මීට වසර ගණනකට ඉහත දී වතුකරයේ දෙමළ කම්කරුවෙකු එම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයා හමුවූයේ හැඳුනුම්පතක් හදාගන්නට ය. 1946 වසරේදී ලංකාවේ උපත ලබා තිබූ ඔහුගේ උප්පැන්න සහතිකයද තිබිණි. දෙමළ කතා කිරීම මිස හරිහැටි ලිවීමට කියවීමටවත් දැන නොසිටි ඔහු සිංහල හෝ ඉංග්‍රීසි මළපොතේ අකුරක් දැන සිටියේ නැත. දෙමළෙන් යාන්තමට තම නම ලියා ගැනීමට ඔහුට හැකියාව තිබිණි. ඔහුගේ නම ඔහු දැන සිටියාට උප්පැන්න සහතිකයේ ඉංග්‍රීසි භාෂාවෙන් ලියවී තිබූ කිසිදු අකුරක් ඔහු දැන නොසිටියේය. එම උප්පැන්න සහතිකය අතට ගත් ග්‍රාම නිලධාරීවරයාට තරු පෙනිණි.
ඔහු උප්පැන්නයෙහි තිබූ මෙම නම සංශෝධනය කර හැඳුනුම්පත සාදා දීමට ද පියවර ගත්තේය.
" නම මොකක්ද?" ග්‍රාම නිලධාරීවරයා ඔහුගෙන් විමසීය.
කුණරාජා යනු ගුණරාජා යන්න ය. ඔවුන්ගේ අක්ෂරවල "ග"යන්න නැත. ඒ වෙනුවට "ක" යන්න භාවිතා කරන නිසා ඔවුන් ගුණරාජා යන්න ශබ්ද කරන්නේ කුණරාජා ලෙසිනි. ඔහු ඉපදී තිබුණේ මේ රටට නිදහස ලැබෙන්නට පෙර නිසා මෙම උප්පැන්නය ලියා තිබෙන්නේ ඉංග්‍රීසි ජාතිකයෙකු බව පැහැදිලි ය. එහි ලියා තිබූ ඉංග්‍රීසි අකුරුවලට අනුව ගුණරාජාගේ මුල් නම සිංහල මිනිසුන් බහුලව භාවිතා කරන පරුෂ වචනයකි. නමුත් ඒ බව ගුණරාජා දැන සිටියේ නැත. කෙසේ වුවද ග්‍රාම නිලධාරීවරයාට මේ තැනැත්තා කෙරෙහි දැඩි අනුකම්පාවක් ඇති විය. ඔහු උප්පැන්නයෙහි තිබූ මෙම නම සංශෝධනය කර හැඳුනුම්පත සාදා දීමට ද පියවර ගත්තේය.
සබරගමු පළාතේ කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් පැලන්පිටිය, දේදුගල, උඩුව, නෙළුවක්කන ආදී ප්‍රදේශ ගණනාවක ලොකු, කුඩා තේවතු රාශියක් තිබේ. සබරගමු පළාතේ කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් පැලන්පිටිය, දේදුගල, උඩුව, නෙළුවක්කන ආදී ප්‍රදේශ ගණනාවක ලොකු, කුඩා තේවතු රාශියක් තිබේ. මේවා බොහොමයක් පෞද්ගලික තේ වතු ය. ඊට අමතරව ගලමුදුන එස්ටේට්, හල්ගොල්ල එස්ටේට්, නාගොල්ල එස්ටේට්, ඇදුරාපොළ එස්ටේට්, ඌරුමීවල එස්ටේට් ආදී වශයෙන් වතු සමාගම්වලට අයත් වතුයායවල්ද මේ ප්‍රදේශවල තිබේ. තේ වගාව සේම, රබර් වගාව ද මෙහි පවතින අතර මේ වතුවල කම්කරු රැකියා කරන අයගෙන් වැඩිම පිරිසක් ඉන්දීය වතු කම්කරුවෝ ය. දොලොස්බාගෙ කඳු පෙනෙන ඉසව්වේ පිහිටි මේ ප්‍රදේශ ද ඉතාමත්ම සුන්දර ය, සොබා සෞන්දර්යයෙන් අනූන ය. මේවායෙහි ද ඉන්දීය කම්කරුවන් පදිංචි වී සිටින්නේ විශාල වතුයායන්හි තනා ඇති ලැයිම් ගෙවල්වල ය.
දොලොස්බාගෙ කඳු පෙනෙන ඉසව්වේ පිහිටි මේ ප්‍රදේශ ද ඉතාමත්ම සුන්දර ය, සොබා සෞන්දර්යයෙන් අනූන ය.
තරුණයන් රැකියාව ලෙස තෝරාගෙන තිබෙන්නේ ටවුමේ ත්‍රිරෝද රථයක් තබාගෙන කුළී හයර් කිරීම යකෙසේ වුව ඉහතද සඳහන් කළ පරිදි අලුත් පරම්පරාව තමාගේ දෙමාපියන් සහ මුතුන් මිත්තන් සැමදා සිදුකළ තේ වතුවල රාජකාරීවලට කැමැත්තක් දක්වන්නේ නැත. සමහර තරුණයන් රැකියාව ලෙස තෝරාගෙන තිබෙන්නේ ටවුමේ ත්‍රිරෝද රථයක් තබාගෙන කුළී හයර් කිරීම ය. ඇඟලුම් කම්හල්වල සේවයට තරුණියෝ විශාල වශයෙන් ඇදෙති. අම්පාගල ග්‍රාම නිලධාරී වසමේ ග්‍රාම නිලධාරීවරයා ලෙස කටයුතු කරන කාංචන එදිරිසිංහ මහතා මා සමඟ පවසා සිටියේ සතියට දින තුනක් වශයෙන් යෙදෙන ග්‍රාම නිලධාරී කාර්යාලයේ මහජන දිනවල දී නොවැරදීම මෙලෙස ඇඟලුම් කම්හල් රැකියා, හෝටල් සහ වෙනත් වෙළඳසැල්වල රැකියා ඇතුළු නොයෙකුත් සාමාන්‍ය රැකියාවන් සඳහා යාමට ග්‍රාම නිලධාරී සහතිකය ලබා ගැනීම සඳහා බොහෝසෙයින් තරුණ පිරිස් පැමිණෙන බව ය. විශේෂයෙන් මධ්‍යම කඳුකරයේ මෙන් නොව ඌව, සබරගමුව සහ පහතරට ප්‍රදේශවල වතුකරයේ රැකියාවල නියුතු දෙමළ ජනතාව නිතරම එම ප්‍රදේශවල වාසය කරන සිංහල වැසියන් ඇසුරු කරන බැවින් ඔවුන්ට සිංහල භාෂාව කතා කිරීමේ හැකියාව ඇත. එයද මෙලෙසින් පිට පළාත්වල රැකියා සොයා යාමට ඔවුනට බෙහෙවින් උපකාරී වී තිබේ.
ඌව, සබරගමුව සහ පහතරට ප්‍රදේශවල වතුකරයේ රැකියාවල නියුතු දෙමළ ජනතාව නිතරම එම ප්‍රදේශවල වාසය කරන සිංහල වැසියන් ඇසුරු කරන බැවින් ඔවුන්ට සිංහල භාෂාව කතා කිරීමේ හැකියාව ඇත.
මෙවන් දුෂ්කර ජීවිත ගත කරන ඔවුන්ගේ තරුණ දරුවන් ක්‍රමයෙන් ගම්මානවලට සේන්දු වීම අරුමයක් වන්නේ නැත.ඔවුන්ට ලැයිම්වල සෞඛ්‍ය සහ යටිතල පහසුකම් හිඟ ය. බොහෝ වතුවල එක ලැයිම් පේළියකට ඇත්තේ එක් වැසිකිලි පේළියකි. මේ එක් වැසිකිලි පේළියකට ඇත්තේ වැසිකිලි දෙක තුනක් හෝ කිහිපයක් පමණි. මේවායේ පිරිසිදු බවක් නොමැති තරම් ය. ලැයිම් කාමරයට තව කොටසක් හෝ එක්කරගෙන අඩි කිහිපයක්වත් ලොකු කරගන්නට වත්තේ බලධාරීන්ගේ අවසරයක් ද නැත. අධ්‍යාපන පහසුකම් ද අඩු ය. වත්තෙන් පිට පාසලකට යන්නට වුවද බොහෝ දුරක් පයින් යා යුතුවේ. සමහර වතුවල සිට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ඇති දුර කිලෝමීටර් පනහ ඉක්මවන අවස්ථා ද ඇත. මේ දුර යන්නට බස් රථයකට නැග ගැනීම සඳහා ද තවත් කිලෝ මීටර් ගණනාවක් ඔවුන් පයින් ඇවිද යා යුතුවේ. මෙවන් දුෂ්කර ජීවිත ගත කරන ඔවුන්ගේ තරුණ දරුවන් ක්‍රමයෙන් ගම්මානවලට සේන්දු වීම අරුමයක් වන්නේ නැත.
තේ දළු කඩන යන්ත්රයකිසබැඳි ලිපි :
නොරට සිට ආ මුතුන් මිත්තෝ (17) : තුන් වේලට කෑම වෙනුවට බීම (ඉන්දු පෙරේරා)
නොරට සිට ආ මුතුන් මිත්තෝ (16) : "දරුවන් වෙනුවෙන් හීන දුටු වල්ලි අම්මා (ඉන්දු පෙරේරා)
නොරට සිට ආ මුතුන් මිත්තෝ (15) : "සාරායන් ටිකක් නොගහ මේකි එක්ක දීග කෑම නම් බොරු" (ඉන්දු පෙරේරා)
නොරට සිට ආ මුතුන් මිත්තෝ (14) : ඔය මිනිස්සුන්ට මොකටද කරන්ට් එක ? (ඉන්දු පෙරේරා)
නොරට සිට ආ මුතුන් මිත්තෝ (13) : රුපියල් අසූවක දුම්රිය ප්‍රවේශ පත්‍රයකින් ඉන්දියාවට (ඉන්දු පෙරේරා)
නොරට සිට ආ මුතුන් මිත්තෝ (12) : උපන් බිමට හිමිකම් නොලද උපන් බිමේ අසරණයෝ (ඉන්දු පෙරේරා)
නොරට සිට ආ මුතුන් මිත්තෝ (10) : වතුකර දෙමළ ජනතාව ඉන්දියාවට භාර ගැනීමට කැමැත්ත - (ඉන්දු පෙරේරා)
නොරට සිට ආ මුතුන් මිත්තෝ (9) : දෙමළ බෙදුම්වාදයට පාර කැපෙයි - (ඉන්දු පෙරේරා)
නොරට සිට ආ මුතුන් මිත්තෝ (8) : වතු දෙමළ ජනතාවගෙන් ලක්ෂ 8කට පුරවැසිභාවය අහිමියි - (ඉන්දු පෙරේරා)
නොරට සිට ආ මුතුන් මිත්තෝ (7) : දකුණු ඉන්දීය ශ්‍රමිකයන්ට ඩී. එස්. ගෙන් කෙනෙහිලි - (ඉන්දු පෙරේරා)
නොරට සිට ආ මුතුන් මිත්තෝ (6) : අපෙන් බදු මුදල් ! සුද්දන්ගෙන් පාරවල් !! - (ඉන්දු පෙරේරා)
නොරට සිට ආ මුතුන් මිත්තෝ (5) : මාතලේ කුලදෙවියන් පිදූ තැන දේවතාවියක් - (ඉන්දු පෙරේරා)
නොරට සිට ආ මුතුන් මිත්තෝ (4) : සිලෝන් ටී වෙනුවෙන් ඔවුහු දිවි පිදූහ - (ඉන්දු පෙරේරා)
නොරට සිට ආ මුතුන් මිත්තෝ (2): සිංහලයන්ට කටඋත්තර නැති කළ සුද්දෝ (ඉන්දු පෙරේරා)
නොරට සිට ආ මුතුන්මිත්තෝ : ලංකාවට කම්කරුවන් සොයා ඉන්දියාවේ පෝස්ටර් (ඉන්දු පෙරේරා)



