආසන්න පිරිසක් ඔහු යටතේ සේවය කරනවා.
  • පාලකයින්ගේ නම් ආර්ථිකය සුරක්ෂිත වෙලා ඇති, ඒත් රුසියාවේ හරි යුක්රේනයේ හරි යුද්ධෙට ගිහින් හරි මැරුණත් කමක් නෑ අඩුම ගානේ දරුවන්ටවත් වන්දියක්වත් ලැබේවි නේද කියල කියන කී දෙනෙක් ඉන්නවද?
අකුරු ප්‍රමාණය (Font Size):

 

බ්‍රිතාන්‍යයේ බන්ධනාගාරවල ඉන්න රැඳවියන් 95,000කට අධික පිරිස අතරින් 15,000 කට පමණ WiFi පහසුකම සමග ලැප්ටොප් ලබාගන්න වරම් ලැබිලා. 

සිරකරු පුනරුත්ථාපන වැඩසටහනක නව අදියරක් විදියට මේ වැඩසටහනේ තාක්ෂණික මෙහෙයුමට නායකත්වය දෙන්නේ ශ්‍රී ලාංකිකයෙක්. 

ඔහු නවා රාමනන් (Nava Ramanan). බ්‍රිතාන්‍ය අධිකරණ අමාත්‍යාංශයේ, ඩිජිටල් යටිතල පහසුකම් සහ සයිබර් ආරක්ෂාව පිළිබඳ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා. අධිකරණ අමාත්‍යාංශයේ පරිපාලන නිලධාරීන් 230ක් ඇතුළු 400කට ආසන්න පිරිසක් ඔහු යටතේ සේවය කරනවා. ඒ අතරේ ශ්‍රී ලාංකිකයින් පිරිසකුත් ඉන්න බවත් නවා මා එක්ක කීව. 

සිරකරුවන්ට වයිෆයි තාක්ෂණය එක්ක ලැප්ටොප් දීමේ ප්‍රතිඵලයක් විදියට සිරකරුවන් පිරිසක් දැන් පශ්චාත් උපාධි සහ ආචාර්ය උපාධි සඳහා අධ්‍යයන කටයුතු කරමින් ඉන්න බවත් ඔහු පවසනවා. 

 

Nava 1200x628 1 
බ්‍රිතාන්‍ය සිවිල් සේවයේ ඉහළ තනතුරක් හොබවන අතරම නවා රාමනන් බ්‍රිතාන්‍ය හමුදාවේත් කපිතාන්වරයෙක්. 

යාපනයේ උපත ලබා, කොළඹදී උසස් අධ්‍යාපනය හැදෑරූ නවා ළමා කාලයේ සිටම පරිගණක තාක්ෂණයට දැඩි උනන්දුවක් දැක්වුවා. 

ඒ උනන්දුව කෙතරම් ද යත් වයස අවුරුදු 17 දී ඔහු තමන්ගේම පරිගණක සමාගමක් නිර්මාණය කරනවා. 

ඒ කාලේ Web Hosting වලට දැවැන්ත මුදලක් වියදම් කරන්න වීම ගැන අවධානය පළ කළ ඔහු තරගකාරී මුදලකට එම සේවය සැපයීමට ඉදිරිපත් වීමත් එක්ක ලංකාවේ ප්‍රධාන පෙළේ 2000 කට වැඩි ප්‍රමාණයක් එදා සිය සේවය ලබාගත් බව නවා රාමනන් මා එක්ක කීව. 

ඒ විදියට තමයි ඔහුට පුද්ගලික අංශයේ රැකියාවක් ලබාගෙන බ්‍රිතාන්‍යයට පිවිසෙන්න අවස්ථාව ලැබිල තියෙන්නේ.  

ආර්ථිකය ගොඩ දැම්ම කියල ලංකාවේ පාලකයින් කොයි තරම් සුරංගනා කතා කීවත්, කොයි මොහොතේ මේ රටින් පැන ගන්නද කියල කොයිතරම් නම් පිරිසක් උත්සහ දරමින් ඉන්නවද? පාලකයින්ගේ නම් ආර්ථිකය සුරක්ෂිත වෙලා ඇති, ඒත් රුසියාවේ හරි යුක්රේනයේ හරි යුද්ධෙට ගිහින් හරි මැරුණත් කමක් නෑ අඩුම ගානේ දරුවන්ටවත් වන්දියක්වත් ලැබේවි නේද කියල කියන කී දෙනෙක් ඉන්නවද?

මම නවා ගෙන් ඒ ගැනත් ඇහුව. එහෙම රටින් පිටවෙන්න උත්සහ කරන අයට ඔහු විශේෂ උපදෙසකුත් දෙනවා. 

 

Nava blog image e1559299576178
ඒ වගේම නවා රාමනන් තවත් විශේෂ කරුණක් පෙන්නල දුන්න. ඒ කියන්නේ බ්‍රිතාන්‍ය සිවිල් (පරිපාලන) සේවයට හෝ හමුදාවට බැඳෙන්න බ්‍රිතාන්‍ය පුරවැසිභාවය තිබීම අත්‍යවශ්‍ය නැහැ කියල. 

ඕනෑම පොදු රාජ්‍ය මණ්ඩලීය රටක පුරවැසියෙකුට ඒ රැකියාවලට අයදුම් කරන්න පුළුවන්. නමුත් අයදුම් කරන අවස්ථාව වෙනකොට ඒ පුද්ගලයාට බ්‍රිතාන්‍යයේ රැකියාවක් කිරීම සඳහා අනිවාර්යයෙන්ම නීත්‍යානුකූල අවසරයක් (වීසා බලපත්‍රයක්) තියෙන්න ඕනේ. 

 

 

-ඇමතිකමක් කරන්න උපාධියක් ඕනෙද? - (සරෝජ් පතිරණ)සරෝජ් පතිරණ 
(Sandeshaya by Saroj)


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...