වල්ලි අම්මා සිය ජීවිතය ම තේ ගස්වලටම උකස් කර ඇති බව වටහා ගන්නට ඇගේ දෑත දෙස බැලීමම ප්‍රමාණවත් විය. කාල වර්ණ ඇගේ සම දැඩි ලෙස වියළි වීම නිසා අළු පැහැයට හැරී සමේ කොරළ හටගෙන තිබිණි. පිටිඅත්ලේ නහර කොතරම් උඩට ඉල්පී තිබුණේදැයි කිවහොත් ගසක අතු මෙන් බෙදී වෙන් වී තිබුණු ඒ නහර ගණන් කිරීමට වුවත් කිසිදු අපහසුවක් නොතිබිණි. දෑතේ ඇඟිලි සහ නියපොතු තේ කහට බැඳී දුඹුරු පැහැ ගැන්වී පැවතියේය. නිතර බුලත් හපයක් කටේ තබාගෙන සිටි ඇගේ දත්වල පැහැය ද ඊට දෙවෙනි නොවිණි. වල්ලි අම්මාට වයස අවුරුදු හතලිහකට වඩා නැත. නමුත් හැටකට ආසන්න පෙනුමක් තිබිණි.
වල්ලි අම්මා සිය ජීවිතය ම තේ ගස්වලටම උකස් කර ඇති බව වටහා ගන්නට ඇගේ දෑත දෙස බැලීමම ප්‍රමාණවත් වියඑවිට තේ ගස් අතර දහදුක් විඳින්නට සිදු නොවනු ඇත. වත්තෙන් එපිටට පය තබා නොතිබූ වල්ලි අම්මා ලස්සන ගෙවල් දැක තිබුණේ පින්තූරවලින් පමණි. එවන් නිවසකට වී වැඩපළ කරමින් මොන දුකක් වින්දත්, එය තේ වත්තක විඳින දුකට වඩා අඩු විය හැකි බව වල්ලි අම්මාට කීවේ වත්තේම වෙනත් එකියකි.
වත්තේ තරුණියන් ට කොළඹ නිවෙස්වල මෙහෙකාර රැකියා සොයා දෙන අතරමැදියෙකු වත්තේ ම සිටියේය.
ඇය තේ වත්තේ නැහී ගෙන වැඩ කළේ දරුවන් වෙනුවෙන් ය.උදේ සිට රෑ වනතුරුම මත්පැන් පානය කරමින් වැඩ කරන සුන්දරම් වෙතින් ඇය යම් දෙයක් ලැබුවා නම් ඒ දරුවන් තිදෙනෙකු පමණි. වැඩිමහල් දෙදෙනාම පිරිමි දරුවන්ය. තමන් ගෙවනු ලබන මේ දුක්බර ජීවිතය දරුවන්ට උරුම නොකරන්නට වල්ලි අම්මාට ලොකු වුවමනාවක් තිබිණි. නමුත් ඒ සඳහා ඇයට සුන්දරම්ගෙන් සහයක් ලැබුණේ නැත. පිරිමි දරුවන් ටවුමේ කඩයක වැඩට හෝ යවන්නට ඔවුන්ට අකුරු ලියන්නට කියවන්නට සහ ගණන් සාස්තරය ඉගැන්විය යුතුය. වත්තේ ඉස්කෝලේ පහේ කැලෑසියට යනකල්වත් උගන්වා ගන්නට ලැබුණොත් ඒ ටික කරගන්නට බැරි වෙන්නේ නැතැයි වල්ලි අම්මා විශ්වාස කළාය. ඇය තේ වත්තේ නැහී ගෙන වැඩ කළේ දරුවන් වෙනුවෙන් ය.
''අම්මේ. රාමන්වයි, පෙරුමායිවයි ඉස්කෝලේ යවපං" නමුත් ලොකු කොලුවා වූ පෙරුමාල් ඉගෙනීමට කම්මැලි ය. පොඩි එකාට නං යම් දස්සකමක් ඇතැයි වල්ලි අම්මාට දැනෙයි.
රාමන් පහ සමත් වූ පසු නගරයේ පාසලකට යවන්නට හැකි විය. ඒ වෙනුවෙන් වියපැහැදම් කළේ පෙරුමාල් ය.පෙරුමායි මේ වන විට වයස අවුරුදු දහතුනක පමණ නව යොවුන් තරුණියකි. වත්තේ ඉස්කෝලේ හතර වැනි පන්තියෙන් පසු පාසල් නොගිය පෙරුමායි, වල්ලි අම්මා සමග ඇගේ උදව්වට ගියාය. ඇතැම් දිනක ඇය තනිව නිවසේ රැඳුණේ රෙද්දක් මත ඇඳුමක් තබා කපා අතේ ම මසාගන්නට තරම් යම් හැකියාවක් ඇයට තිබූ නිසා ය.
අත්බෙහෙත්වලින් පලක් නොවූ නිසා වල්ලි අම්මා පෙරුමායි කැටුව වත්තේ ඩිස්පැන්සරියට ගියේ දොස්තර බේත් ටිකක් ගන්නට ය.
හැබැයි ඊට පස්සේ අපි දෙන්නම මේ වත්තෙන් පිට වෙලා කොහේ හරි යමු
වල්ලි අම්මා එහෙමම බිම ඉන්දවිණි.
තොට තිබුණා නේද මාත් එක්ක වත්තේ වැඩට එන්න
තෝ පොලිසියේ මහත්තුරුන්ට සේරම ඇත්ත කියන්න ඕනෙ. තේරුණාද?" වරෙන් යන්න" පෙරුමායි ගේ අතින් ඇදගෙන වල්ලි අම්මා වේගයෙන් යන්නට වූයේ ලැයිම් කාමරයට නොවේ." කොහෙද අම්මේ මේ යන්නේ? අප්පාව මරන්නද? අපි දෙන්නව කූඩුවෙ දායි අම්මෙ" පෙරුමායි බියෙන් තැතිගෙන වෙව්ලන්නට විය." මම ඕකව මරන්නෙ නෑ. හැබැයි උඹට කරපු අපරාදෙට මම ඕකට යහතින් ඉන්න දෙන්නෙත් නෑ. මේ යන්නෙ පොලිසියට. තෝ පොලිසියේ මහත්තුරුන්ට සේරම ඇත්ත කියන්න ඕනෙ. තේරුණාද?"
එදායින් පසු නැවත ඔහු වත්තට ආවේ නැත.සබැඳි ලිපි :
නොරට සිට ආ මුතුන් මිත්තෝ (15) : "සාරායන් ටිකක් නොගහ මේකි එක්ක දීග කෑම නම් බොරු" (ඉන්දු පෙරේරා)
නොරට සිට ආ මුතුන් මිත්තෝ (14) : ඔය මිනිස්සුන්ට මොකටද කරන්ට් එක ? (ඉන්දු පෙරේරා)
නොරට සිට ආ මුතුන් මිත්තෝ (13) : රුපියල් අසූවක දුම්රිය ප්‍රවේශ පත්‍රයකින් ඉන්දියාවට (ඉන්දු පෙරේරා)
නොරට සිට ආ මුතුන් මිත්තෝ (12) : උපන් බිමට හිමිකම් නොලද උපන් බිමේ අසරණයෝ (ඉන්දු පෙරේරා)
නොරට සිට ආ මුතුන් මිත්තෝ (10) : වතුකර දෙමළ ජනතාව ඉන්දියාවට භාර ගැනීමට කැමැත්ත - (ඉන්දු පෙරේරා)
නොරට සිට ආ මුතුන් මිත්තෝ (9) : දෙමළ බෙදුම්වාදයට පාර කැපෙයි - (ඉන්දු පෙරේරා)
නොරට සිට ආ මුතුන් මිත්තෝ (8) : වතු දෙමළ ජනතාවගෙන් ලක්ෂ 8කට පුරවැසිභාවය අහිමියි - (ඉන්දු පෙරේරා)
නොරට සිට ආ මුතුන් මිත්තෝ (7) : දකුණු ඉන්දීය ශ්‍රමිකයන්ට ඩී. එස්. ගෙන් කෙනෙහිලි - (ඉන්දු පෙරේරා)
නොරට සිට ආ මුතුන් මිත්තෝ (6) : අපෙන් බදු මුදල් ! සුද්දන්ගෙන් පාරවල් !! - (ඉන්දු පෙරේරා)
නොරට සිට ආ මුතුන් මිත්තෝ (5) : මාතලේ කුලදෙවියන් පිදූ තැන දේවතාවියක් - (ඉන්දු පෙරේරා)
නොරට සිට ආ මුතුන් මිත්තෝ (4) : සිලෝන් ටී වෙනුවෙන් ඔවුහු දිවි පිදූහ - (ඉන්දු පෙරේරා)
නොරට සිට ආ මුතුන් මිත්තෝ (2): සිංහලයන්ට කටඋත්තර නැති කළ සුද්දෝ (ඉන්දු පෙරේරා)
නොරට සිට ආ මුතුන්මිත්තෝ : ලංකාවට කම්කරුවන් සොයා ඉන්දියාවේ පෝස්ටර් (ඉන්දු පෙරේරා)



