The Leader News
BREAKING
රෝහලගතව සිටි සුරේෂ් සලේ යළි CID යට රැගෙන යයි●දිල්ලියේ දැඩි නොසන්සුන්තාවක්: රාහුල් ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරු අත්අඩංගුවට●ලසන්ත - මහින්ද ගැටුමේ නොඇසූ පැත්ත එළියට !●හෝමූස් අර්බුදය සහ නාවික බලයේ අලුත් සෙල්ලම | මිලින්ද මොරගොඩ●වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●
Top Ad
විශේෂාංග

පොතපත මිනිසා සම්පූර්ණ කරයි - (ආචාර්ය නදී දිසානායක)

T

The Leader Desk

January 15, 2023 • 8:15 AM

පොතපත මිනිසා සම්පූර්ණ කරයි - (ආචාර්ය නදී දිසානායක)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මග දිගට අම්බලන් වල නැවතෙමින් ගිමන් හරිමින් රාත්‍රීය ගත කළ පැරැන්නෝ නොයෙකුත් රසවත් කථා හුවමාරු කරගත්තා.
  • වර්තමානයේ පාසල් සහ විවිධ ආයතන විද්‍යුත්, මුද්‍රිත මාධ්‍ය තුළින් ළමුන් තුළ පොත පත කියවීමේ ඇල්ම වැඩි කිරීමට විවිද ප්‍රයත්නයන් ගන්න බව නොරහසකි.
  • නමුත් පසුගිය කෝවිඩ් - 19 ව්‍යසනය හේතුවෙන් ඇති වූ විවිධ සමාජ වෙනස් වීම් හමුවේ ළමුන්ට පාසල් යාමට, ගුරුවරුන් සහ මිතුරන් මුණගැසීමට එසේම පොත පත සමඟ ගැවසීමට තිබුණු ඉඩකඩ සීමා විය.
  • යම්කිසි ජීවන රටාවකට හුරු වූ අප සියළුදෙනාට නොසිතූ ලෙසින් බොහෝ දෙයින් දුරස් වීමට සිදුවිය.
අකුරු ප්‍රමාණය (Font Size):

මග දිගට අම්බලන් වල නැවතෙමින් ගිමන් හරිමින් රාත්‍රීය ගත කළ පැරැන්නෝ නොයෙකුත් රසවත් කථා හුවමාරු කරගත්තා. මුද්‍රිත මාධ්‍ය දියුණුවත් සමඟ ජනයා විසින් කරන ලද මෙම කතා, පසුකාලීනව පොත්වල පිටු අතරටත්  එකතු වුණා. අද කතා පොත් කියවීම ලෝකය පුරාම ප්‍රචලිත වෙලා. සමහර කතා විවිධ භාෂාවන්ට පවා පරිවර්තනය වන තරමට ජනප්‍රිය වෙනවා. කතා පොත් සමඟ එකතුවන මිනිසුන්ගේ කියවීමේ උනන්දුවත්, රසවිඳීමේ හැකියාවත් ඉහළට නැංවෙනවා.

වර්තමානයේ පාසල් සහ විවිධ ආයතන විද්‍යුත්, මුද්‍රිත මාධ්‍ය තුළින් ළමුන් තුළ පොත පත කියවීමේ ඇල්ම වැඩි කිරීමට විවිද ප්‍රයත්නයන් ගන්න බව නොරහසකි. නමුත් පසුගිය කෝවිඩ් - 19 ව්‍යසනය හේතුවෙන් ඇති වූ විවිධ සමාජ වෙනස් වීම් හමුවේ ළමුන්ට පාසල් යාමට, ගුරුවරුන් සහ මිතුරන් මුණගැසීමට එසේම පොත පත සමඟ ගැවසීමට තිබුණු ඉඩකඩ සීමා විය. යම්කිසි ජීවන රටාවකට හුරු වූ අප සියළුදෙනාට නොසිතූ ලෙසින් බොහෝ දෙයින් දුරස් වීමට සිදුවිය. බිය, අවිනිශ්චිත බව, හුදකලාව සහ පාළුව විසින් වැඩිහිටියන් සහ ළමුන් වෙලාගන්නට විය. නැවත යහළුවන් සමඟ සෙල්ලම් කරන දවස, නෑදෑයින් සමඟ විනෝද වෙන දිනය, ගුරුවරුන් මුණගැහෙන අවස්ථාව, විභාග සමත් වී අලුත් පන්තියට යන දිනය සිතා ගන්නට නොහැකිව වික්ෂිප්ත වූ දරුවන් කාලය ගෙව්වේ ඉතා කනස්සල්ලෙනි. කිසිම බලාපොරොත්තුවක් අරමුණක් නොමැතිව සිටි දරුවා නොදැනුවත්වම තමන්ට නොගැළපෙන ක්‍රියාවන්ට යොමුවීම මේ කාලය තුළ දකින්නට ලැබුණු අවාසනාවන්ත සිද්ධියකි.

 

 117601945 gettyimages 1231532246

සමාජ මාධ්‍ය සීග්‍රයෙන් ජනප්‍රිය වුවත් ඒවායේ අන්තර්ගත බොහෝ කරුණු දරුවන්ගේ මනස පෝෂණයට වඩා දූෂණය වන ලෙසින් ඉදිරිපත් වීම තුළ ඇති වෙමින් තිබෙන අයහපත් තත්ත්වය ඉතා බරපතලය. කුඩා ළමයකු තුළ ඉහළ පරිකල්පන ශක්තියක් සහ නිර්මාණශීලි අදහස් ඉපදවීමට වුවමනා පෝෂණීය සාධක අවම වීම තුළ මංමුලාවුවන්සේ හැසිරීම ගැන ඔවුන්ට දොස් පැවරීම ද අසාධාරණය. ළමුන් තුළ ඉහළ රසවින්දනයක් සහ චින්තන ශක්තියක් ඇති කිරීමට වුවමනා බව තේරුම් ගත් මම ND Production YouTube චැනලය තුළින් ඒ සඳහා කළ හැකි දේ ගැන සිතුවෙමි. එසේ ගත් උත්සාහයේ ප්‍රතිඵලයකි Animated Audiobooks. වෙනත් රටවල ඉතා ජනප්‍රිය Animated Audiobooks තවමත් අපේ දෙමාපියන්ටත් දූදරුවන්ටත් ආධුනික දෙයක්.

 

Animated Audiobooks තුළින් මා බලාපොරොත්තු වන විශේෂ කරුණු කිහිපයකි. දරුවන්ගේ මනසට අවශ්‍ය පෝෂණය ලබාදෙන අතරේ දැනුම, විනෝදය, කියවීමේ රුචිය ලබාදීම ඉන් එක කරුණකි. ඉලෙක්ට්‍රොනික උපකරණයක් භාවිතයෙන් Animated Audiobooks තමා ළඟ රඳවා ගැනීමට හැකි නිසා මුද්‍රිත පොතකට වඩා පහසුවෙන් එහා මෙහා  ගෙනයාමට හැකියාවක් ඇත. වර්තමානයේ මුද්‍රිත තීන්ත සහ කොළවල හිඟයක් පවතින නිසාත් පොත් වල අධික මිළ ඉහළ යෑම නිසාත් දරුවන් වෙනුවෙන් අතිරේක පොත් පත් මිලදී ගැනීමට දෙමාපියන්ට වැඩිපුර මුදලක් දැරීමට සිදුවී ඇත. ඊට  සාපේක්ෂව Animated Audiobooks සඳහා වැයවන්නේ ඉතා සුළු මුදලකි. තමන්ට ඉඩක් ලැබෙන විටදී කුමන ස්ථානයක සිටියත් Animated Audiobooks කියවීමට තිබෙන හැකියාව තවත් එක වාසියකි. එසේම වර්තමානයේ රට තුළ පවතින අඛණ්ඩ විදුලිකප්පාදුව හේතුවෙන් පොතක් කියවීමට වෙනත් විදුලි ආධාරකයක් වුවමනා වුවත් Animated Audiobooks කියවීමට වෙනත් ආලෝකයක් සෙවිය යුතුවන්නේ නැත. තවද Animated Audiobooks ගෙදර පිරිසක් සමඟ එකට එකතුවී රස විඳිය හැකි නිසා පවුල තුළ බැඳීම වැඩි කිරීමටත් එකිනෙකා අතර අදහස් හුවමාරු කරගැනීමටත් එමඟින් ඉඩ සැලසේ.

 

2105 audiobooks 800 f

ළමුන් මූලික කරගනිමින් නිර්මාණය කරන ලද Animated Audiobooks සඳහා චලන රූපරාමු එකතු කිරීම තුළින් දරුවා ආකර්ෂණය කරගැනීමටත් චිත්තරුප මවාගැනීමට අවශ්‍ය තල්ලුවක් ලබාදීමටත් උත්සහ කර තිබෙනවා. කතාවට හඬ මුසුකිරීමෙන් දරුවන්ගේ ඇහුම්කම්දීමේ පුරුද්ද වැඩි කිරීමටත් පහසුවෙන් කියවීමටත් වෙනත් වැඩිහිටියකුගේ උදව්වක් නොමැතිව තනිවම කතාව අසා රස විඳීමටත් අවස්ථාව ලබාදීමට උත්සහ දරා තිබෙනවා. එසේම සිංහල, ඉංග්‍රීසි, සහ දමිළ වැනි විවිධ භාෂාවන්ගෙන් එකම කතාව ඉදිරිපත් කිරීමෙන් වැඩි ළමා පිරිසක් අතරට මෙම කතා ගෙනයාමට බලාපොරොත්තු වෙනවා. ඉදිරියේදී මෙම කතා චීන බසට ද පරිවර්තනය කිරීමට කටයුතු    කරනවා.

දරුවකුට වුවමනා යහපත් දේ සහ දැනමුතුකම් ඍජුව කියනවට වඩා කතාවක් තුළින් අවබෝධ කරදීමෙන් එය වඩාත් හොඳින් ඔවුන්ගේ සිතට කාවැද්දිය හැකිය කියා මා විශ්වාස කරනවා. දරුවන්ට වැදගත් වන කරුණු ආශ්‍රයෙන් ඉදිරියේදී තවතවත් නිර්මාණ ND Production චැනලය තුළින් එළිදැක්වීමට බලාපොරොත්තු වෙනවා.


දැනට එළිදක්වා ඇති Animated Audiobooks පහත දිගු ඔස්සේ ඔබට නැරඹිය හැකිය.











නත්තලට පොඩ්ඩන්ට තෑග්ගක් !


සබැඳි ලිපි :

නත්තලට පොඩ්ඩන්ට තෑග්ගක් !

දුවා දරුවන් 'වළාකුළු' අතරට ගෙන යන නදී...! - Kids Song (වීඩියෝ )

ආචාර්ය නදී දිසානායක සමඟ පිළිසඳරක්


JW
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...