The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

සැමියා මියගිය අයුරින්ම 16 වසරකට පසුව අවසන් ගමන් ගිය ගුවන් නියමුවරිය

T

The Leader Desk

January 17, 2023 • 9:41 AM

සැමියා මියගිය අයුරින්ම 16 වසරකට පසුව අවසන් ගමන් ගිය ගුවන් නියමුවරිය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ, නේපාලයේ, ජූම්ලා හිදී සිදුවූ ගුවන් අනතුරකින්ය.
  • එම ගුවන් යානය ජූම්ලා ගුවන් තොටුපොළට ගොඩබෑමට සුළු මොහොතක් තිබියදී කඩා වැටුණු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.
  • ඒ අනුව අංජු ඛතිවාඩා 2010 වර්ෂයේදී ගුවන් නියමුවරියක් ලෙස සිය ස්වාමි පුරුෂයා සේවය කළ Yeti එයාර්ලයින්ස් සමාගමට එක්වුවාය.
  • වසර 13ක් ගුවන් නියමුවරියක් ලෙස කටයුතු කළ ඇය ගුවන් පැය 6,400කට ආසන්න කාලයක් සම්පුර්ණ කර ඇති ගුවන් නියමුවරියක් විය.
අකුරු ප්‍රමාණය (Font Size):

ඒ, නේපාලයේ, ජූම්ලා හිදී සිදුවූ ගුවන් අනතුරකින්ය. එවිට ඔහු සේවය කරමින් සිටියේ නේපාලයේ අභ්‍යන්තර ගුවන් මෙහෙයුම් සිදුකරනු ලබන Yeti එයාර්ලයින්ස් සමාගමට අයත් කුඩා මගී ගුවන් යානයකය.

එම ගුවන් යානය ජූම්ලා ගුවන් තොටුපොළට ගොඩබෑමට සුළු මොහොතක් තිබියදී කඩා වැටුණු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.

දීපක් ගේ බිරිඳ වූ අංජු ඛතිවාඩා සිය ස්වාමි පුරුෂයාගේ වියෝවෙන් පසු ලැබුණු වන්දි මුදලෙන් ගුවන් නියමුවරියක් වීමට පුහුණුවීම් ආරම්භ කලේ සිය සැමියාගේ අඩි පාරේ යෑමේ එකම අභිලාෂයෙන්ය.

ඒ අනුව අංජු ඛතිවාඩා 2010 වර්ෂයේදී ගුවන් නියමුවරියක් ලෙස සිය ස්වාමි පුරුෂයා සේවය කළ Yeti එයාර්ලයින්ස් සමාගමට එක්වුවාය.

 medium 2023 01 16 234e6bfbcc

වසර 13ක් ගුවන් නියමුවරියක් ලෙස කටයුතු කළ ඇය ගුවන් පැය 6,400කට ආසන්න කාලයක් සම්පුර්ණ කර ඇති ගුවන් නියමුවරියක් විය.

 

සිය ස්වාමි පුරුෂයාගේ අඩි පාරේ යමින් ගුවනට පෙම් බැඳී අංජු ඛතිවාඩා සිය අවසන් ගමන ද ඔහු මෙන්ම සනිටුහන් කළේ ඊයේ මගීන් 68 දෙනෙකු සමග නේපාලයේ, පොකාහාරා හිදී කඩා වැටුණු ගුවන් යානයේ සිටියදීය.

කෙසේ වුවද මේ දක්වා අංජු ගේ සිරුර සොයා ගැනීමට සහන සේවකයින්ට හැකිවී නොමැතිව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.

" ඇය නිර්භීත ගුවන් නියමුවරියක්. ඕනෑම අභියෝගයක් භාර ගැනීමට ඇය පැකිලෙන්නේ නැහැ. එමෙන්ම අනතුරට පත්වූ ගුවන් යානයේ අංජු ඛතිවාඩා සේවය කරමින් සිට ඇත්තේ උපදේශක ගුවන් නියමුවරියක් ලෙස බවත් එය සමාගමේ නීතිය අනුව බවයි" Yeti ගුවන් සමාගමේ ප්‍රකාශයෙකු සඳහන් කර සිටියේ.

(nethnews.lk)



JW


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...