The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

දලයි ලාමා හිමියන්ගේ ලංකාගමනය වැළැක්වීමට චීනයෙන් දහං ගැටයක් !

T

The Leader Desk

January 10, 2023 • 5:25 PM

දලයි ලාමා හිමියන්ගේ ලංකාගමනය වැළැක්වීමට චීනයෙන් දහං ගැටයක් !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සහ ආගමික නායකයා වන, නොබෙල් සාම ත්‍යාගලාභී ශුද්ධෝත්තම දලයි ලාමා හිමියන් ඉන්දීය රජයේ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ගේ ආරාධනයෙන් වසර කිහිපයක සිටම, වසරක් අවසානයේ බුද්ධගයාවට වැඩම කරන අතර 2022 වසරේදී ද සිය වාර්ෂික සංචාරය ආරම්භ කරමින් උන්වහන්සේ බුද්ධගයාවට සම්ප්‍රාප්ත විය.
  • මෙම සංචාරයට සමගාමීව පසුගියදා, එනම් 2022 වසරේ දෙසැම්බර් 28 වනදා බුද්ධගයාවේ පැවති ජාත්‍යන්තර භික්ෂු හුවමාරු වැඩසටහනක් අතරතුරදී ශ්‍රී ලංකාවෙන් සහභාගි වූ දූත පිරිසට ටිබෙට් දේශයේ ආධ්‍යාත්මික නායක ශුද්ධෝත්තම දලයි ලාමා හිමියන් හමුවිය.
  • මෙහි ඇති හාස්‍යජනක කරුණ වනුයේ ශ්‍රී ලංකාවේ සංචාරයට ශුද්ධෝත්තම දලයි ලාමා හිමියන්ට ආරාධනා කරවනතුරුම චීන තානාපති කාර්යාල නිලධාරීන්ට මහනුවර ජනතාව වෙත මෙම භාණ්ඩ බෙදා දීම සංවිධානය කිරීමට අමතකව තිබීමයි.
  • වර්තමානය වන විට ලොව පුරා බෞද්ධ ජනතාව ඇතුළු සියලු ලෝක වාසීන්ගේ ගෞරව බහුමානයට පාත්‍ර වූ ශුද්ධෝත්තම දලයි ලාමා හිමියන් ලොව ප්‍රමුඛතම ආධ්‍යාත්මක නායකයෙක් ලෙස පැසසුම් ලබමින් සිටී.
අකුරු ප්‍රමාණය (Font Size):

සහ  ආගමික නායකයා වන, නොබෙල් සාම ත්‍යාගලාභී ශුද්ධෝත්තම දලයි ලාමා හිමියන් ඉන්දීය රජයේ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ගේ ආරාධනයෙන් වසර කිහිපයක සිටම, වසරක් අවසානයේ බුද්ධගයාවට වැඩම කරන අතර 2022 වසරේදී ද සිය වාර්ෂික සංචාරය ආරම්භ කරමින් උන්වහන්සේ බුද්ධගයාවට සම්ප්‍රාප්ත විය.

මෙම සංචාරයට සමගාමීව පසුගියදා, එනම් 2022 වසරේ දෙසැම්බර් 28 වනදා බුද්ධගයාවේ පැවති ජාත්‍යන්තර භික්ෂු හුවමාරු වැඩසටහනක් අතරතුරදී ශ්‍රී ලංකාවෙන් සහභාගි වූ දූත පිරිසට ටිබෙට් දේශයේ ආධ්‍යාත්මික නායක ශුද්ධෝත්තම දලයි ලාමා හිමියන් හමුවිය.

සියම් මහ නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහනායක අති පූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමියන්, සියම් මහ නිකායේ මල්වතු පාර්ශ්වයේ අනුනායක අති පූජ්‍ය නියන්ගොඩ විජිතසිරි අනුනාහිමියන්, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහනායක අති පූජ්‍ය මකුලෑවේ විමල මහ නාහිමියන්, ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ ශ්‍රී සම්බුද්ධ ශාසනෝදය සංඝ සභාවේ මහනායක අති පූජ්‍ය වස්කඩුවේ මහින්දවංශ නාහිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය ඇතුළු ගිහි පැවිදි විද්වතුන් පිරිසක් මෙම හමුවට එක්වූ අතර එහිදී උන්වහන්සේලා විසින් ශුද්ධෝත්තම දලයි ලාමා හිමියන්ට ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා ආරාධනා කර සිටියහ.



මෙම ආරාධනය දෙරටක් අතර ආගමික සහජීවනය පදනම් කොට සිදු කෙරුණු එකක් පමණක් වන නමුත් මෙම කරුණ සැලවීමත් සමඟ චීන රජය දෙබරයකට ගල් ගැසූ කලෙක මෙන් කලබලයට පත් විය. එහි ප්‍රතිඵලයක් ලෙස චීනයේ ශ්‍රී ලංකා තානාපති පාලිත කොහොන හදිසියේ ශ්‍රී ලංකාවට කැඳවනු ලැබූ අතර එසේ පැමිණි පසු ඔහුගේ ප්‍රථම රාජකාරිය වූයේ සියම් මහා නිකායේ මල්වතු - අස්ගිරි පාර්ශ්වයේත් අමරපුර හා රාමඤ්ඤ මහා නිකායේත් මහනායක හා අනුනායක හිමිවරුන් බැහැදැක උන් වහන්සේලා විසින් සිදුකළ මේ ආරාධනාව පිළිබඳව විමසා බැලීමයි. වෙනත් අයුරකින් කිවහොත් එහි යටි අරමුණ වූයේ චීන රජයේ නියමය පරිදි ශ්‍රී ලංකා තානාපති පාලිත කොහොන මගින් ශුද්ධෝත්තම දලයි ලාමා හිමියන්ගේ ශ්‍රී ලංකා සංචාරය අවලංගු කරවීමයි.



එහි ඊළඟ පියවර ලෙස චීන තානාපති කාර්යාලයේ නිලධාරීන් විසින් හෙට දිනයේ සියම් මහා නිකායේ මල්වතු - අස්ගිරි පාර්ශ්වයේත් අමරපුර හා රාමඤ්ඤ මහා නිකායේත් මහනායක හා අනුනායක හිමිවරුන් බැහැදැක මෙම කරුණ පිළිබඳව වැඩිදුරටත් සාකච්ඡා කර ශුද්ධෝත්තම දලයි ලාමා හිමියන්ගේ ශ්‍රී ලංකා සංචාරය නතර කරවීමට තව දුරටත් උත්සාහ දැරීමට නියමිත අතර එම අනිසි ප්‍රයත්නය සාර්ථක කරවීම සඳහා මහනුවර හා ඒ අවට ජනතාව වෙත බඩු මලු 1000කට අධික ප්‍රමාණයක් බෙදා දීමට නියමිත බව වාර්තාවේ.

මෙහි ඇති හාස්‍යජනක කරුණ වනුයේ ශ්‍රී ලංකාවේ සංචාරයට ශුද්ධෝත්තම දලයි ලාමා හිමියන්ට ආරාධනා කරවනතුරුම චීන තානාපති කාර්යාල නිලධාරීන්ට මහනුවර ජනතාව වෙත මෙම භාණ්ඩ බෙදා දීම සංවිධානය කිරීමට අමතකව තිබීමයි.


චීන රජය මෙහෙම කරන්නේ ඇයි ?

මෙවැනි “ධාර්මික අල්ලස්” ලබාදෙමින් ශුද්ධෝත්තම දලයි ලාමා හිමියන්ගේ ශ්‍රී ලංකා සංචාරය වැළැක්වීමට චීන රජය කටයුතු කරන්නේ ඇයි ? මේ පිළිබඳව විමසා බැලීම අතිශය වැදගත්ය.

වර්තමානය වන විට ලොව පුරා බෞද්ධ ජනතාව ඇතුළු සියලු ලෝක වාසීන්ගේ ගෞරව බහුමානයට පාත්‍ර වූ ශුද්ධෝත්තම දලයි ලාමා හිමියන් ලොව ප්‍රමුඛතම ආධ්‍යාත්මක නායකයෙක් ලෙස පැසසුම් ලබමින් සිටී. ලොව පුරා සිටින වත්මන් කතෝලික ජනතාවගේ ගෞරවනීය ආගමික නායකයා පාප්වහන්සේ වන්නේ යම් සේද, එලෙසම බෞද්ධ ජනතාවගේ ගෞරවනීය ආගමික නායකයා ශුද්ධෝත්තම දලයි ලාමා හිමියන්ය. එහෙත් උන්වහන්සේ මේ දක්වා පැමිණි ගමන් මග කිසිසේත්ම රෝස මල් ඇතිරූ මාවතක් නොවීය.

xzcvxcvxcv

1950 වසරේදී චීන කොමියුනිස්ට් හමුදා ටිබෙට් දේශය ආක්‍රමණය කර එහි නැගෙනහිර ප්‍රදේශය අල්ලා ගත් අතර ශුද්ධෝත්තම දලයි ලාමා හිමියන් ඇතුළු ටිබෙට් ජනතාව ඉන් මහත් අසරණභාවයට පත්විය. ඉන්පසු අනන්ත වූ ලේ වැගිරීම් හා අරගල බහුල කාලපරිච්ඡේදයක් පසුකළ ශුද්ධෝත්තම දලයි ලාමා හිමියන් ඇතුළු ටිබෙට් ජනතාව ඉන්දියාව වෙත සංක්‍රමණය වූ අතර එතැන් සිට සිය ධර්ම ප්‍රචාරක කටයුතු මෙහෙයවීය.

තථාගත බුදු පියාණන් වහන්සේගේ මහා කරුණාව පෙරදැරිව අවිහිංසාවාදී ක්‍රියා පිළිවෙතක් අනුගමනය කරන උන් වහන්සේ වරක් සිය උපන් දේශය අහිමි වීම පිළිබඳව “මට රටක් නැතිවුනා, නමුත් ලෝකයක් ලැබුණා” යනුවෙන් දැක් වූ ප්‍රතිචාරයම ශුද්ධෝත්තම දලයි ලාමා හිමියන්ගේ උත්තරීතර දැක්ම මුළු මහත් ලෝක වාසී ජනතාව විසින් පිළිගත් ආකාරය පිළිබඳව කදිම සාක්ෂියකි.



පසුගිය කාලය පුරා චීනය ශ්‍රී ලංකාවේ ආර්ථික හා දේශපාලනික කාරණා සඳහා සෘජුව හා වක්‍රව සම්බන්ධ වූ අතර එහි දිගුවක් ලෙස සාමාජීය හා ආගමික කාරණා සඳහාද සම්බන්ධ වීමේ සූදානමක් පවතින්නේද යන්න මෙම “දලයි ලාමා විරෝධය” හමුවේ අප හට පැනනගින ගැටලුවයි. 2015 වසරේදී ශුද්ධෝත්තම දලයි ලාමා හිමියන් ශ්‍රී ලංකාවේ සංචාරයකට එක්වීමට නියමිතව සිටියද එය සිදු නොවූයේ ද චීනයේ බලපෑම නිසාදැයි මේ හේතුව නිසා සාධාරණ සැකයක් උපදී.


එහෙත් වර්තමාන කාලවකවානුව තුළ ශ්‍රී ලංකාව වෙත ශුද්ධෝත්තම දලයි ලාමා හිමියන්ගේ ආගමනය සිදුවූයේ නම් ශ්‍රී ලංකාව තුළ මේ වන විට උද්ගතව ඇති ආර්ථික අර්බුදය සමනය කිරීමට එය මනා පිටුවහලක් වනු නොඅනුමානය. මන්ද, උන්වහන්සේගේ පැමිණීමත් සමඟම ලොව පුරා සිටින ලක්ෂ සංඛ්‍යාත අනුගාමිකයින් සහ බැතිමතුන් ශ්‍රී ලංකාව වෙත පැමිණීමෙන් ලංකාවේ සංචාරක කර්මාන්තයේ විශාල  ප්‍රබෝධයක් ඇති වනවාට අමතරව ශුද්ධෝත්තම දලයි ලාමා හිමියන්ගේ බැතිමතුන් වන ඇමරිකාවේ, යුරෝපයේ, ජපානයේ, සහ තායිලන්තයේ වෙසෙන මහා පරිමාණ ආයෝජකයින් මේ සමඟම ශ්‍රී ලංකාවට පැමිණීමෙන් ශ්‍රී ලංකාවේ ව්‍යාපාර ක්ෂේත්‍රයට ඔවුනගේ දායකත්වය ලබාගැනීමේ කාර්යයද නිතැතින්ම සිදුවීමය.

ඒ නිසා චීන රජයේ විරෝධය පසෙක ලා මේ පිළිබඳව නිසි අවධානය යොමු කරමින් පූර්ණ රාජ්‍ය අනුග්‍රහය හා සියම් මහා නිකායේ මල්වතු - අස්ගිරි පාර්ශ්වයේත් අමරපුර හා රාමඤ්ඤ මහා නිකායේත් මහනායක හා අනුනායක හිමිවරුන්ගේ අනුශාසනාව යටතේ ශුද්ධෝත්තම දලයි ලාමා හිමියන් ශ්‍රී ලංකාවට වැඩම කරවීමට නිසි පියවර ගත යුතුය. එය ශ්‍රී ලංකාව තුළ විශාල බෞද්ධ පුනරුදයක් ඇතිකරලීමටත් හේතු සාධක වනවා නොඅනුමානය.

(විශේෂ වාර්තාකරුවකු විසිනි)
 

 

 
 

 

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...