The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

මැයි 18 : ජන සංහාරක යුද්ධයේ නොකියූ කතාව - (Leftwin)

T

The Leader Desk

May 18, 2023 • 5:04 AM

මැයි 18 : ජන සංහාරක යුද්ධයේ නොකියූ කතාව - (Leftwin)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • (You have created a thorax but forgotten to put a pulsing heart within it) රසුල් ගම්සතොව් (Rasul Gamzatov) මැයි 18 යනු ලංකාවේ දේශපාලන ඉතිහාසයේ කළු පාටින් සනිටුහන් වන දිනයකි.
  • හෘදය සාක්ෂියක් සහිත මුල්ලවෛක්කාල් ඇතුළු උතුරුකරයේ ජීවත්වන දම්ළ ජනයාට අදටත් සිය මළවුන් සිහි කර පහණක් දැල්වීම මරණීය අත්දැකීමකි.
  • ඔව්හු ජීවත්වීමට ඇති හුදු ආශාව නිසා පමණක් (දකුණ මෙන්) නොව, 'පීඩිත දමිළයා නොසිඳ ගත් නොතිත් අනුරාගී බලය' නිසාම රහසේ පහන් දල්වති.
  • දකුණේත් උතුරේත් සටන්කාමී මළවුන් සිහිකරන්නන්ගේ ඇති උතුරු දකුණු වෙනස ගැන සළකුණු කිරීමට මම දැන් ඩගෙස්තාන ප්‍රගතිශීලී කවියෙකු හා ලේඛකයෙකු වන රසුල් ගම්සතොව් උපුටමි.
අකුරු ප්‍රමාණය (Font Size):

(You have created a thorax but forgotten to put a pulsing heart within it)
රසුල් ගම්සතොව් (Rasul Gamzatov)


මැයි 18 යනු ලංකාවේ දේශපාලන ඉතිහාසයේ කළු පාටින් සනිටුහන් වන දිනයකි.

ඒ සිංහල බෞද්ධ අපරාධකාරී රාජ්‍යයේ මර්දනකාරී උපකරණය වූ රාජපක්ෂ ආණ්ඩුවේ දෙමළ ජන සංහාරක යුද්ධයේ ම්ලේච්ඡ අවසන් හෝරාව සනිටුහන් වන දිනය එදිනට යෙදී තිබීමයි.

පසුගිය දශක හතරකට එහා ගිය කාලය තුළ සමානාත්මතාවය පදනම් කරගත් සාධාරණ හා යුක්ති සහගත සමාජයක් වෙනුවෙන් දකුණේත්, තම ජාතික විමුක්තිය පදනම් කරගත් සමානාත්මතාවය රජයන යුක්ති සහගත සමාජයක් වෙනුවෙන් උතුරේත් දිවිදුන් සටන්කාමී සගයින් සිහි කැඳවා අනුෂ්මරණය කිරීම ජීවත්ව සිටිනවුන් විසින් තමන්ගේ හුදු 'ආචාර ධාර්මික' යුතුකම ඉටුකිරීමක් ලෙස සළකා අවුරුදු පතා කරනු ලැබේ.

නමුත් මේ දශක හතරකට එහා ගිය ඉතිහාසය තුළ තම මළවුන් පිළිබඳ මතකය ස්මරණය කිරීම පවා දකුණට සාපේක්ෂව උතුරට අහිමි කර තිබේ. හෘදය සාක්ෂියක් සහිත මුල්ලවෛක්කාල් ඇතුළු උතුරුකරයේ ජීවත්වන දම්ළ ජනයාට අදටත් සිය මළවුන් සිහි කර පහණක් දැල්වීම මරණීය අත්දැකීමකි. ඔව්හු ජීවත්වීමට ඇති හුදු ආශාව නිසා පමණක් (දකුණ මෙන්) නොව, 'පීඩිත දමිළයා නොසිඳ ගත් නොතිත් අනුරාගී බලය' නිසාම රහසේ පහන් දල්වති.

 

දකුණේත් උතුරේත් සටන්කාමී මළවුන් සිහිකරන්නන්ගේ ඇති උතුරු දකුණු වෙනස ගැන සළකුණු කිරීමට මම දැන් ඩගෙස්තාන ප්‍රගතිශීලී කවියෙකු හා ලේඛකයෙකු වන රසුල් ගම්සතොව් උපුටමි. කොකේසියානු කඳුකරයේ උස් වූ බිම් කඩක පිහිටි භාෂා තිස් හයකට වඩා කතා කරන මිලියන දෙකකට වඩා ජනතාවක් ජීවත් වන ඩගෙස්තානයේ ප්‍රගතිශීලී කවියෙකු හා ලේඛකයෙකු වන රසුල් ගම්සතොව් (Rasul Gamzatov) ගේ ජීවිතය සහ කලාව පිළිබඳ ඔහුගේ එක්තරා ආකාරයක පාපොච්චාරණයක් ලෙස සැළෙකෙන "මගේ ඩගෙස්තානය"(my Daghestan) නම් ඔහුගේ ලියවිල්ලේ තැනක "ඔබට පපුවක් නිර්මාණය කර ඇති නමුත් එය තුළ ස්පන්දන හදවතක් තැබීමට අමතක වී ඇත" යනුවෙන් සඳහන් කිරීම මොන තරම් ගැළපෙන්නේ ද?.

 

ජන සංහාරක යුද්ධයේ අවසන් දින දෙක තුළ එනම්, 2009 මැයි 16 සිට 18 යන දෙදිනකදී රාජ්‍ය  හමුදාවට භාරවීමෙන් පසු අතුරුදහන් කර මරා දැමූ, කුඩා ළමුන් 29 දෙනකු ඇතුළු 293 දෙනකුගේ නාම ලේඛනයක්, රාජ්‍ය හමුදා වෙත භාරවනු ඇසින් දුටුවන්ගේ සාක්‍ෂි මත පදනම්ව 2018 මැයි 14 වැනිදා යාපනයේ දී එළිදක්වන ලදී. ඒ 'සත්‍යය හා යුක්තිය සඳහා ජාත්‍යන්තර ව්‍යාපෘතිය' විසිනි.

2009 මැයි 18 කුරිරු ලෙස අවසන් කළ ඒ ජන සංහාරයේ සත්‍යය අප දැන ගත යුතුය. ඒ අන්කිසිවක් නිසා නොව, ඩගෙස්තාන රසුල් කියන පරිදි පපු කුහරයේ "ස්පන්දන හදවතක්" සහිතව ඇති අතලොස්සක් වන දකුණේ ජීවත්ව සිටින මිනිසුන්ගේ ගොඩට අප අයත් වන බැවිණි.

මේ ජන සංහාරක ඉතිහාසයට අයත් සත්‍යය මතු කර ගැනීමේ උත්සාහයක් ලෙස දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් සමග කළ කතාබහට සවන් දෙන මෙන් මම ඔබෙන් ඉල්ලමි. ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් යනු ඒ සංහාරක ඉතිහාසයේ දෙමළ ජනතා නියෝජිතයෙකු ලෙස සිය ජාතික වගකීම ඉටුකරමින් සිටින 'දමිළයා සතු නොසිඳ ගත් නොතිත් අනුරාගී බලය' වෙනුවෙන් මැදි මැදිහත්කරුවෙකු ලෙස ඒ මොහොතේ කටයුතු කළ ඇසින් දුටු සාක්ෂිකරුවෙකි.


(තිලක් කෝදාගොඩ)
නිදහස් මාධ්‍යවේදී හා
 Leftwin ක්‍රියාකාරික
 
උපුටා ගැනීම - leftwin.com



JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...