The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

සාරාවියෝ (16) : කාන්තාවන්ගේ ප්‍රශ්න විසඳන්න පුලුවන් එකම කෙනා කාන්තාව

T

The Leader Desk

February 13, 2023 • 7:49 AM

සාරාවියෝ (16) : කාන්තාවන්ගේ ප්‍රශ්න විසඳන්න පුලුවන් එකම කෙනා කාන්තාව

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සුසිලා බ්‍රියට්‍රිස් කමලාවතී වයස - අවුරුදු 70 අධ්‍යාපන සුදුසුකම්- අ.පො.ස (උ/පෙළ) කලා අංශයෙන්.
  • වෘත්තීය -අවුරුදු 28ක් ග්‍රාම නිලධාරිනියක් ලෙස කටයුතු කිරීම දේශපාලන පවුල් පසුබිම- එක්සත් ජාතික පාක්ෂිකයෙක් විදිහට දේශපාලනය පැමිණ මේ දක්වා මහ නගර සභා මන්ත්‍රීනියක් ලෙස කටයුතු කිරීම නියෝජනය කරන කොට්ඨාශය - කොස්පැලවින්න (රත්නපුර) ඔබ දේශපාලනයට එන්න තීරණය කළේ ඇයි?
  • ඔබ විශ්වාස කරනව ද මේ තියෙන දේශපාලන සංස්කෘතිය ඇතුළෙ කාන්තාවට දේශපාලනය කරන්න ඉඩක් තියෙනව කියලා?
  • ගැහැණිය තවදුරටත් දේශපාලනය ඉගෙන ගත යුතුයි කියල ඔබ හිතනව ද?
අකුරු ප්‍රමාණය (Font Size):

 

biatricසම්පූර්ණ නම - එච්. සුසිලා බ්‍රියට්‍රිස් කමලාවතී

වයස  - අවුරුදු 70

අධ්‍යාපන සුදුසුකම්- අ.පො.ස (උ/පෙළ) කලා අංශයෙන්.

වෘත්තීය -අවුරුදු 28ක් ග්‍රාම නිලධාරිනියක් ලෙස කටයුතු කිරීම

දේශපාලන පවුල් පසුබිම- එක්සත් ජාතික පාක්ෂිකයෙක් විදිහට දේශපාලනය පැමිණ මේ දක්වා මහ නගර සභා මන්ත්‍රීනියක් ලෙස කටයුතු කිරීම

නියෝජනය කරන කොට්ඨාශය - කොස්පැලවින්න (රත්නපුර)

 

ඔබ දේශපාලනයට එන්න තීරණය කළේ ඇයි?


අපේ ගම ඉතාම දුෂ්කර තත්ත්වයක තිබුණ නිසා ගමේ සංවර්ධනය සඳහා තමයි මං දේශපාලනය ට ආවේ.
     

ඔබ විශ්වාස කරනව ද මේ තියෙන දේශපාලන සංස්කෘතිය ඇතුළෙ කාන්තාවට දේශපාලනය කරන්න ඉඩක් තියෙනව කියලා?


දැන් ඉඩක් තියෙනවා. ඉස්සර කුස්සිය මුල්ලෙ හිටපු කාන්තාවන් දැන් යමක් කරන්න පුලුවන් තත්ත්වයක ඉන්නෙ.තමන් හරියාකාරව ජීවත්වෙලා,

 

මහජනයා එක්ක ආදරෙන් කටයුතු කරලා, ඔවුන් එක්ක සම්බන්ධ වෙලා වැඩ කළාම කාන්තාවට හුඟක් ඉස්සරහට යන්න පුලුවන්. කාන්තාවන්ගේ ප්‍රශ්න විසඳන්න පුලුවන් එකම කෙනා කාන්තාවක් කියලා මං හිතනවා.

 

ඔබ විශ්වාස කරනව ද කාන්තාව දේශපාලනයේ නියැලිය යුතුයි කියලා?


ඇත්තටම අවශ්‍යයි. මොකද ඒ තුළින් හුඟක් වැඩ කටයුතු කරන්න පුලුවන්.

 

කාන්තාවකට ශක්තිමත් වීමට ඉඩකඩ හදලා දෙන්න පුලුවන් වෙන්නේ කාන්තාවක් හිටියොත් පමණයි. පවුල සම්බන්ධයෙන් වැඩිපුරම සම්බන්ධ වෙන්නෙ කාන්තාව. ලුණු පොල්කට්ටෙ සිට සියළුම දේ සපයන්න, කළමනාකරණය කරන්න පුළුවන් වෙන්නෙ කාන්තාවකට පමණයි. ඒ නිසා රටේ දේශපාලනය සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීමේදී ඇය වඩාත් වැදගත්.

 

ඔබේ දේශපාලන ගමනට රාජ්‍ය හෝ රාජ්‍ය නොවන මට්ටමින් යම් දැනුවත්භාවයක් ලබාදිලා තියෙනව ද?


කාන්තා අයිතිවාසිකම් පිළිබඳ ව දැනුවත් කරලා තියෙනවා. ඒ වගේම දේශපාලනය සම්බන්ධයෙන් දැනුවත්කරන වැඩසටහන් කළා. ඒ වගේම රාජකාරී මට්ටමෙනුත් යම්කිසි දේවල් සංවර්ධනය කරන අයට ඒවා කළමනාකරණය කරගන්නේ කෙසේ ද යන්න පිළිබඳව දැනුවත්වීම් සිදු කළා.


නායකත්ව ගති ලක්ෂණ කියල එළියෙ කතාවෙන දේ පිරිමින්ට හදපු පිරිමි පෞරුෂයක් කියල මම කිව්වොත් ඔබේ අදහස මොකක්ද ඒ ගැන?


පිරිමින්ට වඩා කාන්තාවන් ක්‍රියාවෙන් කරලා පෙන්නුම් කරන දේ තුළ තමයි පෞරුෂත්වය තියෙන්නේ.


ගැහැණිය තවදුරටත් දේශපාලනය ඉගෙන ගත යුතුයි කියල ඔබ හිතනව ද?


ඔව් ඉගෙනගන්න ඕනි. මූලික අයිතිවාසිකම්, රටේ ජීවත්වෙන හැටි, කරන ක්‍රියාවන් ගැන හොඳ දැනුමක් තියෙන්න ඕනි. තව කෙනෙකුගේ යමක් තේරුම් ගැනීමේ හොඳ හැකියාවක් තියෙන්න ඕනි. ඒකට උගත්කම අවශ්‍යයයි. ලියන්න කියවන්න පුලුවන් වුන පමණින් දේශපාලනය කරන්න බෑ. අනිවාර්යයෙන් යම්තාක් දුරකට උගත්කම අවශ්‍ය වෙනවා.


ඔබ දේශපාලනයට සම්බන්ධ වීම ගැන ඔබ සතුටු වෙනවා ද? ඒ ගැන ඔබේ අදහස මොකක් ද?


මම අනිවාර්යයෙන් ම සතුටු වෙනවා. මොකද මම දේශපාලනයට සම්බන්ධ වීම තුළින් අපේ ගම සංවර්ධනය කරගන්න බොහෝ ඉඩකඩ ලැබුණා. ඉතාමත් දුෂ්කර ගමක්ව පැවති අපේ ගම දැන් ඉතා දියුණු නගරයක් බවට පත්වෙලා තියෙනවා. ගෙවල්, පාරවල් ඉතා දියුණු මට්ටමක තියෙනවා දැක්කම මට ලොකු සතුටක් දැනෙනවා. ඉදිරියටත් මම දේශපාලනය කරනවා. ඒ වගේම අළුතෙන් එන අයව දිරිමත් කරලා, ඒ අයට උපරිම සහයෝගය දෙන්නත් මං කැමතියි.

 

Mawbima 

 

සැබැඳි ලිපි
 
 
 
 
 
 
 
 
 

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...