The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

සාරාවියෝ (15) : ක්‍රියාවෙන් දේශපාලනය කරන්න නම් කාන්තාවන් සිටිය යුතුයි

T

The Leader Desk

February 6, 2023 • 10:05 AM

සාරාවියෝ (15) : ක්‍රියාවෙන් දේශපාලනය කරන්න නම් කාන්තාවන් සිටිය යුතුයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සම්පූර්ණ නම - කළණි දර්ශිකා අලගියවන්න අධ්‍යාපන සුදුසුකම්- අ.පො.ස ( උ/පෙළ) - කලා විෂය ධාරාව වෘත්තීය - ගෘහණියක් දේශපාලන පවුල් පසුබිම- දේශපාලන පසුබිමක් නැත.
  • ඔබ විශ්වාස කරනවද මේ තියෙන දේශපාලන සංස්කෘතිය ඇතුළෙ කාන්තාවට දේශපාලනය කරන්න ඉඩක් තියෙනව කියල?
  • මේ විදිහට නම් කාන්තාවෝ කොච්චර කෑගැහුවත්, අපි 80% ගත්තත් ඵලක් වෙලා නෑ තව වෙනකන්.
  • නායකත්ව ගති ලක්ෂණ කියල අපි දන්න ඉතිහාසය ඇතුලෙ පිරිමින්ට හදපු පිරිමි පෞරුෂයක් කියල කිව්වොත් ඔබේ අදහස මොකක් ද ඒ ගැන?
අකුරු ප්‍රමාණය (Font Size):

 

kalyaniසම්පූර්ණ නම - කළණි දර්ශිකා අලගියවන්න

අධ්‍යාපන සුදුසුකම්- අ.පො.ස (උ/පෙළ) - කලා විෂය ධාරාව

වෘත්තීය - ගෘහණියක්

දේශපාලන පවුල් පසුබිම- දේශපාලන පසුබිමක් නැත.  

නියෝජනය කරන කොට්ඨාශය - ගම්පහ දිස්ත්‍රික්කයේ, අත්තනගල්ල දඩගමුව ප්‍රාදේශීය සභා මන්ත්‍රීනී, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ

 

ඔබ දේශපාලනයට එන්න තීරණය කළේ ඇයි?

මගේ එවැනි අදහසක් තිබුනෙ නැහැ. මහත්තයාට රාජ්‍ය සේවයේ නිසා මැතිවරණවලට සහභාගී වෙන්න නොහැකි වූ නිසා ඒ වෙනුවෙන් මට ඉදිරිපත් වෙන්න වුණේ.

 

ඔබ විශ්වාස කරනවද මේ තියෙන දේශපාලන සංස්කෘතිය ඇතුළෙ කාන්තාවට දේශපාලනය කරන්න ඉඩක් තියෙනව කියල?

මේ විදිහට නම් කාන්තාවෝ කොච්චර කෑගැහුවත්, අපි 80% ගත්තත් ඵලක් වෙලා නෑ තව වෙනකන්. මේ පසුබිම තුළ කාන්තාවට ඉඩක් නෑ.

 

දේශපාලනයේදී වැඩියෙන්ම ඔබට විරුද්ධ වුණේ කව් ද?

එහෙම කවුරුත් විරුද්ධ වුණේ නෑ. විරුද්ධවාදියො මුණගැහිල නැහැ.

 

ඔබ විශ්වාස කරනව ද කාන්තාව දේශපාලනයේ නියැලිය යුතුයි කියලා?

 

අනිවාර්යයෙන් ම. බොහෝ විට පිරිමියෙකුගෙන් කාන්තාවට ඉටු වෙන්න ඕන අවශ්‍යතා ඉටුවන්නේ වචනයෙන් පමණයි. ක්‍රියාවෙන් එය බොහෝ විට සිද්ධ වෙන්නෙ අඩුවෙන්. ක්‍රියාවෙන් දේශපාලනය සිදු කරන්නට නම් කාන්තාවන් සිටිය යුතුයි. කාන්තාවන්ගේ දුක දන්නේ, ඔවුන්ගේ හැඟීම් දන්නෙ කාන්තාවන්. පිරිමි දේශපාලනයට ආවට ඒක ප්‍රායෝගික වෙන්නෙ නෑ.

 

ඔබේ දේශපාලන ගමනට රාජ්‍ය හෝ රාජ්‍ය නොවන මට්ටමින් යම් දැනුවත්භාවයක් ලබාදිලා තියෙනව ද?

ප්‍රාදේශීය සභා මට්ටමෙන් සහ රාජ්‍ය නොවන ආයතනවලින් පුහුණු වැඩසටහන් ලබා දුන්නා. නවක දේශපාලන කාන්තාවරියන් විදිහට සමාජයේ තීරණ ගැනීම පිළිබඳව, පනත් පිළිබඳව තීරණ ගන්නේ කොහොමද කියලා ඒ සම්බන්ධ හැමදේටම කතා කරන්න පවා ආත්ම ශක්තියක් ලබා දීලා තියෙනවා. තව තව එවැනි වැඩසටහන් කිරීම තුළින් අළුත් දේවල් නිරන්තරයෙන් ඉගෙනගන්න ලැබෙනවා. අපි අදට වඩා හෙට වෙනදේ ඉගෙන ගන්න ඔින.

 

නායකත්ව ගති ලක්ෂණ කියල අපි දන්න ඉතිහාසය ඇතුලෙ පිරිමින්ට හදපු පිරිමි පෞරුෂයක් කියල කිව්වොත් ඔබේ අදහස මොකක් ද ඒ ගැන?

නායකත්ව ගති ලක්ෂණ කාන්තාවන්ට තියෙනවා. ඒක පිරිමි පෞරුෂයක් කියලා කියන්න බෑ. අතීතෙ ඉඳන් බැලුවොත් දේශපාලනය සිදු කරනු ලැබූ ලංකාවේ කාන්තාවන් මෙන්ම, ලෝකයේ අනිත් රටවල කාන්තාවන් තුළ ද ඔවුන්ට ආවේණික වූ කාන්තා ගති ලක්ෂණ තියෙනවා. සිරිමා බණ්ඩාරනායක වගේ කාන්තාවන් හොඳ පෞරුෂයක් තිබුනු අය.

 

ගැහැණිය තවදුරටත් දේශපාලනය ඉගෙන ගත යුතුයි කියල ඔබ හිතනව ද?

 

100% ක්ම. අපි පවුලේ ඉඳන්ම, සමාජ, පරිසරය, සමාජයේ ජීවත්වන ආකාරය දේශපාලනය මේ හැම එකටම බද්ධ වෙලා තියෙන්නේ. එතකොට මේ පිළිබඳව අපිට දැනුමක් අවශ්‍ය වෙනවා. මේවා ගැන කාන්තාවන්ට දැනුවත්භාවයක් තිබිය යුතුයි. මේක කාන්තාවට නෙවෙයි සියළු දෙනාටම අවශ්‍යයි. දේශපාලනයෙන් තොරව ජීවිතයක් නැත. කෑම බීම ටිකේදි, විදුලි බිල, වතුර බිල, පෙට්රල් මිල මේ හැමදේකම දේශපාලනය තියෙනවා. ඒ නිසා දේශපාලනය පිළිබඳව කාන්තාව අනිවාර්යයෙන් ඉගෙනගත යුතුය.

 

ඔබ දේශපාලනයට සම්බන්ධ වීම ගැන ඔබ සතුටු වෙනවා ද? විශේෂයෙන්ම ඔබ ගෘහණියක් නිසා ඒ ගැන ඔබේ අදහස මොකක් ද?

නැහැ කියන්නත් බෑ. ඔව් කියන්නත් බෑ. ඇත්තටම එක අතකින් සතුටු වෙනවා. මොකද මම බලන්නේ මගේ ගෙදර තියෙන පීඩනය තමයි පිට කෙනෙක්ගෙන් දකින්නේ. සමාජයට බහිනකොට අපි අපි ගැන හිතලා තමයි ඒ අය ගැනත් තීරණ ගන්නේ. ඒ කියන්නේ අපි ප්‍රාදේශීය සභාවකදී සමහර අවස්ථාවන් තියෙනවා තීන්දු තීරණ ගන්න. එක්කො අනවසර වෙළඳාමක් ගැන. එහෙම නැත්තම් මොකක් හරි මහජන පැමිණිල්ලක් ගැන අපි එතන ඉඳගෙන බලන්නේ නීතිමය රාමුවටත් අමතරව අපිට මේ පීඩනය ආවා නම්, අපිට මෙතන වෙළෙඳාම් කරන්න සිද්ධ වුණේ ඇයි කියන තැන ඉඳලා තමයි අපි එතන තීන්දු තීරණ ගන්නේ. ඒ නිසා එක අතකින් ගැහැණියක් විදිහට ගෘහණියක් විදිහට දේශපාලනය කරන එක ගැන සතුටුයි. එක අතකින් අසතුටු වෙනවා.

 

අසතුටු වෙන්න හේතු මොනවා ද?

දැන් යන දේශපාලනය දිහා බලපුවම හිතේ කලකිරීමක් තියෙනවා. රටට මොකද වෙන්නෙ කියලා. මෙහෙම ගිහින් අපේ ළමයින්ට මොකද වෙන්නෙ කියලා හිතට දුකක් තියෙනවා. සමාජයට ගියත් අපෙන් මිනිස්සු අහනවා "දැන් ඔබ තුමියගේ දුව මේ දක්වා ඉගෙනගෙන තියෙනවා. ඔබතුමියගේ දුවට ගන්න ඊළඟ පියවර මොකක් ද , විදෙස් රටකට යවනව ද" කියලා අහනවා. ඉතින් එහෙම අහපුවම මමත් අවංකවම, අම්මෙක් විදිහට, කාන්තාවක් විදිහට අවංක පිළිතුරක් දෙන්න ඕන. මමත් තීරණයක් ගන්න දෙසැරයක් හිතෙන තරමට මමත් අපහසුතාවයට පත්වෙලා තියෙනවා.

 

ඔබට සහායෝගය දීපු අය ගැන සඳහන් කරන්න අවශ්‍ය ද?

පොදුජන පෙරමුණේ නිර්මාතෘවරයා පටන්, මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ පටන් අපිට මේ දක්වා ආපු පිළිවෙළක් තියෙනවා. අපිට දේශපාලනයට එන්න ඉඩ සලස්සපු එකට පො.ජ. පෙරමුණේ මන්ත්‍රීවරුන්ට ස්තූතිවන්ත වෙනවා. පුහුණු වැඩසටහන්වලට යන්නත් ඔවුන් සහය වුණා. මම නම් දකින්නේ අනිත් සභාවල සමහර වෙලාවල්වල සභාවේ නැගිටලා කතා කරන්න දෙන්නෑ. තමන්ගේ ඉල්ලීම් හා අවශ්‍යතා ඉටු කරන්න දෙන්නෙ නෑ. නමුත් ඇත්තෙන්ම කියනවා නම්, අපේ සභාපතිතුමා මං හිතන්නෙ තාත්තෙක්, සහෝදරයෙක්. ඒ වගේම හරිම හොඳ අවංක ගතිගුණ තියෙනවා. වැදගත් මහත්මා ගති තියෙන හොඳ සභාපතිතුමෙක්. එතුමා අපිට 200%ක සහයෝගයක් දෙනවා. මාව පුහුණුවට යවනකොට පවා මාව දිරිමත් කරා.

 

Mawbima 

සැබැඳි ලිපි
 
 
 
 
 
 
 
 
 

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...