The Leader News
BREAKING
Top Ad
පුවත්

විශ්‍රාමික හමුදා ලොක්කන් 18ක් පුහුණුවකින් පසු අමාත්‍යංශවලට?

T

The Leader Desk

April 2, 2021 • 10:22 AM

විශ්‍රාමික හමුදා ලොක්කන් 18ක් පුහුණුවකින් පසු අමාත්‍යංශවලට?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රජයේ සිවිල් පරිපාලන කටයුතු හා මහජන සම්බන්ධතා පිලිබඳ විශේෂ පුහුණුවක් ලබාදී, අමාත්‍යංශවල අතිරේක ලේකම්වරුන් ලෙස පත් කිරීමට රජය මේවනවිට කටයුතු කරමින් සිටින බව වාර්තාවේ.
  • හිටපු යුධ හමුදාපතිවරයකු වන ජෙනරාල් දයා රත්නායකගේ හා පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රන්ජිත් බණ්ඩාරගේ මෙහෙයවීම යටතේ පැවැත්වෙන මෙම පාඨමාලාවේ ප්‍රධාන උපදේශක හා දේශක ලෙස කටයුතු කරන්නේ ප්‍රකට මාධ්‍ය ආයතනයක ප්‍රධානියෙකු බව පැවසේ.
  • මෙම නිලධාරීන් 18 දෙනා අමාත්‍යංශවල අතිරේක ලේකම්වරුන් ලෙස පත්කිරීමට නියමිතව ඇත්තේ පුහුණුවෙන් පසුවය.
  • ජනාධිපතිවරයා විසින් අමාත්‍යංශ කිහිපයක ලේකම්වරුන් ලෙසත්, දිස්ත්‍රීක් පරිපාලන නිලධාරීන් ලෙසත් හමුදා නිලධාරීන් පත්කර ඇතත් ඔවුන් බොහෝදෙනෙකු සාමාන්‍ය සිවිල් පරිපාලන කටයුතුවලදී අසාර්ථක වී ඇතැයි රාජ්‍ය සේවා කොමිසම් ආරංචි මාර්ග පවසයි.
අකුරු ප්‍රමාණය (Font Size):
රජයේ සිවිල් පරිපාලන කටයුතු හා මහජන සම්බන්ධතා පිලිබඳ විශේෂ පුහුණුවක් ලබාදී, අමාත්‍යංශවල අතිරේක ලේකම්වරුන් ලෙස පත් කිරීමට රජය මේවනවිට කටයුතු කරමින් සිටින බව වාර්තාවේ.
 
අප වෙත වාර්තාවන පරිදි කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රය තුළ සෑම සති අන්තයකම මෙම පුහුණු පාඨමාලාව මේවනවිට පැවැත්වේ.
 
හිටපු යුධ හමුදාපතිවරයකු වන ජෙනරාල් දයා රත්නායකගේ හා පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රන්ජිත් බණ්ඩාරගේ මෙහෙයවීම යටතේ පැවැත්වෙන මෙම පාඨමාලාවේ ප්‍රධාන උපදේශක හා දේශක ලෙස කටයුතු කරන්නේ ප්‍රකට මාධ්‍ය ආයතනයක ප්‍රධානියෙකු බව පැවසේ.
 
මෙම නිලධාරීන් 18 දෙනා අමාත්‍යංශවල අතිරේක ලේකම්වරුන් ලෙස පත්කිරීමට නියමිතව ඇත්තේ පුහුණුවෙන් පසුවය.
 
ජනාධිපතිවරයා විසින් අමාත්‍යංශ කිහිපයක ලේකම්වරුන් ලෙසත්, දිස්ත්‍රීක් පරිපාලන නිලධාරීන් ලෙසත් හමුදා නිලධාරීන් පත්කර ඇතත් ඔවුන් බොහෝදෙනෙකු සාමාන්‍ය සිවිල් පරිපාලන කටයුතුවලදී අසාර්ථක වී ඇතැයි රාජ්‍ය සේවා කොමිසම් ආරංචි මාර්ග පවසයි.
 
රජයේ නිලධාරීන්ගේ සහය මෙම හමුදා නිලධාරීන්ට නොලැබීමට මුලික හේතුවක් ලෙසට හඳුනාගෙන ඇත්තේ, මෙම හමුදා නිලධාරීන් තවදුරටත් හමුදා මානසිකත්වයෙන් යුතුව කටයුතු කිරීමයි.
 
වාර්තාවන පරිදි, ඉදිරියේදී රාජ්‍ය ආයතනවල ඉහල තනතුරුවලට පත්කරන හමුදා නිලධාරීන්ට ජෙනරාල් දයා රත්නායක යටතේ මෙසේ විශේෂ පුහුණුවක් ලබාදීමට තීරණය කර ඇත්තේ, ඔහු ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ලෙස සිවිල් පරිපාලන කටයුතු මෙහෙයවීම සම්බන්ධයෙන් සාර්ථක ප්‍රතිපල අත්කරගෙන තිබීම සැලකිල්ලට ගනිමිනි.
 
මේ සම්බන්ධයෙන් අප කළ  විමසීමක දී මහාචාර්ය රන්ජිත් බණ්ඩාර පැවසුයේ තමන් එවැනි පුහුණු පාඨමාලාවක් ගැන කිසිවක් නොදන්නා බවයි. 
 
 

 


 

THE LEADER TV 
 
 

රට හදන්න එන දේශපාලකයෝ දැන් නෑ - 2025 කැම්පේන් එක පරිසරය? -චන්දන ප්‍රසන්න

 

 

තානාපතිවරු දෙන්නෙකුගේ නම් රිජෙක්ට්! මිලින්දට මොකද වෙන්නේ ?

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

විශ්‍රාමික හමුදා ලොක්කන් 18ක් පුහුණුවකින් පසු අමාත්‍යංශවලට? | The Leader